Thursday 13th of August 2020

English Tamil
Advertiesment


ආණ්ඩුව කැපූ රාජ්‍ය සේව­ක­ දීමනා එජාපය ලබා දෙනවා


2020-07-08 8741

(සුජිත් මංගල ද සිල්වා)

 

එක්සත් ජාතික පෙර­මුණු ආණ්ඩුව ගත් තීර­ණ­යක් අනුව රජයේ සේව­ක­යන්ට 2020 ජන­වාරි මාසයේ දී ලබා­දී­මට නිය­මි­තව තිබී වර්ත­මාන ආණ්ඩුව විසින් ලබා නොදුන් සියලු දීමනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු­වක් යටතේ ලබා­දෙන බව හිටපු අග්‍රා­මාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා පව­සයි. 

වර්ත­මාන ආර්ථික අර්බු­දය ආරම්භ වූයේ කොරෝනා වස­න්ග­තය මෙර­ටට පැමි­ණී­මට පෙර 2020 ජන­වාරි මාසයේ දී බව අව­ධා­ර­ණය කළ රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජන­වාරි මාසයේ රජයේ සේව­ක­යන්ට ගෙවී­මට නිය­මි­තව තිබූ දීමනා ලබා­දී­මට ආණ්ඩුව අපො­හො­සත් වීමෙන් ඒ බව තහ­වුරු වන බව ද පෙන්වා දුන්නේය.

ඔහු මේ බව සඳ­හන් කළේ එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ හෝමා­ගම මැතිවරණ කොට්ඨාශයේ අඟහරුවාදා (07) පැවැති ජන රැලි­යක් අම­ත­මිනි.

එක්සත් ජාතික පක්ෂය මෙවර ජන­ව­ර­මක් ඉල්ලන්නේ ජන­තාව සමඟ සම්මු­ති­යක් ඇති කර ගැනී­මට බව කී රනිල් වික්‍ර­ම­සිංහ මහතා එම සම්මු­තියේ එක් කොට­සක් වනුයේ වර්ත­මාන ආණ්ඩුව විසින් ගෙවීම නතර කළ සියලු දීමනා රජයේ සේව­ක­යන්ට ලබා­දීම බව ද සඳ­හන් කළේය. ජන­තා­වගේ අතට මුදල් ලබාදී ඒවා විය­දම් කිරී­මෙන් රටේ වෙළෙ­ඳාම දියුණු කළ යුතු බව පෙන්වා දෙන රනිල් වික්‍ර­ම­සිංහ මහතා වර්ත­මාන ආණ්ඩුව ජනතාවගේ අතට මුදල් දෙනවා වෙනු­වට රජයේ සේව­ක­යන්ගේ වේත­න­යෙන් නොයෙ­කුත් අර­මු­දල් සඳහා ඔවුන්ගේ කැමැත්ත නොමැ­තිව මුදල් කපා ගැනීම සිදු කරන බවට ද චෝදනා කළේය. 

ගෙවුණු සිංහල සහ දෙමළ අලුත් අවු­රුද්ද ඓති­හා­සික වන බව කී හිටපු අග්‍රා­මා­ත්‍ය­ව­රයා ඉති­හා­සයේ පළ­මු ­ව­රට රජයේ සේව­ක­යන්ට උත්සව අත්ති­කා­රම් මුදල් නොලැ­බුණු වස­රක් වූ බව පැව­සීය. තමා අග්‍රා­මාත්‍ය ධුරය දර­මින් පැවති ආණ්ඩුව යටතේ රජයේ සේව­ක­යන්ගේ වැටුප වසර පහක් ඇතුතුළත සිය­යට 107 කින් වැඩි කළ බව පැවසූ රනිල් වික්‍ර­ම­සිංහ මහතා එසේ වැටුප් වැඩි කළේ ලෝකයේ කුමන රටේ දැයි විමසා සිටි­යේය. එසේම පොලිස් නිල­ධා­රීන්ගේ වැටුප් 40% කින් ද ගත වූ වසර පහ ඇතුළත හමුදා නිල­ධා­රීන්ගේ වැටුප අට වතා­වක් ද වැඩි කළ බව ද සඳ­හන් කළේය. 


 

Advertiesment