එක්සත් ජාතික පක්ෂය කියන මව් පක්ෂය සහ "සිරිකොත" මහා ගෙදර රකින්න රට පුරා විසිර සිටින ගම් මට්ටමේ සහ බිමට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයින් අද "අලියා" ලකුණ යටතේ එකට ඒකරාශී වෙමින් සිටින්නේ යැයි එක්සත් ජනතා පෙරමුණේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි මහතා "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් අවධාරණය කර සිටියේය.
එක්සත් ජාතික පාක්ෂය දෙකඩ කිරීම ගැන එම පාක්ෂිකයින් සිය චිත්ත අභ්‍යන්තරයේ සඟවා ගෙන සිටින දැඩි වේදනාව, කෝපය සහ ආවේගය දේශපාලන කුණාටුවක් ලෙස 2020.08.05 වැනිදා පුපුරා යනු ඇතැයි පෙන්වා දෙන ආචාර්ය සිරිමසිරි හපුආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ අපරාධය වෙනුවෙන් වන්දිය ගෙවීමට සජිත් ප්‍රේමදාසලාට එදාට සිදු වන බව ද කියා සිටියේය.
මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් අදහස් දැක්වූ එක්සත් ජනතා පෙරමුණේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි මහතා මෙසේද කීය.
"එක්සත් ජාතික පක්ෂය කියන මව් පක්ෂය සහ "සිරිකොත" මහා ගෙදර රකින්න අද රට පුරා විසිර සිටින ගම් මට්ටමේ සහ බිමට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයින් නායක රනිල් වික්‍රමසිංහ සහ "අලියා" ලකුණ යටතේ එකට ඒකරාශී වෙමින් සිටිනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මුළු රටම ආවරණය වන පරිදි අප ගෙන්-ගෙට ගොස් ජනතාව හමුවී කතා කරද්දී, ඒ අය අප සමග කියා සිටින්නේ ඒ අයට රනිල් වික්‍රමසිංහගෙන් හෝ සජිත් ප්‍රේමදාසගෙන් කිසිදු පළක් නොමැති අතර ඒ අය දිවි තිබෙන තුරු සිටින්නේ "අලියා" ලකුණ සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බවයි.
මෙහිදී දේශපාලන වශයෙන් වැදගත් වන්නේ පුද්ගලයා නොව පක්ෂය, ලකුණ සහ ප්‍රතිපත්ති බව පෙන්වා දෙන එම ජනයා රනිල් වික්‍රමසිංහ හෝ වේවා සජිත් ප්‍රේමදාස හෝ වේවා ඔනෑම අයෙකුට දේශපාලන වශයෙන් වටිනාකමක්, පිළි ගැනීමක් සහ ගෞරවයක් මේ ජන සමාජයේ තිබෙනවා නම් ඒ සියල්ල ඒ අයට හිමිව තිබෙන්නේ ඒ අයගේ පවුල නිසා හෝ ඒ අයගේ පුද්ගලික හැකියාවන්, දක්ෂතාවයන් හෝ පුණ්‍ය මහිමය නිසා නොව එක්සත් ජාතික පක්ෂය, "අලියා" ලකුණ සහ එම පක්ෂයේ ප්‍රතිපත්ති නිසා බව ද එම ජනයා පෙන්වා දෙනවා.
මහා කුණාටුවක් ඇති වීමට පෙරත්, එවැනි කුණාටුවක් ඇති වුණාට පසුවත් පරිසරයේ විශාල නිහඬතාවයක් ඇති වන බව අප කවුරුත් දන්නා කාරණයක් බව කිව යුතුයි. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය දෙකඩ කැඩීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් සිටින්නේ දැඩි වේදනාවක්, කෝපයක් සහ ආවේගයක් සිත අභ්‍යන්තරයේ සඟවා ගෙන දැඩි නිහඬතාවයකින් යුතුවයි.
එක්සත් ජාතික පාක්ෂිකයින් සිත අභ්‍යන්තරයේ සඟවා ගෙන සිටින මේ දැඩි වේදනාව, කෝපය සහ ආවේගය දේශපාලන කුණාටුවක් ලෙස පුපුරා යන්නේ 2020.08.05 වැනිදා වන අතර එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ වන්දිය ගෙවීමට සජිත් ප්‍රේමදාසලාට එදාට සිදු වන බව පැහැදිළිව කිව යුතුයි."
Lanka Newsweek © 2021