Monday 21st of September 2020

English Tamil
Advertiesment


වෙසක් සතියේ සජිත් ප්‍රේමදාස කළ මහ පාප කර්මය


2020-05-10 8583

සිය සේවකයා මරණ මංචකයේ සිටිද්දී අහක බලා ගනී 

 

පොරොන්දු වූ රෝහල් ගාස්තුව නොගෙවා පොල්ල තියයි 

 

කරූ මැදිහත් වී සජිත්ගේ මාධ්‍ය ලේකම්ගේ දිවි බේරා ගනී  

 

බුදුන් අනු දැන වදාළ ගිළානෝපස්ථානය තුට්ටුවකටවත් නොතකයි

 

සජිත් ප්‍රේමදාස නිසා අනාථ වූ තවත් මිනිහෙකුගේ අනුවේදනීය කතාව මෙන්න 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

  

බුදුන් වහන්සේ විශේෂයෙන් අනු දැන වදාළ සහ ක්‍රියාවෙන්ම ඔප්පු කළ ගිළානෝපස්ථානය තුට්ටුවකටවත් මායිම් නොකර එම ධර්මතාවය උල්ලංඝණය කරමින් අති උතුම් පුර පසළොස්වක වෙසක් සතියේ දී, හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අමානුෂික මහා පාප කර්මයක් පිළිබඳ සිද්ධියක් "lankanewsweek" වෙත වාර්තා වෙයි.

එම අනුවේදනීය කතාව මෙසේය.

හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අමානුෂික, අකෘතඥ සහ අවස්ථාවාදී ජන්ම ගති සේම ක්‍රියාකලාපය හේතුවෙන් ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම් ප්‍රවීණ මාධ්‍යවේදී මහිලාල් එම් සෙනෙවිරත්න මහතා, කිසිවෙකුගේ පිහිටක් නොමැතිව සහ කිසිවක් කර කියා ගත නොහැකිව මේ වන විට අන්ත අසරණ වී සිටියි.

මහිලාල් සෙනෙවිරත්න මහතා සිය වකුගඩු රෝගය හේතුවෙන් මීට දින කිහිපයකට පෙර, එනම් වෙසක් සතිය ආරම්භයේ දී අසාධ්‍ය තත්ත්වයට පත්ව මරණාසන්න වී ඇති අතර ඒ අවස්ථාවේදී ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් ඒ සම්බන්ධයෙන් වහාම සජිත් ප්‍රේමදාස මහතා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත මහිලාල් සෙනෙවිරත්න මහතා ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර තිබේ.

එම කණ්ඩායම මැදිහත් වී මහිලාල් සෙනෙවිරත්න මහතා එසේ ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර තිබෙන්නේ රෝහල් සහ බෙහෙත් ඇතුළු සියලු වියදම් තමා දරන බවට සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දුව මත වන නමුත් අවසානයේ දී පොරොන්දු වූ පරිදි රෝහල් ගාස්තුව ගෙවීම සජිත් ප්‍රේමදාස මහතා මඟ හැර ඇති අතර ඒ හේතුවෙන් සියලු දෙනාම අන්ත අසරණ වී ඇත.  

රෝහල් ගාස්තුව වෙනුවෙන් පමණක් රුපියල් 1,75,000ක බිල් පතක් මහිලාල් සෙනෙවිරත්න මහතාගේ අතට රෝහල් බලධාරීන් ලබා දී ඇති අතර එම බිල් පත අතේ තබා ගෙන ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ 0777775527 යන ජංගම දුරකථනයට දිගින් දිගටම කතා කර ඇතත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

රුපියල් 1,75,000ක් තබා ඒ වන විට අතේ සත පහක්වත් තිබී නොමැති මහිලාල් සෙනෙවිරත්න මහතා මේ හේතුවෙන් ලැජ්ජාවට සේම අන්ත අසරණ භාවයට පත්ව ඇති අතර කවුරුන් හෝ පිහිටට ඇවිත් බිල ගෙවන තුරු ඔහුට රෝහලේ වැඩිපුර දවස් දෙකක් සිටීමට සිදුව ඇත. රෝහලේ බිල නොගෙවීම නිසා එම වැඩිපුර දවස් දෙකම මේ අසාධ්‍ය රෝගියාට රැය පහන් කිරීමට සිදුව ඇත්තේ වාට්ටුවේ ඇඳක් මත නොව රෝහලේ කොරිඩෝවේ තිබෙන බංකුවක් මතය.

