Friday 4th of December 2020

English Tamil
Advertiesment


සජිත්ගේ හෙංචයි මැරයන්ට එරෙහිව කුරුඳු පොලු හමුදාව සීරුවෙන්


2020-05-21 8969

"නලීන් බණ්ඩාර හෙංචයියේක්-ඔහුගේ ප්‍රකාශය ඉල්ලා අස් කර ගත යුතුයි"

 

"එජාපය අල්ලන්න එනවා නම් අවසන් කැමති පත්‍රයත් ලියා ගෙන එනු"   

 

 

මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීම සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ඇම්බැට්ටයන්, අනාථයින් සහ කේවට්ටයන් සේම ඔහු නායකත්වය ලබා දෙන සමගි ජන බලවේගය දොඩන දේශපාලන වහසි බස් වහාම නතර කර ගැනීම එම කණ්ඩායමේ සියලු දෙනාගේ ඇඟට පතට සුවදායක වනු ඇතැයි එම පක්ෂයේ කුරුඳු පොලු හමුදාව අවධාරණය කර සිටියි.

ඒ අනුව මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සහ "සිරිකොත" පක්ෂ මූලස්ථානයේ බලය අල්ලා ගෙන රනිල් වික්‍රමසිංහ මහතා ද පන්නන බවට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක නලීන් බණ්ඩාර මහතා කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස් කර ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂක සහ කුරුඳු පොලු හමුදාවේ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා "lankanewsweek" සමග අවධාරණය කර සිටියේය.

අතිශය නින්දිත සහ තුට්ටු දෙකේ මැර බලය, තර්ජන ගර්ජන, බලහත්කාරකම් සහ මුඩුක්කුවල කෙරෙන පහත් "I.R.C" ක්‍රියාකාරකම් මගින් අභිමානවත් එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීමට නලින් බණ්ඩාර වැනි තුට්ටු දෙකේ දේශපාලන අනාථයෙකු සහ ඇම්ට්ටබැයෙකු නොව මහා ඒජන්තයා පැමිණියත් ඔහු එසේ ආ යුත්තේ සිය අවසන් කැමති පත්‍රය ද ලියා ගෙනම බව පෙන්වා දුන් සුදත් චන්ද්‍රසේකර මහතා ජාතියක්, ජන්මයක්, වැදගත්කමක් නොමැති මෙවැනි දේශපාලන නරුමයන්ට නිසි උත්තර ලබා දීමට කුරුඳු පොලු හමුදාව එදා වගේම අදත් එක්සත් ජාතික පක්ෂය සහ සිරිකොත මූලස්ථානය වටා සීරුවෙන් සිටින බව ද අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගෙන සිරිකොත මූලස්ථානය ද සිය ග්‍රහණයට ගෙන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ජ්‍යෙෂ්ඨයින් ද පන්නා දැමීමේ අරමුණින් එදා කතරගම සිට කොළඹ දක්වා පැමිණි පෙළපාළියට කුරුඳු පොලු හමුදාව සැලකු හැටි සජිත් ප්‍රේමදාසගේ හෙංචයියන්ට, අනාථයින්ට සහ ඇම්බැට්‍ටයන්ට අමතක දැයි ප්‍රශ්න කර සිටී සුදත් චන්ද්‍රසේකර මහතා එම කණ්ඩායම එම ඉරණමට එදා මුහුණ දුන්නේ පක්ෂයේ සිටියදීම යැයි ද සිහිපත් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සිටියදීම පක්ෂයට විරුද්ධව ක්‍රියා කිරීමට ගොස් එම කණ්ඩායමට එදා ඒ වගේ ඉරණමක් අත් වුණා නම් පක්ෂයයි-පාක්ෂිකයායි පාවා දී එළියට බැස සිටින අවස්ථාවක ඒ අයට කුරුඳු පොලු හමුදාව කෙසේ සලකනු ඇද්දැයි නලීන් බණ්ඩාරලා වගේ දේශපාලන අනාථයින් කවදා තේරුම් ගනීවි ද යන්න සිතා ගැනීමටවත් නොහැකි බව ද සුදත් චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.          

Advertiesment