Thursday 1st of October 2020

English Tamil
Advertiesment


අල්ලසින් මහනුවර අල්ලන හකීම්ගේ කුමන්ත්‍රණය එළියට


2020-05-24 15369

ප්‍රා-මන්ත්‍රීන්ට රු.10,000 බැගින් අල්ලස් දෙයි

 

සිංහල බෞද්ධ මයන්තගෙයි-තිස්සගෙයි සහයත් හිමි වෙයි 

 

සමගි බලය සිංහල බෞද්ධ විරෝධී අන්තවාදයට ගොදුරු වෙලා  

 

සෙංකඩගල සිංහල බෞද්ධ පදනම වැනසීම අරමුණයි

 

හකීම් අල්ලස් දුන්නේ තිස්සගේ කාර්යාලයේ

 

මයන්ත දිසානායකගේ පූර්ණ සහයත් රාවුෆ් හකීම්ටලු

 

 
(සුජිත් මංගල ද සිල්වා)    

 

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා, මැතිවරණ නීති රීති උල්ලංඝණය කරමින් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පක්ෂ විපක්ෂ සහ සිංහල බෞද්ධ පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙත මුදලින් අල්ලස් ලබා දෙමින් සිටියි.

රාවුෆ් හකීම් මහතාගේ සහ ඔහු නායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන න්‍යාය පත්‍රය වී තිබෙන්නේ, අල්ලස් ලබා දීමෙන් මෙම පළාත් පාලන මන්ත්‍රීවරුන් හරවා ගෙන, ඒ අය මාර්ගයෙන් ජන මතය හසුරුවමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ සහ තරුණ සිංහල බෞද්ධ දේශපාලන නායකයින්ගේ මනාප ඡන්ද අඩු කරවා, කෙසේ හෝ එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජනය වැඩි කර ගෙන ඓතිහාසික සෙංකඩගල පුරවරයේ සිංහල බෞද්ධ ජන පදනම දෙදරවා හැරීම බව බුද්ධි අංශ හඳුනා ගෙන තිබේ.

මේ අතර සිංහල බෞද්ධ නායකයෙකු වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට අයත් මහනුවර, යටිනුවර, මහයියාවේ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සෙනසුරාදා (23) හමු වී ඇති රාවුෆ් හකීම් මහතා එම මන්ත්‍රීවරුන්ට රුපියල් 10,000 බැගින් අල්ලස් ලබා දී ඇත.

එම මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබා දෙන එම අවස්ථාව ඡායාරුප ගත කිරීමට ද රාවුෆ් හකීම් මහතා පියවර ගෙන ඇති අතර එසේ කර ඇත්තේ නිසි අවස්ථාව උදා වූ විට එම ඡායාරුප ප්‍රසිද්ධ කරවා එම පිරිස "BlackMail" කර ඒ අය එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ දේශපාලන වශයෙන් අනාථ කරමින් සිය ග්‍රහනයට ගැනීම සඳහාය.

එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට නියමයෙන් සහ අනියමින් බල කර රුපියල් 10,000 ලබා ගැනීම සඳහා එම පිරිස තිස්ස අත්තනායක මහතාගේ මෙම කාර්යාලයට ගෙන්වා ගනිමින් රාවුෆ් හකීම් මහතා වෙනුවෙන් එම සියලු වැඩ කටයුතු සංවිධානය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කඩුගන්නාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායිකා ෆවායිනා මොහිදීන් මහත්මිය වේ. ඇයගේ ස්වාමි පුරුෂයා වන සුනිල් ගුණසේකර මහතා ද ඊට විශාල දායකත්වයක් ලබා දී ඇති අතර ඔහු රාවුෆ් හකීම් මහතාගේ ප්‍රබල සහ උග්‍ර ආධාරකරුවෙකි.

කන්ද උඩරට සිංහල බෞද්ධ නායකයෙකු ලෙස පෙනී සිටින සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධූර අපේක්ෂක මයන්ත දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන කරුණා කීර්ති රූපසිංහ මහතා ද රාවුෆ් හකීම් මහතාගේ මෙම අල්ලස් ලබා දෙන උත්සවයට සහභාගී වී ඇති අතර එහිදී ඔහු අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දිරි ගැන්වීම සඳහා මයන්ත දිසානායක මහතා වෙනුවෙන් විශේෂ කතාවක් ද කර තිබේ.

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ මෙවර මහා මැතිවරණයේ දී මයන්ත දිසානායක මහතාගේ පූර්ණ සහයෝගය, අනුග්‍රහය සහ දායකත්වය හිමි වන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා වෙත බවය. එමෙන්ම මයන්ත දිසානායක මහතා මේ රැස්වීමට ද සහභාගී වීමට සූදානමින් සිටියත් නොවැළැක්විය හැකි හදිසි දේශපාලන රාජකාරියක් හේතුවෙන් ඔහුට පැමිණීමට නොහැකි වූ අතර ඔහු ඒ ගැන සිය කණගාටුව ප්‍රකාශ කර සිටී බව දැනුම් දෙන්නයි තමාට කියා සිටියේ යැයි ද අවධාරණය කර ඇත.

මෙම අන්තවාදී දේශපාලන කුමන්ත්‍රණය මහනුවර දිස්ත්‍රික්කය අභ්‍යන්තරයේ ඉතා රහසිගතව, උපක්‍රමිකව සහ බරපතළ ලෙස ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට තරඟ කරන සිංහල බෞද්ධ තරුණයෙකු වන ප්‍රවීණ දේශක සහ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා ද, "lankanewsweek" සමග තහවුරු කර සිටියේය.

ඔහු ඒ බව පැවසුවේ, රුපියල් 10,000 බැගින් අල්ලස් දුන් මේ සිද්ධිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ ජන පදනම දෙදරවා හරිමින් එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජනය කූට ලෙස වැඩි කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන මෙම අන්තවාදී දේශපාලන කුමන්ත්‍රණය සම්බන්ධව  එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි "lankanewsweek" ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

සියලු ජාතීන්, ආගමිකයින් සහ සංස්කෘතීන් නියෝජනය කරන අතර ඒ සියලු දෙනාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂය සියලුම ආකාරයේ අන්තවාදයන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර කිසිදු බලපෑමකින් තොරව නිදහස්ව, නිවහල්ව සහ ස්වාධීනව තමා කැමති දේශපාලන පක්ෂයට සහ අපේක්ෂකයාට ඡන්දය ලබා දීමට ජනතාවට අයිතිය තිබිය යුතු බව ද මහේෂ් සේනානායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.  

 

  

          

Advertiesment