Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


මංගල සජිත්ව අනාථ කළ හේතුව මෙන්න


2020-06-10 8069

රනිල්ට බැහැ කිව්ව මංගලට රනිල් නැතුව බැහැලු

 

සජිත් අතහැර රනිල් එක්ක එන අය දන්නවාද..?

 

විපක්ෂ නායක සජිත් නොවෙයි රනිල් 

 

පාඨලීගේ කුමන්ත්‍රණය මාට්ටු 

 

"lankanewsweek" තවත් අනාවැකියක් තහවුරුයි

 

 

 
(සුජිත් මංගල ද සිල්වා)   

 

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායක මංගල සමරවීර මහතා මහා මැතිවරණ තරඟයෙන් ඉවත් වී තිබෙන්නේ, ඔහු මලික් සමරවික්‍රම මහතා ද සමගින් එක්ව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ගෙවුණු වකවානුවේ දී කළ දීර්ඝ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.

ඉදිරි දේශපාලන ඉලක්ක, අරමුණු සහ න්‍යාය පත්‍රය පිළිබඳව මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්, රනිල් වික්‍රමසිංහ මහතා සමග දුරකථන මාර්ග ඔස්සේ කලක් මුළුල්ලේ ගෙන යමින් සිටී මෙම රහස් සාකච්ඡාව "සජිත්ගේ සමගියේ 15ක් රනිල්ගේ එජාපය එක්ක රහස් කතා" යන ශීර්ෂය යටතේ 2020.04.22 වැනිදා රට හමුවේ මුලින්ම හෙළිදරව් කර සිටියේ "lankanewsweek" අන්තර් ජාල වෙබ් අඩවිය වේ.

මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග ගෙන යන මෙම දුරකථන සංවාදය පිළිබඳව තොරතුරු ලැබුණු විගස ඒ බව තහවුරු කර ගැනීම සඳහා "lankanewsweek" මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් ඒ ගැන 2020.05.19 සහ 2020.05.27 යන දිනයන්හී දුරකථන මාර්ගයෙන් කරුණු විමසූ අතර ඔහු ද එම ආරංචිය තහවුරු කර සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය සමීප පුද්ගලයෙකු ද "lankanewsweek" සමග හෙළිදරව් කර සිටියේ මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් ගෙන යමින් සිටින අතර "lankanewsweek" හෙළිදරව් කර ඇති ආකාරයටම මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පහළොස් දෙනෙකු මහා මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමග යළි එකතුවීමට සූදානමින් සිටින බවය.

මහා මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමග යළි එකතු වනු ඇති පිරිස වන්නේ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරාල, දොස්තර කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, මුජිබර් රහුමාන්, හේෂා විතානගේ, විජයපාල හෙට්ටිආරච්චි, ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, චමින්ද විජේසිරි සහ රෝහිණී කවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් බවට මෙම දුරකථන සංවාදවලදී කරුණු මතු විය.

මහා මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට යළි එකතු වන මේ පිරිස අලුත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගනු ඇති අතර ඊට ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද සහය හිමි වනු ඇත. මහා මැතිවරණයෙන් පසුව තමා නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වන බව පළමු වතාවට ඉඟි කරමින් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයේ නිලධාරියෙකු සමග මීට සති කිහිපයකට පෙර කියා සිටියේ  "මහා මැතිවරණයෙන් පස්සේ අපි විපක්ෂ නායක කාර්යාලයට යනවා නේ...ඊට පස්සේ මේ ප්‍රශ්න ඉවරයි..." යනුවෙනි.

මේ අතර මංගල සමරවීර මහතා සහ ඔහුගේ අභ්‍යන්තර කවය (INNER CIRCLE) මුල සිටම දැරූ ස්ථාවරය වන්නේ සියලු දෙනාම එකට ඒකරාශී කර ගෙන ඉදිරියට යා හැක්කේ එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ මහතා යටතේ බවය. මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් ප්‍රධාන කණ්ඩායම මෙම දේශපාලන ස්ථාවරයට පැමිණ ඇත්තේ තමා සැබෑ නායකයෙකු නොවන බව සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම ඔප්පු කරමින් සිටීම සහ සජිත් ප්‍රේමදාස මහතා 2023 වන විට දේශපාලනයෙන් පන්නා සමගි ජන බලවේගයේ බලය අල්ලා ගෙන 2025 දී ජනාධිපති පොදු අපේක්ෂකයා වීමට පාඨලී චම්පික රණවක මහතා කළ කුමන්ත්‍රණය හෙළිදරව් වීමත් සමගය.

මේ කුමන්ත්‍රණය සියලු සාක්කි සාධක සහිතව "lankanewsweek" ඉදිරියේ දී හෙළිදරව් කරන අතර 2025 දී ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස පාඨලී චම්පික රණවක මහතා කරළියට පැමිණීම සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන මංගල සමරවීර මහතා කිසිසේත් අනුමත නොකරන බව "lankanewsweek" අපි සියයට සියයක් තහවුරු කර කියා සිටින්නේ සාක්කි සාධක ඇතිවය.

මංගල සමරවීර මහතාගේ භූමිකාවේ අලුත්ම තත්ත්වය පිළිබඳව "lankanewsweek" ගෙවුණු දෙසතිය මුළුල්ලේ කළ කරුණු සොයා බැලීම්වලදී හෙළිදරව් වූයේ සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් ඔහු දේශපාලන වශයෙන් අතිශය කලකිරීමට පත්ව සිටින නමුත් මේ මොහොතේ ඔහු රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිළිව සිටින බවය.

සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මහා මැතිවරණ සටනින් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය ද පාඨලී චම්පික රණවක මහතාගේ කූට දේශපාලන අරමුණ ද සුනුවිසුනු කරමින් මංගල සමරවීර මහතා නිකුත් කළ ආන්දෝලනාත්මක නිවේදනය මෙසේය. 

 

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment