Monday 19th of April 2021

English Tamil
Advertiesment


රනිල්ට එරෙහිව ජෝන් දේශපාලනයෙන් සමු ගනී..?


2020-08-22 32349

එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන එකම ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධූරයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ගියොත් තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සේම පක්ෂයේ සියලු කටයුතුවලින් සමු ගන්නේ යැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු වන ජෝන් අමරතුංග මහතා "lankanewsweek" සමග පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේ නැද්ද, ඒ ගැන ඔබේ මතය කුමක්ද සහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නේ කවුරුන්ද යනුවෙන් "lankanewsweek" කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

එහිදී "lankanewsweek" සමග වැඩි දුරටත් අදහස් දැක්වූ ජෝන් අමරතුංග මහතා මෙසේද කීය.

"එතුමා ඉතිං තවම නායකත්වයේ ඉන්නවා නේ...අපි බලමු. අපි වැඩ කර ගෙන යනවා. ඉහළ සිට පහළට පක්ෂයේ පූර්ණ ප්‍රතිසන්ධානයක් විය යුතුයි. ජාතික ලැයිස්තුවේ මුලින්ම තිබෙන්නේ මගේ නම. එක්සත් ජාතික පක්ෂය සම්ප්‍රදායක් ලෙස පැරදුණු අපේක්ෂකයින් පාර්ලිමේන්තු යවන්නේ නැහැ. ජාතික ලැයිස්තුවෙන් නායකතුමා පාර්ලිමේන්තු ගියොත් මම ක්‍රියාකාරී දේශපාලනයෙන් වගේම පක්ෂයේ සියලු කටයුතුවලින් සමු ගන්නවා."   

Advertiesment