Thursday 13th of August 2020

English Tamil
Advertiesment


වජිර වගේ Deal කාරයෙකු එක්ක එජාපයට අනාගතයක් නැහැ -මංගල-


2020-06-11 25911

තක්කඩි නිසා රනිල් තනි වෙලා 

 

"lankanewsweek" පුවත ගැන මංගල "theleader" වෙත උත්තරදී ලා

 

වෙබ් අඩවි දෙක පැටලිලා

 

හැබැයි කතාව නම් ඇත්ත..!

 

 
(සුජිත් මංගල ද සිල්වා)  
 

"ඩීල් දේශපාලනය" සිය පැවැත්ම කර ගත් වජිර අබේවර්ධන වැනි පුද්ගලයින්ගේ කුමන්ත්‍රණ නිසා එක්සත් ජාතික පක්ෂයේ සිටින අවංක සහ කාර්ය ශුර පුද්ගලයින්ට මහා මැතිවරණයේදී "සමගි ජන බලවේගය" යටතේ තරඟ කිරීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලනික වශයෙන් තනිවීමට සිදුව ඇතැයි මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

මංගල සමරවීර එබව සඳහන් කළේ, සමගි ජන බලවේගයේ' මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් මංගල සමරවීර මහතා ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බවට වජිර අබේවර්ධන මහතා කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක පළවී ඇති පුවතක් පිළිබඳව "theleader.lk" අනතර් ජාල වෙබ් අඩවිය ඔහුගෙන් කර ඇති විමසුමකට පිළිතුරු ලබා දෙමිනි. 

"සජිත්ගෙන් මංගල කැඩුවේ රනිල්" යන ශීර්ෂය යටතේ "lankanewsweek" හී පල වූ මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් "theleader.lk" වෙබ් අඩවිය වෙත උත්තර ලබා දෙමින් වැඩි දුරටත් අදහස් දක්වා ඇති, මහා මැතිවරණ තරඟයෙන් ඉවත් වූ මංගල සමරවීර මහතා මෙසේද කියා තිබේ. 

''මම මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වෙන්න ගත්ත තීන්දුව හොඳට හිතල බලලා ගත්තු දේශපාලන පියවරක්. ඩීල් දේශපාලනයේ ඔස්තාර්ලට ඒක "ඩීල්" එකක් විදියට පෙනෙන්න පුළුවන්. මම ගත්ත තීන්දුව ජුනි 09 දා ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ල මම ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් වෙන වෙනම හමුවෙලා දැනුම් දීලයි තිබුණේ.

මම එක්සත් ජාතික පක්ෂයට එකතු වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි පැවති විශ්වාසය නිසා. එනිසා මම ගනු ලබන දේශපාලන ස්ථාවරය ඔහුට ද දැනුම් දීම මගේ යුතුකමක් වුණා. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු වුණ වෙලාවේ මගේ දේශපාලන ස්ථාවරය පැහැදිලි කළා මිසක් උපදෙස් ගන්න ගියේ නැහැ. මම ගත්තු තීන්දුවට ඔහුගේ කිසිඳු සම්බන්ධයක් නැහැ.

"මං පොර" වෙන්න දගලන වජිර අබේවර්ධනලා වගේ "ඩීල්කාරයෝ" ඉන්න තුරු එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නම් නැහැ. එක්සත් ජාතික පක්ෂය වැනි ශ්‍රේෂ්ඨ පක්ෂයක් මේ වගේ තක්කඩියන්ගේ නවාතැන් පොළක් වී තිබීම ගැන මම ඇත්තටම කණගාටු වෙනවා''

Advertiesment