රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහාම ඉවත්, වී එම ධූරය සඳහා සම්භාවනීය සිංහල-බෞද්ධ නායකයෙකු වන දේශබන්දු කරූ ජයසූරිය මහතා පත් කළ යුතු යැයි විශ්ව විද්‍යාල ප්‍රජාව ද අවධාරණය කර සිටිති.
එසේ නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට දේශපාලන අනාගතයක් නොමැති බව පෙන්වා දෙන විශ්ව විද්‍යාල ප්‍රජාව, එක්සත් ජාතික පක්ෂයේ දෙදරා ගිය සිංහල-බෞද්ධ පදනම යළි ගොඩනඟා විශ්වසනීය, ගෞරවනීය සහ කෘතවේදී පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යා හැක්කේ සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට පොදුවේ පළි ගත හැකි කරූ ජයසූරිය මහතාට පමණක් බව ද කියා සිටිති.
මේ සම්බන්ධයෙන් ගැඹුරින් සහ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින්, ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ සක්‍රීය සේවයේ නියුතු මහාචාර්ය-ආචාර්යවරුන් පනස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති සුවිශේෂී ලිපිය මෙසේය.
Lanka Newsweek © 2021