Thursday 1st of October 2020

English Tamil
Advertiesment


අකිල එජාප ව්‍යවස්ථාව පවා නොදන්නා බව හෙළි වෙයි 


2020-05-27 7460

ව්‍යවස්ථාවේ නොමැති අපභ්‍රංශවලින් සජිත්ට අභියෝග කරයි

 

ව්‍යවස්ථාව නොදන්නා අකිල සජිත්ලාව එජාපයෙන් එළවන්නේ කෙසේද..?

 

වගකීමක් නොමැති අකිල එජාප මහා ලේකම්කමින් පහ කරනු

 

    

 

නීතීඥයෙකු යැයි කියා කියා ගන්නා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ ව්‍යවස්ථාව සහ එහි තිබෙන අතිශය වැදගත් සේම තීරණාත්මක වගන්ති පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බව මේ වන විට හෙළිදරව් වී තිබේ.
 
ඒ බව හෙළිදරව් වී තිබෙන්නේ "පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳ" යන ශීර්ෂය යටතේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කණ්ඩායමට අභියෝග කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිය අත්සනින් යුතුව බදාදා (27) නිකුත් කර තිබෙන අතිශය දෝෂ සහිත විශේෂ මාධ්‍ය නිවේදනය මගිනි.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 3 (C) සහ 3 (H) යනුවෙන් වගන්ති දෙකක් තිබෙන අතර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කණ්ඩායම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යන්නේ එම වගන්ති යටතේ බව එම පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිය නිවේදනය මගින් කියා සිටින නමුත් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ එවැනි වගන්ති දෙකක් ඇතුළත් නොවේ. 

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ඔහුගේ කණ්ඩායමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගත හැක්කේ එම ව්‍යවස්ථාවේ ඇතුළත්ව නොමැති අපභ්‍රංශ වගන්තිවලින් නොව එහි ඇත්තටම සඳහන් වන 3.4 (ඇ) සහ 3.4 (ඌ) වගන්ති යටතේ පමණක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ඔහුගේ කණ්ඩායමට අභියෝග කරමින්, තමා සිය අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ ඇතුළත්ව තිබෙන එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ වගන්ති වැරදි බව දැන ගැනීමෙන් පසුව අකිල විරාජ් කාරියවසම් මහතාගේ දෙලොව රත් වී ඇති අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කුණු බැනුම් අසා ගැනීමෙන් පසුව ඔහුගේ උපදෙස් පරිදි එම නිවේදනය නිවැරදිව සකසා ජන මාධ්‍ය වෙත යළි නිකුත් කිරීමට ඔහු පියවර ගෙන තිබිණ.

මේ සිද්ධියෙන් පැහැදිළි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයා වශයෙන් අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රියා කරන්නේ කෙතරම් වගකීම් විරහිත, පටු සහ අදුරදර්ශී ලෙස දැයි යන්න මානව පැහැදිළි වන්නේ යැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanewsweek" සමග පැවසීය. එමෙන්ම නීතීඥවරයෙකු වුණත් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතාට පක්ෂයේ ව්‍යවස්ථාව පිළිබඳව කිසිම අවබෝධයක් නොමැති බව මේ සිද්ධියෙන් තහවුරු වන්නේ යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සිය අත්සනින් යුතුව මුලින් නිකුත් කළ වැරදි නිවේදනය සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පසුව නිකුත් කළ නිවේදනය පිළිවෙලින් මෙසේය. 

    

 

Advertiesment