Thursday 3rd of December 2020

English Tamil
Advertiesment


එජාපයෙන් ඉවත් වුණේ රට වෙනුවෙන් -බෝගොල්ලාගම-


2020-07-09 7139

"රටට අවශ්‍ය ජාතික දේශපාලනයක්"

 

"පක්ෂ දේශපාලනයෙන් රට ගොඩගනු බැහැ" 

 

ජාත්‍යන්තර යුද්ධය මෙහෙය වූ නියමුවා කට අරියි 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

රටත්-ජනතාවත් මුහුණ දී සිටින අභියෝග ජය ගැනීම සඳහා දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සිය පූර්ණ සහයෝගය, දායකත්වය සහ අනුග්‍රහය ලබා දෙන්නේ යැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අවධාරණය කර සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකත්වයෙන් සහ එම පක්ෂයේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස් වූයේ එම ජාතික යුතුකම, වගකීම සහ කාර්ය භාරය ඉටු කිරීමට බව "lankanesweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසූ රෝහිත බෝගොල්ලාගම මහතා රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ සහ ජනතාව ඉල්ලා සිටින්නේ පටු පක්ෂ දේශපාලනයක් නොව ජාතික දේශපාලනයක් යැයි ද පෙන්වා දුන්නේය.

රට-ජනතාව හමුවේ මතුව තිබෙන කාලීන අවශ්‍යතාවය කුමක්ද යන්න පිළිබඳව සියලු දේශපාලන පක්ෂ සහ නායකයින් තේරුම් ගත යුතු කාලය එළැඹ ඇතැයි ද, දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ කල්ලි ලෙස බෙදී එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් රට ගොඩනගා ජනතා අපේක්ෂා ඉටු කළ නොහැකි යැයි ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

කුරිරු එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ යුද්ධය මෙහෙය වූයේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා වන අතර  ඔහු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ද ප්‍රබල කැබිනට් ඇමති ධූර ද, ජනාධිපති මෛත්‍රිපාල  මහතාගේ යහපාලන රජයය යටතේ නැගෙනහිර ආණ්ඩුකාර ධූරය ද හෙබ වී ය.


 

Advertiesment