Saturday 24th of October 2020

English Tamil
Advertiesment


ගම්පහින් පාර්ලිමේන්තු යැවිය යුතු තොරතුරු තාක්ෂණවේදියා 


2020-07-19 6698

ආචාර්ය උපාධි දෙකක් ඇති එජාපයේ එකම දේශපාලකයා 

 

කිත්සිරි මංචනායක පාර්ලිමේන්තු යැවිය යුත්තේ ඇයි..?  

 

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙහි කීර්තිමත් වෘත්තිකයෙකු  වන ආචාර්ය කිත්සිරි මංචනායක මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණවේදය හදාරා එංගලන්තයේ වේල්ස් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව සිය පශ්චාත් උපාධිය (MBA) නිම කර ඇමරිකා එක්සත් ජනපදයේ කොළරාඩෝ ප්‍රාන්තයේ ටෙම්ප්ල සරසවියේ සහ පිලිපීනයේ ඇල්ඩර්ස්ගේඩ් සරසවියෙන් ආචාර්‍ය උපාධි දෙකකට (PHD) හිමිකම් කියන විද්වතෙකි.

තවද එතුමා ජාතික, කලාපීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විවිධ තනතුරු උසුළමින් තොරතුරු තාක්ෂණවේද ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක නිරත වන්නෙකි.

එසේම ආචාර්ය කිත්සිරි මංචනායක මහතා  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ (ASOCIO )වත්මන් උපසභාපතිවරයා ද වේ. එසේම දේශීය මෙන්ම අන්තර්ජාතික සංවිධාන රැසක   තොරතුරු තාක්ෂණවේදය පිළිබඳව විශේෂඥයකුයෙකු ලෙසද  රාජ්‍ය සහ පෞද්ගලික අංශ සඳහා උපදේශකයකු වශයෙන් ද ක්‍රියාකාරීව කටයුතු කරමින් මෘදුකාංග නිෂ්පාදකයන්ටද  අතහිත දෙමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙහි උන්නතිය උදෙසා සුවිශාල දායකත්වයක් දක්වමින් සිටියි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ නියෝජනය කරන ආචාර්ය කිත්සිරි මංචනායක මහතා ඕස්ට්‍රේලියානු පරිගණක සංගමයේද ,බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහ ශ්‍රී ලංකා පරිගණක සංගමයේද තනතුරු දරමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නගා සිටුවීමෙහි ලා නිහතමානී දායකත්වයක් දක්වන්නෙකි.

තවදුරටත් ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ව්‍යවසායකයෙකු ලෙස වසර තිහක පමණ  කාලයක් තොරතුරු තාක්ෂණවේදය ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ශක්තිමත් කරමින් ග්‍රාමීය සහ දුෂ්කර පාසල් නගා සිටුවීමටත් ; පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ  උපාධිධාරීන් දහස් ගණනක් බිහි කරමින් ඔවුන්ට දෙස් විදෙස් රැකියා අවස්ථා රැසක් බිහි කරදීමට ඇපකැප වූවෙකි.

වර්ෂ 1992 පමණ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ ආසියාතික රාජ්‍යන් සමඟ ව්‍යාපාරික අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමෙහිලා රාජතාන්ත්‍රික දූතයෙකු ලෙසද කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණවේදය ක්ෂේත්‍රය තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඉමහත් කාර්‍යභාරයක් ඉටු කරමින් සිටී. 

ලංකාවේ පිළිගත් විද්වතෙකු ලෙසත් කීර්තිමත් වෘත්තිකයෙකු ලෙසත් විශාල ජනතා සේවයක් ඉටුකරන එතුමාගේ දේශපාලනික මෙහෙවර ආරම්භ වන්නේ 1997 සිට 2004 දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමිනි.
එසේම 2004 වසරේ සිට තෙවතාවක් පළාත්සභා මැතිවරණයේදී බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් තේරී පත් වූ ආචාර්ය කිත්සිරි මංචනායක මහතා වර්ෂ 2005 මැයි මස සිට අද දක්වා දිවුලපිටිය ආසනයේ ආසන සංවිධායක වශයෙන්ද  කටයුතු කරමින් සිය දේශපාලන ගමන් මඟ තුළ ජනතා සුභසාධනය සඳහා කැප වෙමින් , ගම්පෙරළිය වැනි ව්‍යපෘති හරහා සුවිසල් ජන මෙහෙවරක් සිදු කරන ලදි. තවද එතුමා 1997 වසරේ සිටමේ දක්වා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද නියෝජන කරනු ලබයි.

වසර 17ක් පමණ වූ පරිණත දේශපාලන දැනුමකින් හෙබි ආචාර්ය කිත්සිරි මංචනායක මහතා තොරතුරු තාක්ෂණය පදනම් කර ගනිමින් බුද්ධිමය ආර්ථිකයක් සහිත තිරසාර අනාගතයක්  කරා ගම්පහ ඇතුළු මුලු රටම රැගෙන යාමේ අභිප්‍රායෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් ව සිටී.

උගතුන්-වියතුන්-බුද්ධිමතුන්ගෙන් සපිරි ව්‍යවස්ථාදායකයක් අපේක්ෂා කරන ඔබ, රටේ වග කිව යුතු ඡන්ද දායකයෙකු ලෙස ඔබේ වටිනා මනාපය අපතේ නොයවා ආචාර්ය කිත්සිරි මංචනායක මහතා වැනි උගතුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කළ යුත්තේ එබැවිනි

මහතා වෙනුවෙන් අංක 4 ඉදිරියේ සලකුණු කළ යුත්තේ එබැවිනි

Advertiesment