Tuesday 14th of July 2020

English Tamil
Advertiesment


ගන අන්ධකාරය 


2020-05-17 2096

(වික්ටර් අයිවන්) 

ක්‍රමානුකූලව රට පතුල නොපෙනෙන මහා අගාධයකට තල්ලු වී යමින් පවතී.ශ්‍රී ලංකාව  නැමති යානය පදවමින් සිටින නියමුවන්ට හෝ එහි ගමන් කරමින් සිටින මහා ජනතාවවන මගීන්ට ඒ ගැන හරි අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකාව එක අර්බුදයක් වෙනුවට එකට එකක් පසුව එන අර්බුද දාමයකට හසු වූ අසරණ රටක් බවට පත්ව තිබේ.කොරෝනා වසංගතය  කඩා වැටුණේ  රටේ සමාජ-දේශපාලන ක්‍රමය සේම ආර්ථික ද අති විශාල අර්බුදයකට පත්ව තිබුණ අවස්ථාවකදීය. එම තත්වය ශ්‍රී ලංකාවේ  අර්බුදයේ ප්‍රමාණය  සහ  සංකීර්ණතාව දෙගුණ තෙගුණ කළේය. ශ්‍රී ලංකාව මත අර්බුද කඩා වැටීම ඉන් අවසන් වූයේ නැත. ඉන් පසු දැන් ඒ මත ව්‍යවස්ථා අර්බුදයක්  කඩා වැටෙමින් තිබෙන අතර සමහර විට ඒ නිසා තවත් අර්බුද කඩා වැටීමේ හැකියාවක් පවතී. ශ්‍රී ලංකාව  පහසු වෙන් ගැලවිය නොහැකි විෂම චක්‍රයක  රුදුරු ගොදුරක්  බවට පත්වෙමින් තිබෙන බව පෙනේ.

හොද සිහිය අහිමි කර ගැනීම 

 

කිසියම් දීර්ඝ කාලයක සිට රටේ කටයුතු සිදු වෙමින් තිබෙන්නේ සාමාන්‍ය ස්වභාවයකට  නොව විකාර රූපි ස්වාභාවයකටය. රටේ දේශපාලන  තන්ත්‍රයේ මනස සේම සමාජ මනස ද තිබුනේ ප්‍රකුර්ති තත්වයක නොව විකුර්ති  තත්වයකය.

අභ්‍යන්තර යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කරන අවස්තාව වන විට ශ්‍රී ලංකාව තිබුණේ  රට නැවත ප්‍රතිනිර්මාණය කර ගැනීමට හේතුවන ව්‍යහුමය  ප්‍රතිසංස්කරණ  ඇති කර ගැනීමෙන් තොරව ඉදිරියට යාමේ හැකියාවක් නැති ජරා ජීරන වූ සහ අබල දුබලවූ තත්වයකය.ආණ්ඩු ක්‍රමය,රාජ්‍යය එහි ආයතන ක්‍රමය ද  සමාජ ක්‍රමයද තිබුණේ  බිද වැටීමකට පත්වන්නට ආසන්න තත්වයකය.එහෙත් එවකට පාලන බලයේ සිටි පාලක පක්ෂය සේම ඉන් පසු බලයට පැමිණි පාලක පක්ෂයද අර්බුදය සමග සෙල්ලම්කරන පිළිවෙතක් අනුගමනය කලා මිස ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට රට යොමු කලේ නැත. ප්‍රධාන  පක්ෂ දෙකටම ඒ සදාහා අවශ්‍ය කරන  දේශපාලන ප්‍රඥාව නොතිබුනා සේම ඒ සදහා අවශ්‍ය කරන අවංක කමද නොතිබිණි.රටේ සියලුම දේශපාලන  පක්ෂ සේම දේශපාලන නායකයින්ද සිටියේ දුගඳ හමන තරමට කුනුවූ තත්වයකය.

1978 සිටම වස්තු කොල්ලය රාජ්‍යය පාලනයේ නිත්‍ය ලක්ෂණයක්  බවට පත්ව තිබුණි.එම තත්වය සමස්ත ආයතන ක්‍රමය දුෂණයෙන් කුණු කිරීමට  හේතුවී තිබුනද වස්තු කොල්ලය ශ්‍රී ලංකා දේශපාලනයේ  උත්ප්‍රේරක බලයට පත්ව තිබීම නිසා ඒ බලය අත්හැරීමට හේතුවන ප්‍රතිසංස්කරණ  වලට යාමේ හැකියාවක් දේශපාලන  පක්ෂවලට නොතිබුණි.

