Tuesday 11th of August 2020

English Tamil
Advertiesment


සමරිසි කෙළියෙන් එජාප මැතිවරණ ව්‍යාපාරය කොට උඩ 


2020-06-17 23281

සාගල කෙරෙහි එජාප පිළිකුලයි-විරෝධයයි උත්සන්න වෙයි

 

අළු යට තවමත් ඇති එජාපය වනසන සමරිසි ගිනි

 

රනිල්ගේ උදාන වාක්‍ය මෙන්න- "සාගලට කියන්න"

 

"ලිංගිකත්වය දේශපාලනයේ දී අභ්‍යාස නොකරනු" -සංඝ රත්නය-   

 

එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ ව්‍යාපාරය සහ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය මේ වන විට මුළුමනින්ම කඩා වැටී එම පක්ෂය දේශපාලන වශයෙන් බංකොලොත් සහ අනාථ භාවයට පත්ව ඇති බව "lankanewsweek" වෙත ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ග 100%ක් තහවුරු කර කියා සිටියි.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ එම පාක්ෂිකයින්ගේ පමණක් නොව සමස්ත ජන සමාජයේම අතිශය පිළිකුලට, උදහසට සහ අවඥාවට ලක්ව සිටින මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා එම පක්ෂයේ මහා මැතිවරණ ව්‍යාපාරයේ නියමුවා ලෙස පත් කර ගැනීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති පියවරය.

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව ගතු කියා, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වසඟයට ගෙන පක්ෂයේ මහා මැතිවරණ ව්‍යාපාරයේ නියමුවා ලෙස පත් වී "සිරිකොත" මූලස්ථානයේ බලය ද මේ වන විට අල්ලා ගෙන මහා මැතිවරණයෙන් පසුව පක්ෂයේ මහා ලේකම් ධූරය ද ලබා ගැනීමට කූට ලෙස සැලසුම් කර සිටින සාගල රත්නායක මහතාට කිසිදු සහයෝගයක් ලබා නොදෙන අතර ඔහුට කිසිවෙකුගේ සහය ද නොමැති බව ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.

මහා මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස සාගල රත්නායක මහතා, ඒ ඒ දිස්ත්‍රික්වල එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ක්‍රියාකාරීන් "සිරිකොත" මූලස්ථානයට කැඳවා ලබා දෙන උපදෙස් ඒ කිසිදු ක්‍රියාකාරිකයෙකු පිළි නොගන්නා අතර අදාළ රැස්වීම් අවසන් වීමෙන් පසුව ඒ සියලු දෙනා පක්ෂ මූලස්ථානයෙන් එළියට බහින්නේ සාගල රත්නායක මහතාට පරුෂ වචනයෙන් බැණ වදිමින්, ඔහු පිළිකුල් කරමින් සහ පක්ෂයට ඔහු කරන විනාශය ගැන ශාප කරමින් බව ද එම තරුණ තරුණියන් පිරිස පෙන්වා දුන්හ.

සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයින් පිළිකුල් කරන, වෛර කරන සහ ප්‍රතික්ෂේප කරන සාගල රත්නායක වැනි පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කර ගෙන ජනතාව අතරට ගොස් ජයග්‍රහණයක් ලැබිය නොහැකි බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැන්වත් තේරුම් නොගැනීම පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ සංසාර ගත දේශපාලන කරුමයක් බව ද ඔවුහූ පෙන්වා දෙති.

අතිශය ජුගුප්සාජනකම කාරණය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු හෝ වේවා, තරුණයෙකු හෝ වේවා, ක්‍රියාකාරිකයෙකු හෝ වේවා ඕනෑම වැදගත් කාරණයක්, අවශ්‍යතාවක් සහ ප්‍රශ්නයක් ගැන රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ දිනවල සාකච්ඡා කළොත්, "ආ..ඒක සාගලට කියන්න..සාගලට කියන්න..." යනුවෙන් කියා ඒ සියලු දෙනා ඔහු විසින් සාගල රත්නායක මහතා වෙත හරවා යැවීම වන බව ද ජාතික යොවුන් පෙරමුණේ එම තරුණ තරුණියෝ "lankanewsweek" සමග පැවසූහ.

එසේ ඔහු වෙත යන සියලු දෙනා යළි පැමිණෙන්නේ සාගල රත්නායක මහතාට පමණක් නොව රනිල් වික්‍රමසිංහ මහතාට ද පරුෂ වචනයෙන් බැණ වදිමින් වන අතර මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂය ජනතාව අතරට ගොස් මහා මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරමින් ජයක් ලබන්නේ කෙසේදැයි ද ඔවුහූ වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියහ.

මේ අතර එක්සත් ජාතික භික්ෂූ පෙරමුණ නියෝජනය කරන ප්‍රබල භික්ෂූන් වහන්සේ නමක් "lankanewsweek" වෙත අවධාරණය කර සිටියේ කිසිදු දේශපාලන නායකයෙකු සමරිසි හෝ වේවා විරුද්ධ ලිංගික හෝ වේවා සිය ස්වභාවික සහ පෞද්ගලික ලිංගික ක්‍රියාකාරකම් පෞද්ගලික ජීවිතයේ දී විනා දේශපාලනයේ දී හෝ රාජකාරියේ දී හෝ අභ්‍යාස නොකළ යුතු අතර යමෙකු එසේ කරන්නේ නම් ඔහුත් ඔහු නායකත්වය ලබා දෙන දේශපාලන ව්‍යාපාරයත් අනුගාමිකයිනුත් පිරිහෙන බවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහා මැතිවරණ මෙහෙයුම් ප්‍රධානීකම භාර ගත්ත ද,ඒ වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට සාගල රත්නායක මහතා මේ වන විටත් අසමත් වී සිටින අතර ඒ හේතුවෙන් ද එම පක්ෂයේ මහා මැතිවරණ ව්‍යාපාරය එකම තැන පල් වෙමින් පවතියි. ඊට හේතු වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට හිතවත් ව්‍යාපාරික ප්‍රජාවගේ පවා සහයක් සාගල රත්නායක මහතාට නොමැති වීමය. අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැති තත්ත්වය හමුවේ සාගල රත්නායක මහතා සියලු දෙනාට දැනුම් දී තිබෙන්නේ මහා මැතිවරණ මෙහෙයුමට අදාළ සියලු කටයුතු ඉතා අවම මුදලකින් සිදු කළ යුතු අතර විශාල මුදලක් වැය වන කිසිවකට කිසිසේත් අත නොගැසිය යුතු බවය. 

  

Advertiesment