Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


ලිංගික උත්තේජක පාවිච්චියට පෙර කියවන්න..!


2019-07-02 3828

ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරන ලිංගික උත්තේජක පෙති සහ කරල් ලෝකයේ ඕනෑම  ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීමට හැකි තත්ත්වයක් වර්තමානයේ උදාවී තිබේ.

අනෙකුත්  ඖෂධ භාවිතා කිරීමේදී වගේම  නිසි මාත්‍රාව ඉක්මවා මේ ලිංගික  උත්තේජකය භාවිත කිරීම අතුරු ආබාධ ඇති වීමට බල පෑ හැකිය යන්න වෛද්‍ය උපදේශය වන අතර මේ ලිංගික උත්තේජක පෙති හෝ කරල්  භාවිත කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව සියලු දෙනාට අවබෝධයක් තිබිය යුතුය.

භාවිත කළ යුත්තේ කවුරුන් විසින්ද?

මේ ලිංගික උත්තේජක  භාවිත කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පුරුෂයන් පමණක් වන අතර වෛද්‍ය උපදේශය වන්නේ ලිංගික  කටයුතුවල යෙදීමට තරම් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමේ පසු නොවන පුද්ගලයන් සහ හෘද හෝ රුධිර නාලිකාවල දරුණු මට්ටමේ ගැටලු පවතින පුරුෂයන්  එම උත්තේජක භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බවය.

එමෙන්ම පිය ගැට පෙළ  දෙකක් නැගීම වැනි සැහැල්ලු ව්‍යායාමයක යෙදෙන විටදී පවා  අධික මහන්සියක් හෝ පපුවේ වේදනාවක් දැනෙන පුද්ගලයන් ද මේ ලිංගික උත්තේජක භාවිතා  නොකළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙති.

මිලදී ගැනීමට පෙර කුමක් කළ යුතුද?

තමාට ඇති රෝග ලක්ෂණ, සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ පාවිච්චි කරනු ලබන වෙනත් ඖෂධ වේනම් ඒ පිළිබඳව ඖෂධවේදියෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් කරුණු විමසීම වැදගත් වන අතර ඒ සඳහා කායික පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

ලිංගික උත්තේජකවල  ක්‍රියාකාරිත්වය?

බොහෝ දෙනෙකුට බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙන නමුත් ඇතැමෙකුට  එසේ නොවිය හැකි අතර පුරුෂ ලිංගයේ රුධිර වාහිනී සැහැල්ලු කර හොඳින් රුධිරය ගලා යාමට සැලැස්වීම මේ ලිංගික උත්තේජක  මගින් සිදු වීමෙන් ලිංගික උත්තේජනයකට ප්‍රතිචාර වශයෙන් ලිඟුව ප්‍රාණවත් වීම සිදු වනු  ඇත.

මේ ලිංගික උත්තේජක  ආහාර ගෙන හෝ නොගෙන භාවිත කළ හැක. කෙසේ නමුත් විශාල ආහාර වේලකින් පසු එහි ක්‍රියාකාරිත්වය අරම්භවීම සඳහා කෙටි වේලාවක් ගත විය හැක.ලිංගික සංසර්ගයට පැයකට පමණ පෙර මේ ලිංගික උත්තේජක  භාවිත කළ යුතුය යන්න වෛද්‍ය  උපදේශය වී ඇත.

මේ ලිංගික උත්තේජක දිනකට මිලි ග්‍රෑම් 50 ට වඩා භාවිත නොකළ යුතු බවත වෛද්‍ය උපදේශය වන අතර අධික ලෙස මත්පැන් පානය කිරීම ද ලිඟුව ප්‍රාණවත් වීම කෙරෙහි බල පෑමට ඉඩකඩ තිබෙන වෛද්‍ය මතය වී තිබේ.

බලපෑම ප්‍රබල නම් කුමක් කළ යුතුද?

ලිංගික උත්තේජකයේ  බලපෑම දීර්ඝ වේලාවක් බල පැවැත්වෙන්නේ නම් නම් හෝ එම බලපෑම  ප්‍රබල නම් ඖෂධවේදියෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය හැක.සාමාන්‍ය කාලය ඉක්මවා හෝ පැය හතරකට වැඩි වේදනාකාරී ප්‍රාණවත් භාවයක් ලිංගේන්ද්‍රියේ පවතින අවස්ථා ද ඇතැම් විට  වාර්තා වන අතර  එසේ වූ විට වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

ඇති විය හැකි වෙනත් අතුරු බලපෑම් මොනවාද?

හිසරදය ඇති වීම සුලබ තත්ත්වයකි (සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට හිසරදය ඇති විය හැක)

සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇති විය හැකි සුලබ තත්ත්වයන්;

කැරකිල්ල

පෙනීම අපැහැදිලි වීම

දැඩි උණුසුමක් දැනීම

නාසය බරවීම

ඔක්කාරය

ඖෂධය ලබා ගැනීම නවතා වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතුරු බලපෑම්

පපුවේ වේදනාව

එකවර පෙනීම අඩුවීම හෝ නැති වීම

ආසාත්මිකතා 

(හුස්ම ගැනීම අපහසුවීම, හතිය හෝ තොල්, ඇසිපිය හෝ මුහුණ ඉදිමීම)

සිහි මුර්ඡා වීම

යම් යම් රෝග හෝ අවශ්‍යතා මත විවිධ  ඖෂධ පාවිච්චි කරන අය මේ ලිංගික උත්තේජක  භාවිත කිරීමට අදහස් කරන්නේ නම් ඔහු ඊට පෙර, ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍ය  උපදෙස් පැතිය යුතුය.

(බී.බී.සී. ඇසුරින් සකස් කෙරිණ)

Advertiesment