මේ අනුවේදනීය සිද්ධිය ආරංචි වූ වහාම සජිත් ප්‍රේමදාස මහතාගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරකවරිය වන නදීරා මඩුගල්ල මහත්මිය ඔහුට දුරකථනයෙන් කතා කර ඇතත් ඔහු ඊට ද ප්‍රතිචාර දක්වා නොමැත. ඒ බව ආරංචි වීමෙන් පසුව "ලංකාදීප" පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදී අංජුල මහික වීරරත්න මහතා, සජිත් ප්‍රේමදාස මහතාගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් යොමු කරමින්, මේ වෙලාවේ මහිලාල් සෙනෙවිරත්න මහතාට උදව් කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින්, තමා මහිලාල් සෙනෙවිරත්න මහතාට උදව් කරන අතර තමා රනිල් වික්‍රමසිංහ වගේ මිනිහෙකු නොවන බව කියමින් සජිත් ප්‍රේමදාස මහතා,   "ලංකාදීප" පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදී අංජුල මහික වීරරත්න වෙත කෙටි පණිවුඩයක් යවා තිබෙන අතර ඔහු ඒ බව මහිලාල් සෙනෙවිරත්න මහතා ඇතුළු සහෝදර මාධ්‍යවේදීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා කිනම් හෝ මොහොතක සල්ලිත් රැගෙන රෝහලට පැමිණ බිල ගෙවා මහිලාල් සෙනෙවිරත්න මහතා නිදහස් කර ගනු ඇතැයි සියලු දෙනා දෑස් අයා බලා සිටියත් ඔහු රෝහලට පැමිණ නැත. අනතුරුව නදීරා මඩුගල්ල මහත්මිය මේ සිද්ධිය සහ උද්ගත වී ඇති අවාසනාවන්ත, කටුක සේම අමිහිරි තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රබලයින් වන තලතා අතුකෝරාල සහ ඉමිතියාස් බකීර් මාකර් යන මහත්ම මහත්මීන් ද දැනුම්වත් කර ඇති නමුත් මහිලාල් සෙනෙවිරත්න මහතා වෙනුවෙන් එම මුදල ගෙවා ඔහු රෝහලෙන් නිදහස් කර ගෙන ඔහුට අවශ්‍ය බෙහෙත් ටික ලබා දීමට ඔවුන්ද ඉදිරිපත් වී නොමැත.

අවසානයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපයේම සිටින ඔහුගේ අතිශය විශ්වාසවන්ත පෞද්ගලික හිතවතෙකු වන චමත් ජයසුන්දර මහතාට දුරකථනයෙන් කතා කොට මේ ගැන දැනුම් දීමට නදීරා මඩුගල්ල මහත්මිය පියවර ගෙන ඇති අතර එහිදී චමත් ජයසුන්දර මහතා ඇයට ඉතා අශෝභන සහ පහත් ලෙස බැණ වැදී ඇත.

ඒ සමගම මේ සිද්ධිය කටින් කට ගොස් සියලු දෙනාට ආරංචි වුව හොත් තමාට විශාල අවනම්බුවක් සිදු වන බව තේරුම් ගෙන ඇති සජිත් ප්‍රේමදාස මහතා සිය හිතවතෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතා හරහා රෝහල් ගාස්තුවෙන් කොටසක් ඒවා ඇඟ බේරා ගෙන සිය ජංගම දුරකථනය ද "Off" කර ගෙන තිබේ.

ඊට පසුව සජිත් ප්‍රේමදාස මහතා ඒවා තිබූ මුදලට මහිලාල් සෙනෙවිරත්න මහතාගේ හිතවතුන් ද ඒ අයට හැකි අයුරින් මුදලක් එකතු කර ඇති නමුත් සම්පූර්ණ බිල පියවීම සඳහා තවත් රුපියල් 62,000ක හිඟයක් තිබී ඇති අතර කිසිවක්ම කර කියා ගත නොහැකි අවස්ථාවේ එම කණ්ඩායම ඒ බව හිටපු කතානායක කරු ජයසූරිය මහතාට දැනුම් දී තිබේ.

වහාම ක්‍රියාත්මක වී ඇති කරු ජයසූරිය මහතා මහිලාල් සෙනෙවිරත්න මහතාගේ හිතවතුන් ගෙන්වා ගෙන ඒ අයට එම මුදල ලබා දී ඇති අතර ඒ අනුව රෝහලේ සම්පූර්ණ බිල ගෙවා නිදහස් වී යාමට මහිලාල් සෙනෙවිරත්න මහතාට හැකි වූයේ සෙනසුරාදා (09) රාත්‍රියේය. ඔහුට ජීවත් වීම සඳහා ස්ථිර නිවසක් ද අදායමක් ද නොමැති අතර ඔහු මේ වන විට නවාතැන් ගෙන සිටින්නේ කොට්ටාව, පන්නිපිටියේ පිහිටි ඔහුගේ හිතවතෙකුගේ නිවසේය.

කරු ජයසූරිය මහතා මුදල් ද සමග මහිලාල් සෙනෙවිරත්න මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලිපියක් ද යවා තිබෙන අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් නදීරා මඩුගල්ලේ මහත්මිය සිය "facebook" ගිණුමේ තබා ඇති සටහන ද පහත දැක්වේ.  

                

Advertiesment