Thursday 25th of April 2024

English Tamil
Advertiesment


සාගලගේ Body Guard කෝළම මෙන්න


2020-07-29 7828

ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ සිරිකොත දී තිර ගත වේ

 

එජාප ජාතික ලැයිස්තුව හොල්මන් කරන සාගලගේ අවතාර 

 

සාගල පාර්ලිමේන්තු රිංගන හැටි පස්සට   

 

 

එක්සත් ජාතික පක්ෂ මහා මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සාගල රත්නායක මහතා 'සිරිකොත' මූලස්ථානය ඇතුළත ඔබමොබ ගමන් කරන්නේ ද ආරක්ෂකයින් පිරිවරා ගෙන බව 'සිරිකොත' අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සාගල රත්නායක මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් තිදෙනෙකු යොදවා තිබෙන අතර සිය ආරක්ෂක බලකා සංචිතයෙන් ඇමති ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු සාගල රත්නායක මහතාගේ ආරක්ෂාව සඳහා මෙසේ අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය.

සාගල රත්නායක මහතා 'සිරිකොත' මූලස්ථානයේ එක කාර්යාල කාමරයක සිට තවත් කාර්යාල කාමරයකට ඇතුළු වන විටත්, ශරීර කෘත්‍ය සිදු කිරීම සඳහා ඔහු වැසිකිළියට යන විට සහ කෑම කන විටත් ඇතුළු සෑම සියලු අවස්ථාවකදීම මෙම ආරක්ෂක නිලධාරීන් ඔහු පිටු පස ආරක්ෂාක වළල්ලක් ආකාරයෙන් යුහුසුළුව ගමන් කරන්නේ ඒ අවට සිටින සේවක සේවිකාවන් එහා මෙහා කරමිනි.

එම ආරක්ෂක නිලධාරීන් මෙසේ ක්‍රියා කරන්නේ සාගල රත්නායක මහතා දී තිබෙන උපදෙස් සහ නියෝග මත වන අතර 'සිරිකොත' සේවක සේවිකාවන්ගේ මහත් හාස්‍යට, උපහාසයට සහ දැඩි පිළිකුලට ලක්ව තිබෙන මෙම සිද්ධිය එම සේවක සේවිකාවන් හඳුන් වන්නේ 'සාගලගේ Body Guard කෝළම' ලෙසය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ අවස්ථාවේදී ද, සාගල රත්නායක මහතා අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි 'අරලිය ගහ මන්දිරයේ' ඔබමොබ ගමන් කළේ ද මේ වගේම ආරක්ෂකයින් පිරිවරා ගෙන පුළුල් ආරක්ෂක වළල්ලක් මධ්‍යයේ වන අතර ඒ දිනවල නම් එම ආරක්ෂක වළල්ලේ ආරක්ෂකයින් විශාල පිරිසක් සිටිනු දක්නට ලැබිණ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ විරෝධය මත සිය නම පක්ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමට සාගල රත්නායක මහතාට නොහැකි වුණත් මහා මැතිවරණයෙන් පසුව ඔහු ජ්‍යෙෂ්ඨයින්ගේ කණින් රිංගා පාර්ලිමේන්තු යන හැටි සහ ඒ වෙනුවෙන් ඔහු ජාතික ලැයිස්තුවට උපක්‍රමිකව  ඇතුළත් කර සිටින හෙංචයියන් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳව 'lankanewsweek' ඉදිරියේ දී හෙළිදරව් කරන්නෙමු.   

Advertiesment