Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


නවීන් කෙරෙහි විශ්ව විද්‍යාල ප්‍රජාව විශ්වාසය පළ කරති


2020-07-31 7809

දේශපාලන භාවිතය අගයති

 

නවීන් පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ මන්දැයි පහදති

 

වෘත්තීයවේදීන් රැසකුත් ඒ අතර..!

 

 
(සුජිත් මංගල ද සිල්වා)  

 

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ දේශපාලන භාවිතය, දර්ශනය සහ වැඩ පිළිවෙළ පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රජාව සහ වෘත්තීයවේදීහූ විශ්වාසය පළ කර සිටිති.

වෘත්තියෙන් නීතීඥවරයෙකු වන නවින් දිසානායක මහතා බැරිස්ටර්වරයෙකු ද වන අතර මුල්‍ය සහ මුල්‍ය නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකු වන බව පෙන්වා දෙන විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් කියා සිටින්නේ එවැනි උගතුන් සහ බුද්ධිමතුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු නිසා නවීන් දිසානායක මහතා මෙවර මහා මැතිවරණයෙන් නියත ලෙසම පාර්ලිමේන්තුවට තෝරා පත් කිරීමට පියවර ගැනීම නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවගේ වගකීමක් සහ යුතුකමක් වන බවය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ දේශපාලන භූමිකාව සහ ඔහුගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමසුමකට විශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් පිළිතුරු දුන් වයඹ විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ ව්‍යාපාර අධ්‍යන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේ පැවැසීය.

"ජනතාව අද ඉල්ලා සිටින්නේ උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් යුතු පාර්ලිමේන්තුවක්...හැබැයි පාර්ලිමේන්තුවට උගතුන් සහ බුද්ධිමතුන් පමණක්ම ප්‍රමාණවත් නැහැ. පාර්ලිමේන්තු නියෝජිතයින්ට පළපුරුද්ද සහ හැකියාවත් තිබිය යුතුයි. නායකයෙකුගේ උගත්කම සහ බුද්ධිමත්කම සේම ඔහු සතු තරුණ ජවය, හැකියාව, ඍජු බව සහ පළපුරුද්දත් අපට ඉතා වැදගත් බව කිව යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සමග මට පෞද්ගලික සම්බන්ධයක් නොමැති නමුත් මේ ගති ලක්ෂණ ඔහු සතුව තිබෙන බව මගේ පිළිගැනීමයි. එක්සත් ජාතික පක්ෂයට මේ වන විට ඉතිරිව සිටින්නේ එවැනි නායකත්වයක් දිය හැකි සහ නායකත්වය ගෙන ක්‍රියා කළ හැකි සුළුතරයක් පමණක් බව ද කිව යුතුයි.

ඒ වගේම දේශපාලන අනන්‍යතාවයක් තිබෙන එකම පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණයි. දේශපාලන සහ ආර්ථික දර්ශනයක් තිබෙන්නේ එම පක්ෂ දෙකට විතරයි. එමනිසා අප එක්සත් ජාතික පක්ෂය රැක ගත යුතුයි. එසේ කිරීමට නම් ඒ පක්ෂයේ බර කරට ගෙන ඉදිරියට යා හැකි නායකයින් අප රැක ගත යුතුයි.එසේ නම් මේ අලුතින් මතුව ඇති නායකයින් රැක ගත යුතුයි. ඒ වගේම එම නායකයින් නියත ලෙසම පාර්ලිමේන්තුවට යැවීමට පාක්ෂිකයින් ක්‍රියා කළ යුතුයි. එසේ නොවුණොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැති වනවා.

එම නිසා එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ තරඟකාරී නායකත්වයක් තිබිය යුතුයි.එක නායකයෙකු නොව නායකයින් බහුතරයක් නිර්මාණය විය යුතුයි. ඉදිරියේ දී මේ පක්ෂය පුළුල් ලෙස ප්‍රතිසංවිධානය කළ යුතුයි. එහිදී රවී කරුණානායක මහතා ඉදිරියෙන් සිටිනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ අනුව ඔහු එක්ක අත්වැල් අල්ලන් ඉදිරියට යන්න පුළුවන් තරුණ ජවයක්, හැකියාවක්, වැඩ පිළිවෙළක් සහ දර්ශනයක් තිබෙන උගත් බුද්ධිමත් නායකයින් අපට අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයට සිටින්නේ එවැනි නායකයින් අතලොස්සක් පමණක් වන අතර නවීන් දිසානායක මහතාට එහි ඉදිරියෙන්ම සිටින බව කිව යුතුයි. එමනිසා ඔහු රැක ගෙන පාර්ලිමේන්තුවට යළි තෝරා පත් කිරීම එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ වගකීමක් සහ යුතුකමක් වනවා."

මේ කාරණය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් "lankanewsweek" වෙත තවත් විශේෂ ප්‍රකාශයක් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ පැවැසීය.

"ඇත්තටම තරුණ ජවය සහිත උගත්, බුද්ධිමත්, අත්දැකීම් සහිත, පළපුරුද්ද ඇති නැගී එන ජාතික දේශපාලන නායකයින් ගණනාවක් එක්සත් ජාතික පක්ෂයේ දැනටත් සිටිනවා. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ද ඉදිරියෙන්ම සිටින බව විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අපගේ විශ්වාසයයි. ඒ වගේම විශ්ව විද්‍යාල ප්‍රජාවේ ස්ථාවරය වන්නේ නවීන් දිසානායකලා වැනි වෘත්තීය මට්ටමේ සහ මතවාදී තලයේ දේශපාලනඥයින් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවයි.

එමනිසා සිංහල බෞද්ධයෙකු ද වන නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ පමණක් නොව, දේශපාලන පක්ෂයක් පාටක් නොමැති මධ්‍යස්ථ ඡන්ද දායකයින් ද ඇතුළු සියලු දෙනාගේ වගකීම සහ යුතුකම වන බව කිව යුතුයි.  


 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment