(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයේ සුවිසල්ම, තීරණාත්මක සහ ප්‍රබලම වෘත්තීය සමිතය වන ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පත් කරනු ලැබ තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික වතු කම්කරු සංගමයේ සභාපතිවරයා ලෙස නවීන් දිසානායක මහතා පත් කරනු ලැබ ඇති අතර ඔහුගේ සහය පිණිස එම සංගමයේ මහා ලේකම්වරයා වශයෙන් ආර්. යෝගරාජ් මහතා පත්කර තිබේ.
කම්කරු ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තමා කැප වන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස පත් වීමෙන් අනතුරුව නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ය.
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු සහ මහා ලේකම්වරයා ලෙස වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් මීට පෙර කටයුතු කළ අතර ඔවුන් දෙදෙනාම මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සහ "අලියා" ලකුණට විරුද්ධව සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ "දුරකථනය" ලකුණ වෙනුවෙන් පෙනී සිටිති.
Lanka Newsweek © 2021