Friday 4th of December 2020

English Tamil
Advertiesment


එජාපයේ සමරිසි දෙදෙනෙක් නවීන්ට එරෙහිව රනිල්ට ගතු කියති 


2020-05-16 6814

වසඟයෙන් බලය තහවුරු කර ගැනීමට වෙර දරති

 

රනිල්ගේ ලෝකයේ දී දේශපාලනයට වඩා සමරිසිකම බලවත් වන හැටි මෙන්න 

 

 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ජීවිතයේදී අතිශයින්ම ඇලුම් කරන සහ වැඩියෙන්ම ඇසුරු කරන සුන්දර, සුකුමාල සහ මැදිවියේ දේශපාලකයින් දෙදෙනෙකු එම පක්ෂයේ ජාතික සංවිධායක නීතීඥ නවීන් දිසානායක මහතාට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත්‍රණකාරී දේශපාලන මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවට "lankanewsweek" වෙත තොරතුරු අනාවරණය වෙමින් පවතියි.

මේ දෙදෙනා අතරින් එක් අයෙකු නවීන් දිසානායක මහතාට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා සමග ඍජුවම ගතු කියා ඇත්තේ. සිය හැට හතර මායම් යොදා ගෙන ඉඟි බිඟි පාමින් වන අතර ඒ සම්බන්ධයෙන් "lankanewsweek" වෙත කරුණු හෙළිදරව් කර සිටියේ ඔහුගේම හිතවතෙකු බව අපි තහවුරු කර කියා සිටින්නෙමු.

ඉතා පැහැදිළිවම මොහු රනිල් වික්‍රමසිංහ මහතා සමග කියා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් නවීන් දිසානායක මහතාගේ භූමිකාව ගැන ඒ තරම් සතුටු විය නොහැකි අතර ඔහුගේ මාමණ්ඩිය වන හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ඍජු දායකත්වය ද පක්ෂයට මේ වන විට නොලැබෙන තත්ත්වය හමුවේ නවීන් දිසානායක මහතා පක්ෂයේ ඉදිරියට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

සිංහල-බෞද්ධ ජන පදනමක් සහ සංඛේතයක් සහිත නවීන් දිසානායක මහතා, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමේ වැඩි සම්භාවිතාවක් ඇති අතර ඒ සඳහා ඔහුට සක්‍යතාවක් ද තිබෙන බව ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් පිරිසක් "lankanewsweek" සමග පෙන්වා දුන්හ.

එම තරුණ තරුණියන් පිරිස වැඩි දුරටත් අවධාරණය කර සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැනීමට මේ සුන්දර, සුකුමාල සහ මැදිවියේ දේශපාලකයින් දෙදෙනා ද මාන බලමින් සිටින අතර ඒ අනුව ඔවුන් මෙසේ නවීන් දිසානායක මහතා දේශපාලන වශයෙන් විනාශ කිරීමට ක්‍රියා කරමින් සිටින්නේ අද ඊයේ නොව කලක සිට බවය.   

Advertiesment