Monday 21st of September 2020

English Tamil
Advertiesment


ආණ්ඩුව දිනුවොත් පාන් වාටියටත් මරා ගන්න වෙයි -කිරිඇල්ල-


2020-07-27 4070

සහන කපලා-නීතිය වල් වැදිලා-ජනතාව අනාථයි -සජිත්-

 

සමගි ජන බලයේ තිරය පිටුපස ඕපදූප  

 

සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම සියලු පක්ෂ අභිභවා මේ වන විට හිනි පෙත්තටම නැග තිබෙන්නේ ඉහළ ජනතා ප්‍රතිචාර සමගිනි. රට පුරා දිනකට රැලි 10 කට ආසන්න සංඛ්‍යාවක් අමතමින් සංචාරය කළ සජිත් යළි කොළඹ ආවේ පසුගිය ඉරිදා රාත්‍රියේ ය. සදුදා කෝට්ටේ කාර්යාලයට ගිය ඔහු කොළඹ දිසා ස.ජ.බ අපේක්ෂකයන් මුණ ගැසී ගැඹුරු සමාලෝචනයක නිරත විය. අවශ්‍ය උපදෙස් ද ඔහු ලබාදුන් අතර එම අවස්ථාවට මද්දුම බණ්ඩාර, තිස්ස හා ඉරාන් ද එක්වූහ.

අනතුරුව ස.ජ.බ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන ගත කිරීම එම කාර්යාලයේදීම සිදු වූවේ චාම් එහෙත් උත්කර්ෂවත් ලෙසය. මහීම් මෙන්ඩිස් හා දයාන් ජයතිලක විද්වතුන් ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ ගැඹුරු දේශන දෙකක් එළි දැක්වූ අතර එම ප්‍රකාශය පිටු 16 ක් පුරා වැදගත් කරුණු 20 කින් සමන්විතය. එය රටේ සහ ලෝකයේ වත්මන් ව්‍යාකූලතාවයට පිළිතුරු සැපයෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් බව ඔවුන්ගේ ස්ථාවරය විය.

එදිනම සවස පිටකෝට්ටේ සෝලිස්හී දි ස.ජ.බ සඟ සමුළුව සජිත්ගේ සහභාගීත්වයෙන් සිදුවූ අතර ඊට හිමිවරු 200කට වැඩි පිරිසක් එක්ව සිටියෝය. හරවත් දේශන කිහිපයකින් පසුව සජිත් ප්‍රමුඛ ස.ජ.බ ට ජය පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කිරීමට ද හිමිවරු ක්‍රියා කළහ.

පසුව සජිත් ප්‍රමුඛ නායකයින් ෂැන්ග්‍රිලා හෝටලයට ගියේ අනුරාධ විමලරත්න සංවිධානය කළ තරුණ වෘත්තික හා ව්‍යාපාරික හමුවටය. එය දේශනවලට වඩා සජිත් සහ සහභාගීවූවන් අතර සංවාදයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක් විය. රටේ සංවර්ධනය ආර්ථික සැලසුම් හා ජනතාවට සහන දෙන අයුරු සජිත් එහිදි විග්‍රහ කළ ආකාරය කාගේත් පැසසුමට ලක්වූහ.

අගහරුවාදා කොළඹින් පිට ගිය සජිත් රත්නපුර ප්‍රචාරක රැලිවලට එක්විය. බදාදා හා බ්‍රහස්පතින්දා ඔහු බදුල්ල දිසාවේ ජනතාව ඇමතීය. සිකුරාදා නුවර දිසාවේත් සෙනසුරාදා මොණරාගල දිස්ත්‍රික්කයේත් රැළි ඇමතු ඔහු එදින රාත්‍රියේ නවාතැන් ගත්තේ කතරගමය. ඊට කලින් රාත්‍රී දෙකේ ඔහු සිටියේ ඇල්ල හා මහනුවරය. එම අවස්ථාවල එහි පැමිණි ඒ ඒ දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග ගැඹුරු සමාලෝචනවලට එක්වූ ඔහු අවශ්‍ය උපදෙස් ද සැපයීය.

