Tuesday 11th of August 2020

English Tamil
Advertiesment


එජාපයේ සැබෑ මහැදුරන්ට එරෙහිව හොර මහැදුරා ගතු කියලා 


2020-07-22 2465

හොර මහැදුරන්ගේ තිරශ්චීන මානසිකත්වය මෙන්න 

 

රනිල්ගෙන් කැපුණු ආශු චන්නගේ දෙපා ලෙව කයි 

 

සාගල රත්නායක පාවා දෙයි 

 

එජාප නායකයා රනිල් ද, චන්න ද..?

 

 

  (සුජිත් මංගල ද සිල්වා)  


එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන විශ්ව විද්‍යාලවල සක්‍රීය සේවයේ නියුතු සැබෑ මහාචාර්යවරුන්ට එරෙහිව, එම පක්ෂයේම ජාතික ලැයිස්තුව නියෝජනය කරන මහාචාර්ය යැයි කියා ගන්නා ආශු මාරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන චන්න වික්‍රමසිංහ මහතා වෙත ගතු කියා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිස් සමරසිංහ මහතා සමගින්, කොළඹ 05 වැනි පටුමගේ පිහිටි චන්න වික්‍රමසිංහ මහතාගේ නිවසට අඟහරුවාදා (21) රාත්‍රීයේ ගොස් ඇති මහාචාර්ය ආශු මාරසිංහ මහතා, චන්න වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කරමින් කියා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මාධ්‍ය ඒකකය අත්තනෝමතිකව ක්‍රියා කරන බවය.

මේ තත්ත්වය විස්තර කරමින් ආශු මාරසිංහ මහතා, චන්න වික්‍රමසිංහ මහතා සමග වැඩි දුරටත් කියා තිබෙන්නේ, මැතිවරණ මෙහෙයුම් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ශානුක කරුණාරත්න මහතා, කිසිදු පදනමකින්, වගකීමකින් සහ අවබෝධයකින් තොරව විවිධ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් රූපවාහිනි නාළිකාවල දේශපාලන සංවාද සඳහා යොමු කරන අතර මෑතක සිට තමා රූපවහිනී දේශපාලන සංවාද සඳහා යැවීම නතර කර ඇති බවය.

මෙසේ රූපවහිනී නාළිකාවල දේශපාලන සංවාද සඳහා ශානුක කරුණාරත්න මහතා යවන, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එම දේශපාලන වැඩ සටහන් සම්බන්ධයෙන් හෝ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ස්ථාවරය සම්බන්ධ හෝ අවබෝධයක් නොමැති අතර ඒ හේතුවෙන් මේ තත්ත්වය පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට අවාසිදායක වනු ඇති බව ද ඔහු පෙන්වා දී ඇත.

එම නිසා රූපවහිනී දේශපාලන සංවාද සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමා යළි සහභාගී කර වන ලෙසට පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සාගල රත්නායක මහතාට දැනුම් දෙන්නැයි චන්න වික්‍රමසිංහ මහතා හමුවේ බැගෑපත් වී ඇති ආශු මාරසිංහ මහතා, රූපවහිනී වැඩ සටහන් සඳහා කථිකයින් තේරීමේ දී, පෞද්ගලික හිතවත්කම් සහ රුචි අරුචිකම් පසෙක තබා නිසි ක්‍රමවේදයකට අනුව විධිමත් භාවයකින් යුතුව ක්‍රියා කරන ලෙසට ශානුක කරුණාරත්න මහතාට උපදෙස් දෙන්නැයි ද ඉල්ලීමක් කර තිබේ.

මේ සිද්ධිය මත පදනම්ව "lankanewsweek" කණ්ඩායමට උපකල්පනය කිරීමට සිදු වන්නේ මහාචාර්ය ආශු මාරසිංහ සහ සන්දිස් සමරසිංහ යන මහත්වරුන් සිතා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා නොව චන්න වික්‍රමසිංහ මහතා වන බවය. රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කළ යුතු කරුණු ඔහුගේ සොහොයුරා වන චන්න වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කිරීමට මහාචාර්ය ආශු මාරසිංහ සහ සන්දිස් සමරසිංහ යන මහත්වරුන් ක්‍රියා කර ඇත්තේ ඒ නිසා විය හැකිය. 

එමෙන්ම මේ සිද්ධියෙන් පැහැදිළි වන්නේ, නායකයාගේ සහෝදරයාට නොව ඔහුගේ අසූචි අදින්නාට හෝ ගතු කියා සිය වාසිය සලසා ගැනීමට සහ පැවැත්ම තහවුරු කර ගැනීමට අදාළව මහාචාර්ය ආශු මාරසිංහ සහ සන්දිස් සමරසිංහ යන මහත්වරුන්ට තිබෙන අතිශය තිරස්චීන, කාලකන්ණි සහ භයානක මානසිකත්වය වන්නේ යැයි දේශපාලන මනෝ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙවැනි පහත් පුද්ගලයින් සමග එක මඟ ගමන් කිරීමත් මරුවාට අත වැනීමක් බව පෙන්වා දෙන එම දේශපාලන මනෝ විශ්ලේෂකයෝ මේ සිද්ධියෙන් තව දුරටත් පැහැදිළි වන්නේ රටේ කුණු වී ඕජස් ගළන ජාතික දේශපාලන සංස්කෘතියේ තරම යැයි ද පෙන්වා දුන්හ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් "lankanewsweek" තව දුරටත් කළ විමර්ශනවල දී හෙළිදරව් වූයේ, රූපවහිනී දේශපාලන සංවාද සඳහා ඔහු යළි නොයවා, විශ්ව විද්‍යාලවල සක්‍රීය සේවයේ නියුතු සැබෑ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් යවන ලෙසට උපදෙස් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවය. ඔහු එම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව ඉදිරියට ගැනීමේ අරමුණින් සහ ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් එල්ල වී චෝදනා සේම පැමිණිලි සැලකිල්ලට ගෙනය.     

 

Advertiesment