Sunday 29th of November 2020

English Tamil
Advertiesment


රනිල් වසඟයට ගෙන සාගල එජාප මහ ලේකම් වෙයි..?


2020-05-15 7601

අකිල එජාප උප නායකකමට උසස් කෙරේ 

 

ජාතික ලැයිස්තුවට නම ඔබා ගන්න සාගල රනිල් එක්ක කළ කුමන්ත්‍රණය මෙන්න 

 

නායකයින්ගේ ජන්ම ආශාවන් නිසා එජාපය යළිත් දෙදරයි 

 

 

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට සාගල රත්නායක මහතා පත් කර, අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ උප නායක ධූරය පිරිනැමීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කරමින් සිටින බව "lankanewsweek" වෙත වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ පියවර ගැනීමට යන්නේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ප්‍රධාන බහුතරයේ විරෝධය නොතකා වන අතර එම ජ්‍යෙෂ්ඨයින් "lankanewsweek" වෙත අවධාරණය කර සිටියේ, පාක්ෂිකයින්ගේ සේම පක්ෂ අභ්‍යන්තරයේ බහුතරයකගේ විරෝධයට ලක්ව සිටින සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් පක්ෂයේ ඉදිරියට ගනිමින් පක්ෂය තව තවත් ජනතාවගෙන් දුරස් කරවීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත හොත් ඊට එරෙහිව දැඩි විරෝධය පළ කරන බවය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එම පක්ෂයේ නාම යෝජනා කමිටුව තරයේ ඉල්ලා සිටියත්, එක්සත් ජාතික පක්ෂය යටතේ මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සාගල රත්නායක මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එසේ තරඟ කළා නම් තමා නියත ලෙසම පරාජය වන බව ඔහු හොඳින්ම දන්නා නිසාය.

රනිල් වික්‍රමසිංහ මහතා හැරුණු කොට නාම යෝජනා මණ්ඩලයේ සියලු දෙනා එකට එක්ව සාගල රත්නායක මහතා මහ මැතිවරණ සටනට කෙසේ හෝ තල්ලු  කිරීමට උත්සහ දැරුවේ ඔහු නියත ලෙසම පරාජය වන බව දන්නා නිසා වන අතර එසේ වූවා නම් සාගල රත්නායක කියන දේශපාලන පිළිලයෙන් ද එක්සත් ජාතික පක්ෂය සහ නායකයා ගැළවුම ලබන නිසා යැයි "සිරිකොත" තරුණ තරුණියෝ පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.

එහෙත් එම ලණුව නොකෑ සාගල රත්නායක මහතා, ආදරණීය සහ සොඳුරු වූ මායාම්කරී බලපෑම්වලින් රනිල් වික්‍රමසිංහ මහතා වසඟ කරවා ගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමට උත්සහ දැරූ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ දැඩි විරෝධය සහ පිළිකුල මධ්‍යයේ ඔහුගේ එම උත්සාහය ව්‍යර්ථ වූ බව ද ඔවුහූ පෙන්වා දුන්හ.

එදා සිට සාගල රත්නායක මහතා සිය මායම් පාවිච්චි කරමින් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් තමාට ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට මානසිකව බලපෑම් කරමින් සිටින බව ද, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය ඔහුට ලබා දී, රවී කරුණානායක මහතා දරන පක්ෂයේ උප නායක තනතුර අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමට අදාළ සාකච්ඡා ආරම්භ වී තිබෙන්නේ මේ පසුබිම මතය.

මේ අතර ජ්‍යෙෂ්ඨයින්ගේ විරෝධය සහ පිළිකුල නොතකා, රනිල් වික්‍රමසිංහ මහතා ද වසඟ කරවා ගෙන, ජාතික ලැයිස්තුව උස්සා සිය නම ජාතික ලැයිස්තුවට හොරෙන් ඇතුළු කර ගැනීමට සාගල රත්නායක මහතා නාම යෝජනා භාර දීමට පෙර දිනයේ මධ්‍යම රාත්‍රියේ "සිරිකොත" මූලස්ථානයේ කළ කුමන්ත්‍රණය "lankanewsweek" ඉදිරියේ දී හෙළි කරන්නෙමු.       

Advertiesment