Sunday 29th of November 2020

English Tamil
Advertiesment


එජාපය වැනසූ සියල්ලන් ජීවිතයෙන් වන්දි ගෙව්වා -වජිර-


2020-06-06 22931

ජාතියේ පියා එජාපය ගොඩනැගුවේ ආගමක් ලෙසයි

 

එජාප ආණ්ඩුව බන්දේසියේ තබා ජනපතිට දුන්නේ සජිත් 

 

ජනපති පදවි ප්‍රාප්තියට ගියේ 19 ට අනුවයි

 

ආර්ථික වසංගතයට උත්තර ඇත්තේ එජාපයටයි-රනිල්ටයි විතරයි 

 

රටත් එක්ක එජාපය පටු දේශපාලනය කරන්නේ නැහැ 

 

 

එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට කුමන්ත්‍රණය කළ සියලු නායකයින්ට සිද්ධ වූයේ එම පාප කර්මය වෙනුවෙන් සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට බව දේශපාලන ඉතිහාසය ඔප්පු කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි.

මව්බිමේ නිදහස, උරුමය සහ සංවර්ධනය වෙනුවෙන් පමණක් නොව ජාතික සමගිය ඇතුළු උත්තරීතර ජාතික, දේශපාලනික, සමාජ, සංස්කෘතික සහ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා ගණ පිහිටුවා ප්‍රබල නැකතකින් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට වෛරයෙන් යුතුව ක්‍රියා කරන සියලු දෙනා මේ ඉතිහාසය හොඳින් තේරුම් ගත යුතුව ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තා යැයි කියා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳ වැටුණේ නැතැයි ද, 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඒ වන විටත් ශක්තිමත්ව පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කඩාකප්පල් කර එම ආණ්ඩු බලය බන්දේසියේ තබා අභිනව ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කළේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කණ්ඩායම යැයි ද ඔහු චෝදනා කර සිටියි.

අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වූයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව සිදු වන්නා වූ නිල සහ සම්ප්‍රදායානුකූල රාජකාරියක් ලෙස යැයි ද වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි. 

 

Advertiesment