Monday 21st of September 2020

English Tamil
Advertiesment


සජිත්ම මධ්‍යම සංස්කෘතියෙන් කෝටි 1100ක් ගහපු හැටි මෙන්න


2020-07-30 4931

 

ජනපතිවරණයේ දී ස්ථාවර ගිණුමෙන් කෝටි 40ක් ඇදලා  

 

 

2016 සිට 2019 දක්වා වූ කාල සීමාව කාලය ඇතුළත දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1100ක පමණ මහා පරිමාණ මුල්‍ය වංචාවක් සිදුව සිදුව ඇතැයි එම අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව මගින් පෙන්වා දී ඇත.

2016-2019 දක්වා කාලය ඇතුළත දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීම සඳහා බුද්ධශාසන සහ සංස්කෘතික ආගමික කටයුතු ඇමතිවරයා ලෙස  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළ අතර පිටු 142කින් සමන්විත එම කමිටු වාර්තාවඅඟහරුවාදා (28) අගමැතිවරයා භාර දෙනු ලැබීය.

නියමිත අනුමැතියකින් තොරව තැන්පතු ආපසු ගැනීමේ සහ තැන්පතු පොළී ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608ක් ද,
නිත්‍යානුකුල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවන වැඩසහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක් ද, සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48 ක් ද, පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 2266 ක් ද, අපේ ගම ව්‍යාපෘතියේ දේපොළ පැවරීමේ දී සිදු වූ අලාභය රුපියල් මිලියන 08ක් ද, විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර සහ ප්‍රධාන ලෙස ලබා දුන් රුපියල් මිලියන 2316ක් ද, බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප්-දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක් ද වශයෙන් රුපියල් මිලියන 11059 ක මහා පරිමාණ මුල්‍ය අවභාවිතයක්
සිදුව ඇති බව එම ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් වේ. 

සිදුව ඇති මුල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් සේම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර ඇත. එසේම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් ද නීති විරෝධීව මුදල් නිදහස් කර ගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ගෙන ඇත.

මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කර ගෙන ඇත.

2019 වර්ෂය පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට 2020 නොවැම්බර් මස 15 වෙනි දින අධ්‍යක්ෂක මණ්ඩලයක් කැඳවා ඇති අතර ඊට සාමාජිකයින් 5 ක් සහභාගි වී ඇති නමුත් සහභාගි නොවූ අනෙකුත් සාමාජිකයින්ගේද අත්සන් ලබා ගෙන ඇත. මෙම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ නිත්‍යානුකුලභාවය පිළිබඳව ගැටලු ඇතැයි සඳහන් කරන ත්‍රිපුද්ගල කමිටුව සාමාජික අත්සන් තහවුරු කර ගැනීම සුදුසු බවද අවධාරණය කර ඇත.

 
 
(මව්රට)
Advertiesment