Tuesday 4th of August 2020

English Tamil
Advertiesment


සජිත්ගෙන් මංගලව කැඩුවේ රනිල් -වජිර-


2020-06-11 31706

"lankanewsweek" හෙළිදරව්ව එජාපය පිළි ගනී 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

මුදල් සහ ජනමාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ එම දේශපාලන ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි ජන ජන බලවේගයේ නායකයන් දැන සිටියේ නැතැයි ද වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙම දේශපාලන ක්‍රියාදාමය නිසා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව ද, දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එමගින් සුවිසල් බලපෑමක් වූ බව ද පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත ශ්‍රී ලාංකික ජනතාවට දැක ගැනීමට හැකි වනු ඇතැයි ද වැඩි දුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ දේශපාලන ක්‍රියාදාමය "සජිත්ගේ සමගියේ 15ක් රනිල්ගේ එජාපය එක්ක රහස් කතා" යන ශීර්ෂය යටතේ 2020.04.22 වැනිදා සහ "මංගල සජිත්ව අනාථ කළ හේතුව මෙන්න" යන ශීර්ෂය යටතේ 2020.06.10 වැනිදා රටට සවිස්තරාත්මකව මුලින්ම හෙළිදරව් කර සිටියේ "lankanewsweek" වෙබ් අඩවිය වන අතර ඒ අනුව අපට වජිර අබේවර්ධන මහතාට කියා සිටීමට ඇත්තේ සමගි ජන බලවේගයේ නායකයින් මේ ගැන නොදැන සිටියත් "lankanewsweek" මේ ගැන මුල සිටම දැන සිටී බවය. 
 

Advertiesment