Saturday 24th of October 2020

English Tamil
Advertiesment


එජාපයයි-රනිලුයි කුජීත කළ පැන්ෂන් විකියා යළි කරළියට 


2020-07-02 7239

සාගල-විකී-සැන්ඩ්‍රා විරෝධය පුපුරන්න ආසන්නයි 

 

එජාප මැතිවරණ ව්‍යාපාරයට තරුණ තරුණියන්ගේ සහයක් නැහැ 

 

පුපුරා යන්න නියමිත එජාප අළු යට ගිනි මෙන්න 

 

 

එක්සත් ජාතික පාක්ෂ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමීප වීමට පාක්ෂිකයින්ට ඉඩ නොතබමින් ඔහු නිවාස අඩස්සියේ තබා ගෙන පක්ෂය සහ නායකයා කෙරෙහි ජනතා අප්‍රසාදය පෝෂණය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා ද මේ වන විට එක්සත් ජාතික පක්ෂ මහා මැතිවරණ ව්‍යාපාරයට එක්ව සිටියි.

"පැන්ෂන් විකී" සහ "වඳුරා" ලෙස එක්සත් ජාතික පක්ෂයේ තරුණ තරුණියන් විසින් හඳුන් වනු ලබන හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා පක්ෂයේ මහා මැතිවරණ ව්‍යාපාරයට මෙසේ කැඳවනු ලැබ සිටින්නේ එම මැතිවරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු වන සාගල රත්නායක මහතා විසිනි.

එක්සත් ජාතික පාක්ෂ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමීප වීමට පාක්ෂිකයින්ට ඉඩ නොතබමින්, ඔහු නිවාස අඩස්සියේ තබා ගෙන පක්ෂය සහ නායකයා කෙරෙහි ජනතා අප්‍රසාදය පෝෂණය කළ නියමුවන් වන සාගල රත්නායක, හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ සැන්ඩ්‍රා පෙරේරා යන, පාක්ෂිකයින් පිළිකුල් සහ වෛර කරන තුන් කට්ටුව යළිත් මෙසේ පක්ෂය ආක්‍රමණය කිරීමත් සමග එල්ල වෙමින් පවතින උග්‍ර විරෝධය හමුවේ මහා මැතිවරණයේ දී පක්ෂයට මන්ත්‍රී ආසන දහයක්වත් දිනා ගැනීමට නොහැකි වනු ඇතැයි ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.

සාගල රත්නායක, හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ සැන්ඩ්‍රා පෙරේරා යන තුන් කට්ටුව "සිරිකොත" මූලස්ථානයේ උඩු මහලේ පිහිටි වායුසමනය කළ කාමරයකට වී මහා මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන සියලු දෙනාට නියෝග ලබා දෙමින් සිටින අතර, එළියේ සිට බලන කිසිවෙකුට ඇතුළත නොපෙනෙන පරිදි සුදු පැහැති විශේෂිත වීදුරු වර්ගයකින් මේ කාමරය ආවරණය කර ගැනීමට මේ තිදෙනා ක්‍රියා කර තිබීම විශේෂ සිද්ධියකි.

සාගල රත්නායක මහතා කෙරෙහි පාක්ෂිකයින් අතර පවතින පිළිකුල සහ විරෝධය හමුවේ මේ වන විටත් කඩා වැටී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ ව්‍යාපාරය සහ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ ආගමනයත් එක්ක මුළුමනින්ම කඩා වැටී පක්ෂය දේශපාලන වශයෙන් තව තවත් බංකොලොත් සහ අනාථ භාවයට පත් වනු නියත යැයි ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියෝ පෙන්වා දෙති.

එක්සත් ජාතික පාක්ෂිකයින් පිළිකුල් සහ වෛර කරන සාගල රත්නායක සහ හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සමග ජනතාව අතරට ගොස් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සටනක් දෙන්නේ කෙසේදැයි ද ඔවුහූ ප්‍රශ්න කර සිටිති. 

Advertiesment