Tuesday 14th of July 2020

English Tamil
Advertiesment


ලක්ෂ්මන් කිරිඇල්ලගේ පුතාට එරෙහි චෝදනා සදා අනාථයි


2020-05-08 5520

පුත්‍රයා මව්බිමට පැමිණ ඇත්තේ 2019 අගෝස්තු 

 

කලක් තිස්සේ නීති වෘත්තියේත් යෙදෙනවා 

 

විරුද්ධවාදීන්ගේ අතේ රෝල අතේම පත්තු වෙයි 

 

"මට ගැහුවට කමක් නැහැ...මගේ දරුවන්ට ගහන්න එපා"

 

ලක්ෂ්මන් කිරිඇල්ල සියල්ල හෙළි කරයි 

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

එංගලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව ගෙවුණු සතියේ සිය මව්බිමට පැමිණි ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස අතර සිය පුත්‍රයා ද සිටී අතර ඔහු ගුවන් තොටුපොළේ දී අශෝභන සහ කලහකාරී ලෙස හැසිරුණු බවට සමාජ මාධ්‍ය සහ විවිධ වෙබ් අඩවි ඇතුළු ජනමාධ්‍ය ඔස්සේ පළ වෙමින් පවතින ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අභූත, අසත්‍ය සහ පදනම් විරහිත බව පාර්ලිමේන්තුවේ හිටපු සභානායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කොළඹදී සිකුරාදා (07) මේ බව පැවැසූ ලක්ෂමන් කිරිඇල්ල මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ද පැමිණිලි කළ අතර ඊට එරෙහිව ඉදිරියේ දී තවත් නීතිමය පියවර ගන්නා බව ද කියා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

"එංගලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව ගෙවුණු සතියේ සිය මව්බිමට පැමිණි ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස අතර මගේ පුත්‍රයා ද සිටී අතර ඔහු ගුවන් තොටුපොළේ දී අශෝභන සහ කලහකාරී ලෙස හැසිරුණු බවට සමාජ මාධ්‍ය සහ විවිධ වෙබ් අඩවි ඇතුළු ජනමාධ්‍ය ඔස්සේ පළ වෙමින් පවතින ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අභූත, අසත්‍ය සහ පදනම් විරහිත බව කිව යුතුයි. 

මේ ප්‍රවෘත්තිය දේශපාලන වශයෙන් මට මඩ ගැසීම සඳහා සම්පූර්ණයෙන්ම ගොතපු අසත්‍ය කතාවක් බව පැහැදිළියි. මගේ පුතා එංගලන්තයේ බැරිස්ටර් විභාගය සමත් වී ශී‍්‍ර ලංකාවට පැමිණියේ 2019  අගෝස්තු මාසයේ 8 වැනිදායි. නීතීඥවරයෙකු ලෙස රාජකාරි ඇරැඹීම සඳහා ඔහු මේ වන විට පුහුණුවීම් ඇතුළු අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරමින් සිටිනවා. 

ඔහු කිසිම දේශපාලනයකට කිසිසේත් සම්බන්ධ වී නොමැති අතර අවම වශයෙන් මගේ මැතිවරණ කටයුතු සඳහාවත් ඔහු කවදාවත්ම කිසිදු අයුරකින් සම්බන්ධ වී නැහැ. මෙම ව්‍යාජ පුවත පළ වූ සැණින්, විපක්ෂ දේශපාලනය කරන අය ඉතාම අසභ්‍ය පණිවිඩ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට පවා එවා තිබුණා. මෙවැනි ව්‍යාජ පුවත් අහිංසක ජීවිත ගත කරන අයට දැඩිව බලපානවා. කිසිම සම්බන්ධයක්, පදනමක් සහ සත්‍යයක් නොමැති මෙවැනි කි‍්‍රයා ඉතාම පහත්, අමානුෂික සහ තිරශ්චීන බව කිව යුතුයි.

මෙවැනි ඉතාම පහත්, අමානුෂික සහ තිරශ්චීන වැඩ කරන අයට මම තරයේ කියා සිටින්නේ ඇත්තට හෝ වේවා බොරුවට හෝ වේවා පහර දෙනවා නම් මට පහර දෙන ලෙසයි. එසේ නොමැතිව අපේ අහිංසක දරු දැරියන්ට පහර දෙන්න එපා. ඒ දරු දැරියන් දේශපාලනයට සම්බන්ධ නැහැ. කිසිම දේශපාලනයක් නොකර තමාගේ පාඩුවේ ජීවත් වන මගේ පුතා අහිංසකයි. ඒ දරුවට අභූත, අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඉතාම පහත්, අමානුෂික සහ තිරශ්චීන ලෙස පහර දෙන්න එපා. මගේ අඩුපාඩු තිබෙනවානම් ඒ අඩුපාඩු මට පෙන්වා දෙන්න. අවශ්‍ය නම් මඩත් ගහන්න. ඒ සියල්ල භාර ගැනීමට මම සූදානම්. 

මේ ව්‍යාජ පුවත් සැකසූ අය කෙතරම් පහත්, අධම සහ තිරශ්චීන තත්ත්වයක සිටියා ද කිව හොත් සමාජ මාධ්‍යන්හි ඇති අපගේ පුද්ගලික  ගිණුම්වලින් ගත් අපේ දරු මුණුපුරන්ගේ ඡායාරුප පවා පළ කර තිබුණා. මෙවැනි අසික්කිත, පහත් සහ අභූත චෝදනා සහිත ව්‍යාජ පුවත් පාලනය කිරීම අපට විතරක් නොව මුළු ලෝක ප‍්‍රජාවටම බලපාන ප‍්‍රශ්නයක් වී තිබෙනවා. මේ සම්බන්ධව පොලිස්පතිතුමාටත් පැමිණිලි කළා. මං විශ්වාස කරනවා ඉදිරියේදි ඒ පිළිබදව පරීක්ෂණ කටයුතු සිදුවේවි කියා."

 


 

Advertiesment