Sunday 12th of July 2020

English Tamil
Advertiesment


රටේ සියලු ප්‍රශ්න කොරෝනා අස්සේ යට ගහනු එපා


2020-05-21 3705

තෙල් මිල අඩු කරනු-ගොවි අස්වනුවලට සහතික මිලක් ගෙවනු  

 

ආර්ථික යුද්ධය ජය නොගෙන කිනම් යුද්ධයක් ජය ගත්තත් වැඩක් නැහැ

 

එජාපය ආගමක් ලෙස අදහන ජනයා වෙනුවෙන් පක්ෂය රකිනවා 

 

සිරිකොත එජාප රන්දෙවොලට ගල් ගැසූ පව්කාරයින් අද නැහැ 

 

අන්තවාදීන්-ත්‍රස්තවාදීන් නැහැ

 

 

සියලු දේ වසංගතයෙන් යට නොගසා ජනතාවට නිසි සහන ලබා දෙමින් ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා කොළඹ දී බදාදා (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවධාරණය කළේය.

රටේ උද්ගත වී තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිළි කිරීම සඳහා පැවැති මේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේද කීය.

මේ වන විට රටේ බොහෝමයක් සත්‍ය විකෘති කරලා තමයි වැඩ කටයුතු සිදු කරන්නේ. මේ වන විට ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා.  2015 බලයට පත්වූ අප ඒ අවස්ථාවේ ජනතාවට පොහොර සහන ලබා දුන්නා. අද වනවිට මේ ආණ්ඩුව යටතේ ජනතාවට මුදල් වියදම් කරලාවත් පොහොර ලබා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ජනතාවට ලබා දෙන්න තිබුණ පොහොර කෝ කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. 

ඒ වගේම ගෑස් මිල. 2015 දී අපි ගෑස් මිල අඩු කළා. අද වන විට ගෑස් මිල විශාල වශයෙන් අඩු කරන්න පුලුවන්. ඇයි ගෑස් මිල අඩු නොකරන්නේ. මිල අඩු වෙනවා කියන්නේ රජයේ ආදයම වැඩි වෙනවා කියන එකද..? ඒ වගෙම තමයි තෙල් මිල. ලෝක තෙල් මිල අඩු වෙද්දි අපේ රටේ මිල වැඩි කරනවා. අඩු ගානේ මේ වැඩි වන මිලේ ආදායම රජයට ලැබෙනවා නම් කමක්නැහැ. නමුත් අයි.ඕ.සී එක මගින් වැඩි කරන තෙල් මිලේ වාසිය යන්නේ කොහෙටද..?කොරෝනා අස්සේ හැම දේම යටපත් කරන්න හදන්නෙපා. 

අපි වවමු රට නගමු කියලා කිව්වට වැඩක් නැහැ. ගොවීන්ගේ ඵලදාව මිලදී ගෙන, ඔවුන්ට සහන සලසන්න ක්‍රියා කළ යුතුයි. අද වන විට ගොවීන් විශාල ලෙස අසරණ වෙලා සිටිනවා. අද ඔවුන්ගේ ඵලදාව කුණු කොල්ලයට ගිහින්. මිලක් නියම කර ගන්න නොහැකිව ඔවුන් හඩා වැටෙනවා. මෙහෙම තත්ත්වයක් යටතේ අපි වවමු රට නගමු කියලා තේරුමක් නැහැ.

කොරෝනාව පරාජය කිරීම අත්‍යාවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් සෞඛය අංශවලට, පොලීසියට, ත්‍රිවිධ හමුදාවට මෙන්ම විශේෂයෙන් ජනතාවට හිස නමා ආචාර කළ යුතුයි. ඒ පුරා දින 62 ක් ඉතාමත් අපහසුවෙන් ඇදිරි නීතිය එක්ක ගමන් කරලා මේ තත්ත්වය පරාජය කිරීමට සහයෝගය ලබාදීපු නිසා. ඒ එක්කම මොන යුද්ධය ජය ගත්තත් පළක් නැහැ, ආර්ථික යුද්ධය ජය ගන්න බැරි නම් කියන එක අමතක කරන්නෙපා.  ඒ නිසා ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. නැති නම් අපේ රටට නැගිටින්න බැරි තත්ත්වයක් උදාවේවි.

