Tuesday 1st of December 2020

English Tamil
Advertiesment


මහා සඟ රුවනයි-සරසවි ඇඳුරෝයි කරූ ඉල්ලති


2020-08-21 11591

රනිල්ටයි-රුවන්ටයි විරෝධය

 

එජාපය පොදු ජන උරුමයක් විනා රදළයින්ගේ බූදලයක් නොවේ 

 

රුවන් විජයවර්ධන නිකමෙක් 

 

බෝපිටියේ ධම්මිස්සර-තීනියාවල පාලිත නා හිමිවරුන් ද රනිල්ට අහිමි වෙයි 

 

කෘත්‍යාධිකාරියේ නපුංසක බලය පාවිච්චි නොකරනු 

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සියලු ජාතීන් සහ ආගමිකයින් පිළි ගන්නා සම්භාවනීය සිංහල-බෞද්ධ නායකයෙකු වන දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත භාර දී රනිල් වික්‍රමසිංහ මහතා එම නායකත්වයෙන් ගෞරවාන්විත ලෙස වහාම ඉල්ලා අස් විය යුතු යැයි මහා සංඝ රත්නය, විශ්ව විද්‍යාල ප්‍රජාව සහ එක්සත් ජාතික පාක්ෂිකයින් අවධාරණය කර සිටිති.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින සිය වහලුන්, ලිංගික ශ්‍රමිකයින්, එහෙයියන් සහ හෙංචයියන් අල්ලා ගෙන, ජනමතය නොතකා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැදී සිටීමට සහ තමාගෙන් පසුව එම නායකත්වයට රුවන් විජයවර්ධන මහතා පත් කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා කරන කුමන්ත්‍රණය වහාම නතර කළ යුතු යැයි ද ඔවුහූ කියා කියා සිටිති.

රුවන් විජයවර්ධන මහතා වැනි අතිශය දුර්වල, අදක්ෂ, දැක්මක් සහ වැඩ පිළිවෙළක් නොමැති පුද්ගලයෙකුට එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දී එම පක්ෂය ගොඩනැගිය නොහැකි බව පෙන්වා දෙන එම කණ්ඩායම්, වලව් වාදයට, රදළ වාදයට සහ පවුල් වාදයට එක්සත් ජාතික පක්ෂය යට කිරීමට ඉඩ දිය නොහැකි අතර එම පක්ෂය පොදු ජනයාගේ උරුමයක් විනා පොදු ජනයාගේ සාරය උරා බොන රදළයින්ගේ දේපොළක් නොවන බව ද අවධාරණය කර සිටිති.

මේ සම්බන්ධයෙන් ගැඹුරින් කරුණු දක්වමින්, එක්සත් ජාතික පක්ෂ නායකත්වය දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත භාර දෙන්නැයි මහා නා හිමිවරුන් සහ ජාත්‍යන්තර කීර්තියට පත් විශ්ව විද්‍යාල මහාචාර්ය-ආචාර්යවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ලිඛිත ඉල්ලීම් දෙකක් ද මේ වන විටත් සිදු කර තිබේ.

මේ අතර එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ මහා ලේකම් තීනියාවල පාලිත සහ සභාපති බෝපිටියේ ධම්මිස්සර නා හිමිවරුන් ද අවධාරණය කර සිටින්නේ පොදු ජන මතයට හිස නමා රනිල් වික්‍රමසිංහ මහතා දැන්වත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී එම නායකත්වය සියලු ජාතීන් සහ ආගමිකයින් පිළි ගන්නා සම්භාවනීය සිංහල-බෞද්ධ නායකයෙකු වන දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත භාර දිය යුතු බවය.

මහා සංඝ රත්නය සහ විශ්ව විද්‍යාල ප්‍රජාව සිය අත්සන්වලින්ම යුතුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති එම විශේෂ ලිපි මෙසේය. 

 

 

 

Advertiesment