"ආණ්ඩුව නීතිය තම ගෝලබාලයන්ට වෙනමම ක්‍රියාත්මක කරනවා. පෞරාණික ස්ථාන මහ රෑ වනසනවා. බඩු මිල අහස උසට නැගලත් යහපාලන රජය ලබා දුන් වැටුප් සහ සියලු සහනත් කපලා තම නොහැකියාව ප්‍රදර්ශනය කරනවා. රටේ ආර්ථිකය මේ අය බාර ගත්තාම හැමදාම සෘණ වෙනවා. දැනුත් වෙලා තියෙන්නේ ඒකයි. ඒත් අපි ආපු ගමන් වැටුප් සහ ඉන්ධන ඇතුළු සියලු සහනත් මසකට 20,000 ගානේත් ලබාදීලා නීති ගරුක හොරකමින් මැරකමින් තොර රටක් හදනවා. සමහරුන්ට වගේ අපිට ජනතාව සමග මිසක් වෙන අය එක්ක ඩීල් නෑ." සජිත් කීවේ ඉහළ ජනතා ප්‍රතිචාර මැදය.

චම්පික, කිරිඇල්ල, රාජිත, තිස්ස, මද්දුම බණ්ඩාර ඇතුළු ස.ජ.බ නායකයන් ද තම දිස්ත්‍රික් මෙන්ම රටපුරා මැතිවරණ මෙහෙයුම කරට ගෙන ඉහළ ජනතා ප්‍රතිචාර සමග ඉදිරියට යන බව පැහැදිලිය.

"පැය දෙකක වැස්සෙන් ගාලු නගරය ඇතුළු දිසාවම යට වුණා. අධි වේගය වේල්ලක් විදියට හැදීම නිසා දිස්ත්‍රික් කිහිපයක් වතුර ටැංකි බවට පත් වෙලා. නුවර අධි වේගයේ 75% ක් කනු උඩ දුවන්න අපි සැලසුම් කළේ ඒ නිසයි. 1971 හා 2001 දී රාජපක්ෂවරු හිටපු ආණ්ඩු මේ රටට සෘණ ආර්ථිකය ගෙනාවා. දැනුත් රට සෘණ ආර්ථිකයකට වැටිලා වුණත් ඒක හංගනවා. මෙයාලා මහ මැතිවරණය දිනුවොත් මිනිස්සුන්ට පාන් වාටියටත් මරා ගන්න වෙන සෘණ ආර්ථිකයක් ඇති වේවි. ඒ වගේම ලෝකය තුළ හුදකලා වේවි." ලක්ෂ්මන් කිරිඇල්ල කියන්නේ එවැන්නකි.

"2012 දී කොළඹ හා කෝට්ටේ පාර්ලිමේන්තුවත් ගං වතුරෙන් යට වුනා. ලෝක බැංකුව මේකට මැදිහත් වෙලා මුදල් ලබා දුන්නා. ඒවා රාජපක්ෂලාගේ ප්‍රාතිහාර්ය නෙවෙයි. ඒත් ඒ සල්ලිවලින් ඔවුන් කළේ උඩින් පෙනෙන පේමන්ට් තැනීම, පාර කාපට් කිරීම, මල් ගස් සිටුවීම, කුණු ඇදීම, ඇවදින මංතීරු වගේ ලේසි වැඩයි. ඒත් අපි අමාරු දේට අත ගැහුවා. වසර 150 ක් පරණ මලප්‍රවාහන පද්ධතිය හා පානීය ජල පයිප්ප ව්‍යාපෘතියට අත ගහලා ඒවා නිවැරදි කළා. කොළඹ ගං වතුර පාලනයට උතුරු කොළඹ හා කොළොන්නාවේ පොම්පාගාර 7 ක් හා වාහනයකට පවා යා හැකි තරම් විශාල ජලය බැසයාමේ උමං මාර්ග පද්ධතියේ 90% ක වැඩ ඉවරයි. අපි ඒ වෙනුවෙන් වෙන් කළ ඉතිරි සල්ලි ටික බංකොලොත් ආණ්ඩුව වෙන වැඩවලට යොදවලා කියලා ආරංචියි. අපි නිවාස සංකීර්ණ රටපුරා හැදුවා. ඒවා නෑදෑයොන්ට නොවෙයි අපි අසරණ මිනිස්සුන්ටයි බෙදුවේ." චම්පික රණවක සිය චතුර කථිකත්වය හරහා ජනතාව ඇමතුවේ එවැනි මතවාද සමගිනි.

Advertiesment