රටේ මෙවැනි අර්බුධකාරි තත්ත්වයක් පවතින අවස්ථාවක, ඒ වෙනුවෙන්  රෝහල් ඉදිකරන්න හැකියාව තියෙද්දි, කෝටි ගණනක් වියදම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න හදන එක නිවැරදි ක්‍රියාවක්ද..? බන්ධුල ගුණවර්ධන මහතා නිරන්රයෙන්ම රටේ ආන්දෝලාත්මක ප්‍රකාශ කරන කෙනෙක්. එතුමා තමයි මෙම ක්‍රීඩාංගණය පිළිබදවත් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මනා දැනුමක් ඇති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරනවා, ශ්‍රී ලංකාව ඇතුළත ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැනට අවශ්‍ය ප්‍රමණයටත් වඩා පහසුකම් තිබෙන බව. එහෙමනම් මේ වගේඅර්බුධකාරී වාතාවරණයක් රටේ පවතින අවස්ථාවක, රෝහල් 35 ක් වැනි ප්‍රමාණයක් ඉදිකරන්න හැකියාව ඇති මුදල් ප්‍රමාණයක් යොදවලා, ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකරන එක විහිළුවක් නෙමෙයිද..? අඩුගානේ පෙර පාසල් ඉදි කළා නම් හොද නැද්ද..? මේ ප්‍රාග්ධන වියදමක්. ඒක ජනතාවට දෙන්න කියලා අපි කියන්නේ නැහැ. මේ අවස්ථාවේ වඩාත්ම උපයෝගීතාවක් සහිත දෙයකට නේද මේක වියදම් කරන්න ඕන.

ඡන්ද කොමසාරිස් සහ ඡන්ද කොමිසම අද වන විට අපි කියූ දෙය පිළි ගෙන තිබීම සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටට පත් වෙනවා. අපි බොරුවට නිශ්ප්‍රභා කරන්න අවශ්‍ය වුණේ නහැ. රටේ පවතින තත්ත්වය හමුවේ රටට අවශ්‍ය වුණේ ඡන්දයක් නොවෙයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ නිර්දේශ කිරීමෙන් පසුව ජනතාව සාමාන්‍ය ජන ජීවිතයකට පත්වීමෙන් අනතුරුව ඡන්දයක් තියන එක සුදුසුයි කියලයි අපි කිව්වේ. ඒ තතත්ත්වය තමයි ප්‍රායෝගික වන්නේ. 

යම් යම් හේතුන් මත එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ගිහින්, පක්ෂය කඩා වට්ටන්න දගලන පිරිස් වැඩ කරන්නේ ළදරු පාසැල්වත් නොගිය ආකාරයට. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය තමයි නිවැරදි තීරණය. ඒ තීරණ විකෘති කරලා, වැරදි අවබෝධයක් ඇති කරලා ඇතැම් පිරිස් ජනතාව නොමග අරින්න උත්සහ කරනවා. ආගමක් වගේ පක්ෂය අදහන, සුරකින, ආදරය කරන ජනතාවට මේ පක්ෂය ආරක්ෂා කරදීමට අපි බැදී සිටිනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජනතාව තුළින් ගමන් කරන පක්ෂයක්. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටයි.

අන්නඒ වගේ අද වන විට ජනතාව අපේ ප්කෂයේ ක්‍රියා කලාපය දැකලා, පක්ෂය වටා එක් රැස් වෙමින් සිටිනවා. මේකයි සැබෑ තත්ත්වය. ජනතාවට ඔබින පරිදි හැඩ ගැහිලා, විශාල ජනතා මනාපයක් ලබා ගන්නා පක්ෂයක් බවට අපි එක්සත් ජාතික පක්ෂය පත් කරනවා. පක්ෂයේ මහ ගෙදරින් පිටමං වෙලා සිහින දකින අයට වඩා යමක් අපට පක්ෂය වෙනුවෙන් කරන්න හැකි වෙලා තිබෙනවා. අපි කවදාවත් ත්‍රිවිධ හමුදවට පොලීසියට අකටයුත්තක් කරලා නැහැ . අන්න  ඒ නිසා තමයි අපි පළමුව ත්‍රිවිධ හමුදාවට 35% ක වැටුප් වර්ධනයක් ඇති කළේ. ඒ වගේම පොලීසියට වසර ගනනාවක් නොලැබුණ වැටුප් සහ විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කළේ. 

මම පක්ෂයේ නායකතුමා, පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගෙන කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩා කරන කෙනෙක්. එහෙම නැතිව බෝල යවන්නා, පන්දුවට පහර දෙන්නා, කඩුලු රකින්නා කියන හැම අවස්ථාවකම ක්‍රීඩා කරන්නෙක් නෙමෙයි. කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩා කරලා ජයග්‍රහණය ගැන එක තමයි අපේ තිබෙන සුවිශේෂීභාවය. අපට ශෝට් කට් නැහැ. බෞද්ධාගමට විරුද්ධ ප්‍රකාශ කරන අය, අන්තවාදි ආගම් ගැන කතා කරන අය, පාස්තු බෝම්බ ගැන මත පළ කරන අය, සිරිකොතට  ගල් ගැහුව අය අද අපි ළග නැහැ. ඒ අය අද වන විට ඒ අයට අදාළ ස්ථානවල සිටින්නේ. ඒ ආකාරයේ අද පක්ෂයේ  නොමැති පිරිස් පිළිබදව එක්සත් ජාතික පක්ෂයට අදාළ කරලා කතා කිරීමෙන් පළක් නැහැ."

 

Advertiesment