Wednesday 25th of November 2020

English Tamil
Advertiesment


දරු දැරියන්ගේ පෝෂණයයි-දැනුමයි වර්ධනයට සමපෝෂ කැප වෙයි 


2020-05-26 1591

මේ වන විට රටේ පවතින කොවිඩ්-19 වෛරස අවදානම හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයින් තම නිවෙස් තුළටම වී කාලය ගත කරන අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පමණක් ඔවුන්ගේ පරිභෝජන අවශ්‍යතා ද සීමා වී තිබේ. එවන් මොහොතක, වයස් භේදයකින් තොරව නිවෙස්වල රැඳී සිටින බාල, තරුණ හා මහලු සියලු දෙනාට සිය පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම මහත් අභියෝගයක් බවට පත්ව ඇත. 

ශ්‍රී ලාංකිකයින්ගේ පෝෂණ අවශ්‍යතා සඳහා සැමදා කැපවී ක්‍රියා කළ, ඔවුන්ගේ ජනප්‍රිය ධාන්‍යමය ආහාරය වන ‘CBL සමපෝෂ’ මෙම දුෂ්කර අවස්ථාවේදී පවා තම නිෂ්පාදන හා බෙදා හැරීම් ජාලය අඛණ්ඩව පවත්වා ගනිමින් සිය ජාතික මෙහෙවර ඉටු කොට ඇති අතර ඉදිරියේදීත් ඊට සක්‍රීයව දායක වීමට නියමිත ය.  

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින දේශීය සමාගම් සමූහයක් වන CBL හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ප්ලේන්ටි ෆුඩ්ස් සමාගමේ ප්‍රමුඛත ම නිෂ්පාදනය වන සමපෝෂ, ඉරිඟු, සහල්, සෝයා සහ මුං ඇට ගුණයෙන් පරිපූර්ණ පෝෂ්‍යදායී ධාන්‍යමය ආහාරයකි. එනිසා ම අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස සමපෝෂ බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය තේරීමක් බවට පත්ව තිබේ. ඉතා පහසුවෙන් පිළියෙළ කළ හැකි ආහාරයක් වීම එවන් ජනප්‍රියත්වයක් ඇතිවීමට බලපා ඇති තවත් සාධකයකි.  

මීට අමතරව මෙවන් අර්බුදකාරී අවස්ථාවකදී සමපෝෂ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කර ගෙන යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම සමපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ධාන්‍ය වර්ග සපයන දිවයින පුරා විසිරී සිටින 12,000කට අධික දේශීය ගොවි මහතුන්ට ද මහඟු රුකුලක් වී තිබේ. සමපෝෂ නිෂ්පාදනයට යොදා ගන්නා ඉරිඟු, සහල්, සෝයා සහ මුං ඇට ආදී ධාන්‍ය වර්ග සම්පූර්ණයෙන් ම සපයා ගනු ලබන්නේ දේශීය ගොවි ප්‍රජාවගෙනි. ඒ අනුව විශාල දේශීය ගොවි ප්‍රජාවකගේ ආදායම් සුරක්ෂිත කිරීමට ද සමපෝෂ උර දී ඇත.   

මේ අතර පෝෂණයට අමතරව දරුවන්ගේ අධ්‍යාපනය සාරධර්ම, හා විනෝදය  අරමුණු කර ගනිමින් විශේෂ ක්‍රියා කාරකම් රැසක් හඳුන්වාදීමට ද  සමපෝෂ පියවර ගෙන තිබේ. ඒ අනුව දැයේ දූ දරුවන්ගේ කුසලතා ඔප් නැංවීම වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන "සමපෝෂ දිනන දරුවෝ" වැඩසටහන නව මුහුණුවරකින් දරුවන් වෙත ළඟා කරවීමට කටයුතු යොදා ඇත. ඒ "යහපත් සිතුවිලි, සොබාදහමෙන් ඉගෙන ගනිමු, පරිසරය සුරකිමු හා ගෙදර වැඩට උදව් වෙමු" වැනි පැතිකඩ කිහිපයක් ආවරණය වන පරිද්දෙනි.  සමපෝෂ ෆේස්බුක් පිටුව (https://www.facebook.com/samaposha.lk/) හරහා නිවසේදී ම තම දෙමාපියන් හා එක්ව මෙම වැඩසටහනට සම්බන්ධ වීමේ අවස්ථාව දරුවන්ට උදා වේ.

සමපෝෂ පිළිබඳව..!

සමපෝෂ යනු CBL ප්ලෙන්ටි ෆුඩ්ස් (පුද්) සමාගමෙහි ප‍්‍රමුඛතම සන්නාමය වන අතර එය CBL සමාගම් සමූහයේ සාමාජිකයෙකි. CBL සමාගම මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කරන දේශීය සමාගම් සමූහයකි. එසේම සමාගම ව්‍යාපාරික කටයුතුවලදී මෙන්ම ආයතනික ප‍්‍රජා සත්කාරයන් තුළින් ද, සියලු පාර්ශ්වයන් කෙරෙහි දක්වන සෙනෙහස හේතුවෙන් මහත් ගෞරවාදරයට පාත‍්‍ර වි ඇත. 

 

Advertiesment