Thursday 22nd of October 2020

English Tamil
Advertiesment


සජිත් සංස්කෘතිය කෑවා-රනිල් මහා බැංකුව කෑවා


2020-07-29 3552

එකම විකල්පය "මාලිමාව" පාර්ලිමේන්තුවේ ශක්තිමත් කිරීමයි 

 

රනිල්-සජිත්-මහින්ද එකම අච්චුවේ 

 

සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය දුවන්නේ මධ්‍යම සංස්කෘතියේ සල්ලිවලින්ද..?

 

ජූරිය ඔබයි..!

 
(ඉඳුනිල් පෙරේරා)  

මධ්‍යම සංස්කෘතික අරමුදල හා සම්බන්ධ රුපියල් කෝටී1100ක් වන මූල්‍ය අවභාවිතා සිදු වන විට සංස්කෘතික අමාත්‍යාංශය භාර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා යටතේ බව රටම දන්නා කරුණකි. 2019 නොවැම්බර් ජනාධිපතිවරණය අසන්න මොහොතක මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැන්පතු ගිණුමෙන් කෝටි 40 ක් ද නිදහස් කර ගෙන ඇති බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් වැඩිදුරටත් හෙළි කර ඇත.

මේ වනාහී තනිකරම පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ "Top 10" ගැහිලි අතරටම එකතු වන තවත් සුපිරිම ගැහිල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙම නම් මේ කෝටී 40 මුදල ගියේ කිනම් අයෙකුගේ සාක්කුවට ද..? මේ සල්ලිවලට සිදු වූයේ කුමක්ද..? පසුගිය 2019 ජනාධිපතිවරණයේ සිට අද දක්වාම සජිත් ප්‍රේමදාස පර්ශ්වය සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් විනාශ කරමින් සිටින්නේ රටේ ජනතාවට අයිති මේ සංස්කෘතික අරමුදලේ මුදල්ද යන්න පිළිබඳව ඇති වනුයේද බරපතළ සැකයකි.

මේ මූල්‍ය අවභාවිතාව සජිත් ප්‍රේමදාස මහතාගෙ උපදෙස් මත සිදු කරන ලද්දක් නම් රටේ ආර්ථිකයේ හදවත වන ශ්‍රී ලංකා මහ බැංකු හොරකමේ ප්‍රධාන වග උත්තරුකරු වන රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති වෙනස කුමක්ද..? මොවුන් දෙදෙනාම බරපතළ මූල්‍ය වංචාවන් දෙකකට වග කිව යුතු චූදිතයන් දෙදෙනෙක් නොවේද..? එසේ නම් වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ දූෂිත මූල්‍ය අවභාවිතාවන් වෙනුවෙන් නීතීමය ක්‍රියා මාර්ග නොගන්නේ ඇයි..? මොවුන් මේ තරම් දූෂිතයන් නම් රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ අණ්ඩුවේ සිටී "මහ බැංකු" සහ  "Top 10" හොරුන්ට දඬුවම් දෙන බව පවසා බලය ලබා ගත් රාජපක්ෂ ආණ්ඩුව විසින් මොවුන් තවදුරටත් ආරාක්ෂා කරමින් සුරකින්නේ ඇයි..?

බරපතළ දූෂණ චෝදනාවන් දෙකකටම වග කිව යුතු චූදිතයන් දෙදෙනෙක් විසින් නායකත්වය දෙන "අලියාට" සහ "දුරකථනයට" ඡන්දය ලබා දි ඔවුන්ගෙන් වත්මන් ආණ්ඩුවට එරහිව රටේ ඇත්ත ජනතා ප්‍රශ්න වෙනුවෙන් සටන්කාමී දේශපාලන භාවිතාවක් කිසිසේත්ම බලාපොරොත්තු විය හැකිද..? වංචාව, දූෂණය,නාස්තිය ,සේම ජාතික සම්පත් විකීණීම, රටට අහිතකර ගිවිසුම් අත්සන් කිරීම,රටේ ආර්ථිකය කාබාසිනියා කිරීම,දූෂිතයන් රැකීම, රටේ නිතීය අවභාවිතා කිරීම වැනි සියලුම අංශවලින් රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂලා යන පාර්ශවන් තුනම සිටින්නේ එකම අච්චුවක බව මේ අනුව තවදුරටත් ඔප්පු වී ඇත. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂලා යන මේ එකම අච්චුවේ පර්ශවයන් තුනටම එරහිව විකල්පයක් ලෙස "මාලිමාව" පාර්ලිමේන්තුවේ  ශක්තිමත් කිරීම මේ මොහොතේ ඇති හොඳම දේශපාලන තේරීමක් බවට පත්වන්නේද ඒ නිසාමය. ජූරිය ඔබයි..!

Advertiesment