Sunday 29th of November 2020

English Tamil
Advertiesment


අලුත් සටනක් ඕනෑ කර තිබේ..!


2020-07-05 2090

අලුතින් සිතනවා හැර ජනතාවට විකල්පයක් නොමැත 

 

"අපි කියන්නේ කුමක්ද..."

 

 
(චතුර සේනාරත්න)


ඒකාධිපති රෙජීමය සහ එම ආණ්ඩුව සේම ඔවුන්ගෙන් පෞද්ගලික වාසි ලබා ගන්නා අතලොස්සක් මහා ප්‍රාග්ධනයක් ආයෝජනය කර විවිධ මාධ්‍ය සංදර්ශන ආදියෙන් සිය හෙළුව වසා ගෙන සිටිය ද, ජලයේ ගිල් වූ රබර් බෝලයක් සේ සත්‍යය උඩට මතු වෙමින් පවතියි.  ඒ අනුවමහින්ද රාජපක්ෂ ප්‍රධාන පවුල් රෙජීමයේ දේශපාලනය දුවන්නේ තනිකරම බොරුවෙන් බව ඔප්පු වී ඇති අතර කරුණා අම්මාන්ගේ ප්‍රකාශයෙන් මොවුන්ගේ දේශප්‍රේමී සළු පිළි සුළි සුළගේ ගසා ගෙන ගියේය.

දියුණු ආර්ථිකයක් ගැන කයිවාරු ආගිය අතක් නැත. බඩු මිල අහසට ඉහළින්ය...ප්‍රජාතන්ත්‍රවාදයේ ගෞරවයට කණ කොකා හඬා අවසන්ය. තැන තැන මළ මිණීය. උද්ඝෝෂණවලටඑළව එළවා පහර දෙති. රාජ්‍ය සේවක සේවිකාවන් තඹ දොයිතුවක්ට මායිම් නොකරයි. පාලකයෝ සිය නොහැකියාව වසා ගැනීමට හන්දි ගානේ රාජ්‍ය සේවයට බැණ වදිති.

දැන්....මද්‍රසා පාසල් ගැන...විල්පත්තුව ගැන...වඳ පෙති ගැන...කතාවක් නැත. කරුණා අම්මාන්ව ජාතික වීරයෙක් කරන ආණ්ඩුව, ජීතාන්තය දක්වා සිර ගත කර සිටින ඌවතැන්නේ සුමන හිමි ගැන කතා කරන්නේ නැත. දැන්...මේ රටේ ජනතාවට කර ගත් වරද තේරුම් ගැනීමට සාක්ෂි ඕනෑ තරම් තිබේ. ජනතාවට තිබෙන්නේ අලුතෙන් හිතන්නටය. ඒ හැර කතාවක් හෝ විකල්පයක් නොමැත. එහෙම නම් අප කියන්නේ කුමක්ද..? බොරුව ආත්මය කර ගත්, දේශපාලයට රුපියල් කෝටි ගණනින් ආයෝජනය කරන අයට, ඕනෑම අසත්‍යයක් සත්‍යය සේ වැපිරිය හැක. එහෙත් යථාර්ථය ඊට වඩා කටුකය. ඊට හොදම නිදසුන ඒකාධිපති පවුල් රෙජීමයේ දේශපාලනයයි.

ඔවුන් මෙරට ජාතිවාදයවැපිරවූ මහ මොළකරුවන්ය. එහෙත් මැතිවරණ කාලයේ දී ජාතික සමගිය ගැන පම්පෝරි ගසති. විෂ බීජ වපුරා බලය ලබා ගෙන, රැවටුණ ජනතාව දෙස බලා තනිව සිනා සෙති. එහෙත්, ඔවුන් ඔටුනු පැළද ගැනීම සඳහා ඇතිරූ විෂ බීජ සමාජයෙන් පහසුවෙන් තුරන් නොවේ.
ගෙවුණු දශක දෙක මුළුල්ලේ රටක් ජාතියක් ලෙස අප අත් විදිමින් සිටින, මේ රටේ අලුත් වර්ගවාදී අළු යට ගිනිවලට හේතුව මෙම පාදඩ දේශපාලනයයි. එහෙත්, මාධ්‍ය සහ තක්කඩි කණ්ඩායම් භාවිත කර සමාජය ඉදිරියේ සුදු චරිත රඟපාන්නට මොවුන් ඉතා දක්ෂය. මොහොමඩ් සහාරාන්ලාට වැටුප් ගෙවීමේ සිට දෙතුන් පැත්තේම අන්තවාදී කල්ලි කණ්ඩායම් පෝෂණය කළේ ඔවුන් බව ජනතාවට අමතක කරවන තරමට ඔවුන්ගේ ප්‍රාග්ධනය බලවත්ය.

 

Advertiesment