අපේක්ෂාවන්ගේ උභතෝකෝටිකය 

පසුගිය ජනාධිපතිවරණ  කාලය වන විට ශ්‍රී ලංකාව තිබුණේ  එම අවාසනාවන්ත  අයිතිහාසික ගමනේ කෙලවරට පැමිණි අවස්තාවකය.රටේ සියලු දේවල් සිදු වෙමින් තිබුණේ විපරීත ආකාරයකටය.  පාස්කු පහරදීම රටේ ජනතාව ත්‍රස්ත කොට ඔවුන්ගේ මනස් උපරිම  මට්ටමකට විකුරති කිරීමට හේතුවී තිබුණි. 

ජනාධිපතිවරණයට  තරග කල ගෝඨාභය රාජපක්ෂ සිංහල බොදු ඡන්ද මත පමණක්  පදනම් වී ආස්චර්‍ය ජනක ජයග්‍රහණයක්  හිමි කරගැනීමට සමත් විය.රට පමනක් නොව රටේ ජනයාද පාලක පක්ෂ හා විරුද්ධ පක්ෂ ද  සිටියේ නිරවුල් මානසික වටා පිටාවක නොව අවුල් සහගත මානසික වටා පිටාවකය.ජනාධිපති වරයාට ඡන්දය දුන් මහා ජනයාගේ  අපේක්ෂා සහ  ජනාධිපතිගේ අපේක්ෂා අතර ගැලපීමක් නොතිබුණි.ජයග්‍රාහි ජනාධිපතිවරයා සුලු ජාතික ග්‍රහණයෙන්  ශ්‍රී ලංකාව ගලවා ගෙන සිංහල බොදු අපේක්ෂා මුදුන් පත්කරමින් රට සුකිත මුදිත දියුණු  රටක් බවට පත්කරනු ඇතැයි අපේක්ෂා කලේය. එහෙත් තමන් බලයට පත්කළ  ජනාධිපතිට  නාමමාත්‍රික බලයක් මිස විධායක බලයක් නැති බව ඒ අවස්ථාවේදී  එම ජනතාව දැන නොසිටියේය.ඒ ගැන ඔවුන්ගේ නායකයා සිය ජනතාව දැනුවත් කිරීමක්ද කර නොතිබිණි.ජනාධිපතිගේ  ප්‍රචාරක හස්තය වසර දෙක තුනක් තරම් දීර්ඝ  කාලයක් තිස්සේ සිය වීරයා ගැන අති විශාල ප්‍රතිරූපයක් ගොඩ නගා තිබුනද තිබෙන ඇත්ත හැකියාව සහ නිර්ණය කොට සමාජ ගත කර තුබුණු  හැකියාව අතරද ලොකු පරතරයක් තිබුණි.

සාධාරණ හේතු ඇතිව හෝ නැතිව ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබුණ  නඩු හබ නිසා ජනාධිපතිවරණයට  පෙර ඔහු ජීවත් වන්නන්ට  ඇත්තේ ඉතාමත් පීඩාකාරි මානසික වටා පිටාවකය.එය ඔහුට පමණක්  සීමාවී තිබූ දෙයක් නොවන අතර ඔහුගේ සහෝදරයින් හා සමහර දේශපාලන  හිත්වතුන්ද මුහුන දී සිටියේ ඒ හා සමාන තත්වයකටය.ඒ නිසා බලය අල්ලා ගැනීම මගින් එම තවයෙන් අත්මිදීම ඒ සියලු දෙනාගේ ප්‍රධාන අභිලාෂය වන්නට ඇතැයි සිතිය හැකිය.

ගෝඨාභය රාජපක්ෂට සැබෑ ලෙස රටේ බලය අවශ්‍ය වී නම් ඔහු තරග කල යුතුව තිබුණේ  19 වැනි සංශෝධනයයෙන්  නාම මාත්‍රික තත්වයකට පත් කර තිබූ ජනාධිපති ධුරය  සදහා නොව එම සංශෝධනයෙන්  විධායක  බලය පවරා තිබූ අගමැති ධූරය සදහාය.19 න් ඇති කර තිබූ ඒ වෙනස නොදැන සිටියා විය නොහැකිය.එම සංශෝධනයෙන් පසු කැබිනට් ඇමති ධූරයක් පවා ජනාධිපති ධූරයට  වඩා බලවත්‍ ය.එසේ තිබියදී ඔහු නාමාත්‍රික ජනාධිපති ධූරය  තෝරා ගන්නට  ඇත්තේ නඩු හබවලි නිදහස්වී අනෙක් අයද ඔවුන් ගේ නඩු  හබවලින් නිදහස් කර ගැනීමේ අරමුනින් විය හැකිය.එම සීමිත අරමුණ  ප්‍රකාශිත විශාල අරමුණු  සමග ගැලපුනේ නැත.

