Monday 6th of July 2020

English Tamil
Advertiesment


එජාපය කියන්නේ පංච ශීලයේ පිහිටපු පක්ෂයක් 


2020-05-20 3476

සුදත් ජයසුන්දරගේ ශාසනික මෙහෙවර මහ සඟ රුවන අගයති 

 

පන්සිල් සමාදන්වීම ව්‍යවස්ථාවෙන්ම නියම කළ එකම පක්ෂය එජාපයයි 

 

බුදු දහම ගැන එජාපයට ඇති ගැඹුරු අවබෝධය මෙන්න 

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

ඕනෑම කටයුත්තක් ආරම්භ කිරීමට පෙර පන්සිල් සමාදන් විය යුතු බවට සිය පක්ෂ ව්‍යවස්ථාවෙන්ම සිය සාමාජික සාමාජිකාවන්ට විනය නීතියක් පනවා ඇති එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි මහ සංඝ රත්නය අවධාරණය කර සිටියි.

එමගින් පැහැදිළි වන්නේ රටට ජනතාවට ජාතික නිදහස ලබා දුන් දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය බුදු දහම, සිංහල බෞද්ධ සංස්කෘතිය සහ එම වත් පිළිවෙත් කෙරෙහි දක්වන ගෞරවාදරය සේම ඒ කෙරෙහි තබා ඇති ගැඹුරු විශ්වාසය යැයි කෝට්ටේ නාග විහාරාධිපති කොටහේනේ නාරද නා හිමියෝ අවධාරණය කර සිටිති.

උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියේ එක්සත් ජතික පක්ෂය යටතේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරඟ වදින අධි නීතීඥ සුදත් ජයසුන්දර මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී වන අතර කොටහේනේ නාරද නා හිමියන් එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය සිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර පවා පන්සිල් සමාදන් වීම සිරිතක් කොට ගෙන සිටින බවය.

කාලීන ධර්ම දේශනා, සාකච්ඡා සහ වැඩ සටහන් සංවිධානය කර උතුම්ම දානය වන ධර්ම දානය ලබා දී මිනිසුන් යහ මගට පමුණුවාලමින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුදත් ජයසුන්දර මහතා කලක් මුළුල්ලේ කරමින් සිටින මෙහෙවර අතිශය අගය කළ කොටහේනේ නාරද නා හිමියෝ රටට-ජනතාවට වැඩදායී උගත්, බුද්ධිමත් සහ දක්ෂතා සපිරි ප්‍රබල කණ්ඩායමක් මහ මැතිවරණයට මෙවර ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගැනීම සම්බන්ධයෙන් ද සිය ස්තුතිය පුද කළහ.

     

Advertiesment