Tuesday 11th of August 2020

English Tamil
Advertiesment


තවත් වැඩිපුර දවසක් ජීවත් වෙන්න ඔබ කැමති ද?


2020-06-27 1155

තමන්ගෙ ආදරණීයයන් සමග තවත් දවසක් වැඩිපුර ජීවත්වෙන්න ඇත්නම් ඔබ සතුටු නොවේද..?

 

අවුරුදු 2-4 කාලයක ආයුෂ වැඩිකරගත හැකි ක්‍රමයක් නෙදර්ලන්ත හා ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පීරිසක් එක්ව සොයා ගෙන තියෙනවා. ඔවුන් පවසන්නේ හදවත හා රුධිර නාල පණගන්වන ව්‍යායාමවල නිරතුරුවම යෙදෙන පුද්ගලයන්
එසේ නොකරන පුද්ගලයන්ට වඩා අවුරුදු 2-4 ක කාලයක් ජීවත්වන බවයි.  සතියකට දවස් පහක්වත් විනාඩි 30 ගණනේ වේගයෙන් ඇවිදීම, හෙමින් දිවීම හෝ එවැනි වෙනත් ව්‍යයාමයක යෙදීමෙන් හර්දය හා ශරීරයේ බොහෝ මාංශ පේශි ශක්තිමත් වන බවත්,
රුධිරගත සීනි හා කොලෙස්ටරෝල් මට්ටම් පහත වැටෙන බවත් ඔවුන් කියා සිටිනවා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක පළවූ මේ පුවතත් ඔබට වැදගත්වෙයි. සුපිරිබල ආහාර වට්ටෝරුවක් ඉදිරිපත් කරන සඟරාව අළුත් එළවළු, පලතුරු,, කජු , රට කජු, ආමන්ඩ් කොට්ටන්, කළු චොකලට් , සුදුලූනු, යෝගට් සහ මාළු ඊට නම් කරනවා. මින් බොහොමයක ප්‍රති ඔක්සිකාරක සහ ප්‍රතිප්‍රදාහමය ගුණ සහිත ඔමේගා3 මේද අම්ල, තන්තු, හා හර්ද රෝග පිළිකා අධි රුධිර පීඩන ආසාදන වැනි මාරාන්තික රෝග අවදානම පහත හෙළීමට උපකාරීවන රසායන ඇතිබව එය සඳහන් කරනවා.  එනිසා මෙම සුපිරි බල ආහාර ගන්නා කාන්තාවකගේ ජීවිත කාලය අවුරුදු 5කින් ද , පිරිමියකුගේ ජීවිත කාලය අවුරුදු 6 කින්ද දිගු කර ගැන්මට හැකි බව එය කියා සිටිනවා.

අවුරුදු 2- 8 කාලයක් ජීවිතය දිගු කරගන්නට හේතුවන තවත් දෙයක් තමයි දුම් පානයෙන් වැළකීම. එයින් ඔබේ තරුණ පෙනුම වැඩිවී පෙනේවි. මහජන සෞඛ්‍යය පිළිබඳ අමෙරිකානු සඟරාව කියා සිටින්නේ වයස 35 ට පෙර දුම්පානයෙන් වැළකීම අරඹන්නේ නම් අවුරුදු 6-8 කාලයක් වැඩිපුර ජීවත්වන්නට හැකි වන බවයි. තරබාරු බව රුධිරගත සීනි කොලෙස්ටරෝල් වැඩිකරන , පිළිකා ආඝාත අධිරුධිර පීඩන හර්ද රෝග ඇති කරන හේතුවක් ලෙස සැලකෙනවා. අමෙරිකා ජාතික පිළිකා ආයතනය පවසන්නේ තරබාරු බව මරණය ඉක්මන් කිරීමට ඇති ඉඩකඩ 20- 40 කින් වැඩි කරන බවයි. ඔබ උසට සරිලන බරක් තබා ගත හොත් තරබාරුවෙන් නැතිවන්නට තිබූ අවුරුදු 3-4 ක ජීවිත කාලයක් ඉතිරිවේවි.

මොළය හොඳින් වැඩෙහි යෙදවීම එහි සෛල සක්‍රියව හා කාර්‍යක්ෂ්මව තබා ගන්නට හේතුවනවා. ප්‍රහේලිකා විසඳීම බුද්ධි පරීක්ෂණවල නිරත වීම චෙස් හා දාම් වැනි ගෘහස්ත ක්‍රීඩාවල යෙදීම ආදී මානසික ව්‍යායාම අවුරුදු 2-3 කින් ජීවිත දිගු කිරීමටත්  ඇල්ෂයමර් වැනි රෝග වැළක්මටත් හේතුවන බව කැලිපෝර්නියා සරසවියේ මතක හා වයස්ගතවීම පිළිබඳ පර් යේෂණ ආයතනයේ ප්‍රධානියා පළ කරනවා.

දවසට විනාඩි 15ක් වත් හඬ නගා සිනාසීමෙන් හදවත් රෝග වැළැක්මට හා ආයු කාලය දික් කිරීමට හැකිවන බව අමෙරිකා මේරිලන්ඩ් වෛද්‍ය පීඨයේ හර්ද රෝග වැළැක්වීමේ අංශ ප්‍රධානියා කියා සිටිනවා.

දිනකට පැය පහ හයක නින්දක් පමණක් ලබන්නේ නම් එය රුධ්‍ ර ගත සීනි මට්ටම හා රුධිර පීඩන මට්ටම ඉහල යාමට හේතුවන බව බොස්ටන් කාන්තා රෝහලේ කෙරුණු අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.
පැය 8කට නො අඩු කාලයක් සුවසේ නිදා ගැනීමත් ආයුකාලය වැඩිවීමට හේතුවක්. යටත් පිරිසෙයින් පැය 7ක් වත් නිදාගැනීම ඔබට හිතකර වේවි.

අප සෑම විනාඩියකටම 16-18 වාරයක් ආශ්වාස කරනවා. මෙම වාර ගණන 10ක් වනසේ ගැඹුරට ආශ්වාස කරන්නේ නම් එය විනාඩි 15ක් පවත්වාගන්නේ නම් සෞඛ්‍යයට හිතකරයි .
මෙය දිගටම කරගෙන යන්නේ නම් එය හදවත් රෝග හා වෙනත් අවදානම් අඩු කර දීර්ඝායුෂ ලබා දෙන සාධකයක් වනු ඇතැයි අමෙරිකානු වයස්ගතවීම පිළිබඳ ජාතික ආයතනයේ පර්යේෂක ආචාර්ය ඩේවිඩ් පළකරනවා.

 

 
-පුහුල්වැල්ල වෙද අරණ- 
ආරෝග්‍යා පුවත්පත ඇසුරිනි.

 

 

Advertiesment