Friday 4th of December 2020

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුව යළි රැස් කරන ලකුණු..?


2020-05-07 12911

ඓතිහාසික තීන්දුවක්..?

 

පාර්ලිමේන්තුව රැස් කළොත් ඒ මැයි 15 ට පෙර..?

 

නිශ්චිතව කියනු බැහැ-හැබැයි සාකච්ඡාව සහතිකයි..!

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ අවධානය යොමුව ඇති බව ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රික අභ්‍යන්තර ආරංචි මාර්ග "lankanewsweek" වෙත තහවුරු කර සිටියි.

පාර්ලිමේන්තුව යළි කැඳවීමට අදාළව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් තවත් සුවිශේෂී පාර්ශවයක් සමග බදාදා (06) ගැඹුරින් කරුණු අධ්‍යනය කරමින් සිටී බව ද එම ආරංචි මාර්ග අවධාරණය කර සිටියේය.

මේ කාරණයට අදාළව යම් තොරතුරු ප්‍රමාණයක් සහ අවබෝධයක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සතුව ද තිබෙන අතර විශේෂයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග අදහස් සහ යෝජනා හුවමාරු කර ගෙන ඇති බව ද එම  ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රික අභ්‍යන්තර ආරංචි මාර්ග "lankanewsweek" වෙත අනාවරණය කර සිටියේය.

එම ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රික අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දුන්නේ මේ සාකච්ඡා සහ අධ්‍යනවල ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව යළි කැඳ වන්නේ නම් 2020.05.15 වැනිදාට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පියවර ගනු ඇති බවය.

මේ අනුව පාර්ලිමේන්තුව යළි කැඳවයි ද, නැද්ද යන කාරණය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් පළ කිරීමට ද, ජනාධිපතිවරයා නියත ලෙසම පාර්ලිමේන්තුව කැඳ වනු ඇතැයි කියා සිටීමට ද "lankanewsweek" කණ්ඩායමට හැකියාවක් නොමැති නමුත්, පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ අවධානය යොමු වී ඇති අතර ඊට අදාළව එම නායකයින් කරුණු අධ්‍යනය කරමින් සහ සාකච්ඡා කරමින් සිටී බව 100%ක් සහතික කළ හැකිය.  

 

Advertiesment