ජනාධිපති සහ ව්‍යවස්ථාව 

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සිටින බව පෙනෙන්නේ  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දර්ශනය  මත පිහිටා ක්‍රියා කරන ස්තීර සාර ප්‍රතිපත්තියක නොව වැනෙන සුලු ප්‍රතිපත්තියකය.අපි ඉන්නේ ව්‍යවස්ථාව  බලා ගැනීමට නොව ඒ සදහා වෙනත් අය  සිටින බවත් අපේ වගකීම මැතිවරණ  නීතිවලට අනුකූලව ක්‍රියා කිරීම බවත් වරෙක මැතිවරණ  කොමසාරිස්වරයා ප්‍රසිද්ධියේ ම  කීවේය.තීන්දුවක් ගැනීමට බැරි දුෂකර අවස්තාවකදී අධිකරණයට  ඒ මේ වැදගත් කම පෙන්වාදී තිබෙන අධිකරණ  තීන්දුවක් තිබියදී මැතිවරණ කොමසාරිස් වරයා අධිකරණයට යාමෙන් වැලකී සිටියේය.

ජනාධිපතිවරයා ද අධිකරණයෙන්  අර්ථ  නිරූපනයක් ලබා ගැනීමට පුලුවන් කම තිබියදී එසේ කිරීමෙන වැලකී සිටියේය.පරණ පාරලිමේන්තුව කැදවීමෙන්ද වැලකී සිටියේය.අලුත් පාරලිමේන්තුව මිස පරණ  පාර්ලිමේන්තුව නොකැදවන බව කීවේය.පරණ  පාර්ලිමේන්තුව නොකැදවන්නේ එය  දූෂිත නිසාද? අලුත් පාරලිමේන්තුව අලුත් වූ පමනින් එය පිරිසිදු පාර්ලිමේන්තුවක් ලෙස සැලකිය හැකිද?නාම යෝජනා ලබා දී තිබෙන නැවත තේරීපත්  වීමේ හැකියාව ඇති වැඩි පිරිසක් පිරිසිදු අත් ඇති අය නොවන බව අමුතුවෙන් කීම අවශ්‍ය වන්නේ නැත.ව්‍යවස්ථා  අර්බුදය පදනම් කර ගනිමින් පවරා තිබෙන නඩු නිසා කුමක් සිදුවේද යන්න පැහැදිලි නැත.

එහෙත් පාර්ලිමේන්තුව  විසුරුවා හැරීමෙන් පසු කවදා හෝ නව පාර්ලිමේන්තුවක්  තේරී පතවන තෙක් පාර්ලිමේන්තුවක් නැතිව තමන්ට රට පාලනය කිරීමේ බලය ඇතැයි ජනාධිපතිවරයා  කල්පනා කරන්නේ නම් එය යහපත් හෝ ව්‍යවස්ථාවට  අනුකූල කල්පනාවක් ලෙස  සැලකිය නොහැකිය.19 වැනි සංශෝධනය නිසා දැන් ජනාධිපතිවරයා  වශයෙන් තමන්ට තිබෙන්නේ නාමමාත්‍රික බලයක් පමනක් බවද ජනාධිපතිවරයා අමතක නොකල යුතුය.තේරී පත් වූයේ මහජන ජන්දයෙන් වුවත් ව්‍යවස්ථාවෙන්  නියම කර තිබෙන බලයට වැඩි බලයක් තමන්ට නැති බවද ජනාධිපතිවරයා  තේරුම් ගත යුතුය.අවශ්‍යතව පිලිබද ධර්මතාව  (Doctrine of Necessity) වලන්ගුවන්නේ ව්‍යවස්තානුකුලව තෝරා ගැනීමට වෙනත් විකල්පයක් ඇත්තේම නැති අවස්තාවදී පමනය.විවස්තාවෙන් නියම කර තිබෙන බලයක් නැතිව හා අදිකරනයෙන් ලබා ගන්නාමග පෙන්වීම් නැතිව. ව්‍යවස්ථාවෙන්  බරිබාහිරව තීන්දු ගන්නා. ප්‍රතිපත්තියක් ප්‍රජාතන්ත්‍රවාදී ගුණ ධර්ම  වලට මුලුමනින් පටහැනිය.එවිට රටේ ව්‍යවස්ථාව  බවට පත්වන්නේ ජනාධිපතිවරයාය.

ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කිරීම රටේ යහපතට හේතු නොවනවා සේම ජනාධිපතිවරයාගේ  යහපතටද හේතු නොවන්නේය .දැන් රට තිබෙන්නේ පුර්ණ බංකොලොත්  තත්වයක හා බාහිර වශයෙන් ලබාගන්නා ආධාර වලින්  තොරව ලන්කාව ගොඩගැනීමේ හැකියාවක් නැති තත්වයකය.ජනාධිපතිවරයාගේ  අවන්ක අබිලාශය යහපත් හා ශක්තිමත්‍ රටක් ගොඩනැගීම නම් ඒ සදහා තෝරාගත යුතු මාවත අදිකාරිවාදි හෝ ඒකාදිපති මාවත නොව මහජන පරමාධිපත්‍ය බලය පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී මාවතයි.

Advertiesment