Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


සමගි බලය සිංහල-බෞද්ධ විරෝධීයි -මහා සඟ රුවන-


2020-08-01 7634

සිංහල බෞද්ධ පදනමක් නැහැ - අන්තවාදයේ තෝතැන්නක් 

 

සිංහල-බෞද්ධයින් අවදියෙන් සිටිය යුතුයි

 

 

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය කියන්නේ සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදී, ආගම්වාදී, මූලධර්මවාදී සහ අන්තවාදී විජාතික බලවේගයක් බව ඉතාම පැහැදිළි යැයි මහා සංඝ රත්නය අවධාරණය කර සිටිති.

ජාතික චින්තනය වෙනුවෙන් සිය ජීවිත කාලය පුරාවටම ක්‍රියා කරමින් සිටින, චින්තන පර්ෂදයේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ සහ කීර්තිමත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සාක්කි සාධක ඇතිව කියා සිටින්නේ ද, සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය යනු සිංහල බෞද්ධ විරෝධී "Born  Again" ක්‍රිස්තියානි රෙජීමයේ ඉත්තෙකු වන අතර එම බලවේගය මූලධර්ම වාදී විජාතික බලවේගයක් බව යැයි ද මහා සංඝ රත්නය පෙන්වා දෙති.

මේ කරුණු තහවුරු කර සිටින සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝ, මහා මැතිවරණයේ දී සිය වටිනා ඡන්දය පාවිච්චි කිරීමේ දී මේ කුප්‍රකට, අදිසි සහ බෞද්ධ විරෝධී බලවේග පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව සැබෑ සිංහල බෞද්ධයින් ඡන්දය පාවිච්චි කිරීමට වග බලා ගත යුතු යැයි අවධාරණය කර සිටිති.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කළ කොළඹ, සේදවත්ත පුරාණ රජ මහා විහරාධිපති සහ එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ජාතික සංවිධායක අඹන්වල ඥානාලෝක නා හිමියෝ මෙසේ පැවසූහ. 

"සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ සිටින්නේ මුස්ලිම්, දෙමළ සහ සිංහල අන්තවාදීන් වගේම මූලධර්ම වාදී "Born  Again" ක්‍රිස්තියානි රෙජීමයේ අතකොලු බව මේ වන විට මුළු රටම දන්නවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය නඩත්තු වන්නේ සහ ඒ අය සිය මහා මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නේ මූලධර්ම වාදී "Born  Again" ක්‍රිස්තියානි රෙජීමයේ සල්ලිවලින් බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබෙනවා.

රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම්, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, පී දිගම්බරන් ඇතුළු එම කඳවුරේ බොහෝ අයට ජාතිවාදී, ආගම්වාදී සහ ත්‍රස්තවාදී චෝදනා එල්ල වී තිබෙන අතර පාඨලී චම්පික රණවක ප්‍රධාන කණ්ඩායම උග්‍ර ජාතිවාදීන් බව කවුරුත් දන්නවා. එමෙන්ම සජිත් ප්‍රේමදාස, ඔහුගේ බිරිය වන ජලනි ප්‍රේමදාස සහ ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිස මූලධර්ම වාදී "Born  Again" ක්‍රිස්තියානි රෙජීමයේ අතකොලු බව මේ වන විට හෙළිදරව් වී තිබෙනවා. 

එහෙම බැලුවාම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය කියන්නේ සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදී, ආගම්වාදී, මූලධර්මවාදී සහ අන්තවාදී විජාතික බලවේගයක් බව ඉතාම පැහැදිළියි.

ජාතික චින්තනය වෙනුවෙන් සිය ජීවිත කාලය පුරාවටම ක්‍රියා කරමින් සිටින, චින්තන පර්ෂදයේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ සහ කීර්තිමත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සාක්කි සාධක ඇතිව කියා සිටින්නේ ද සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය යනු සිංහල බෞද්ධ විරෝධී "Born  Again" ක්‍රිස්තියානි රෙජීමයේ ඉත්තෙකු වන අතර එම බලවේගය මූලධර්ම වාදී විජාතික බලවේගයක් බවයි.

ඒ අනුව මේ භයානක සහ අනතුරුදායක තත්ත්වය සැබෑ සිංහල-බෞද්ධ ජනයා හොඳින් තේරුම් ගත යුතු අතර "Born  Again" ක්‍රිස්තියානියේ ද, ජාතිවාදයේ ද, අගම්වාදයේ ද, අන්තවාදයේ සහ මූලධර්ම වාදයේ ද, අතකොලුවක් වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සිංහල බෞද්ධ විරෝධී සමගි ජන බලවේගය සැබෑ සිංහල-බෞද්ධයින්ගේ අයිතීන්, ආරක්ෂාව සහ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරවී ද කියා බුද්ධිමත් ඔබම තීරණය කළ යුතුයි." 
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment