COVID -19 මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලන කරමින් එම වසංගතය මර්දනය කළ හැක්කේ ආසාදිතයින් හඳුනා ගැනෙන "Testing" වලින් විනා ඇඳිරි නීතිය කඩන පුද්ගලයින්ට එරෙහිව සිදු කරන "Arresting" වලින් නොවන බව රජය ද, වෛද්‍ය, සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන් සේම සියලු ජනමාධ්‍ය ද තේරුම් ගත යුතු යැයි එක්සත් ජනතා පෙරමුණේ නායක සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි මහතා "lankanewsweek" සමග පැවසීය.
ඇඳිරි නීතිය පැනවූ 2020 මාර්තු 20 වැනිදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 41,079ක් ද, රථ වාහන 10,591ක් ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව කියමින් එම සිද්ධි ක්‍රියාදාම චිත්‍රපට ලෙස වාර්තා කරන විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය, එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කර ඇති සහ ඒ ඒ දිනයට අදාළව සිදු කළ P.C.R පරීක්ෂණවල ප්‍රමාණය වාර්තා නොකරන්නේ මන්දැයි ද හෙතෙම ප්‍රශ්න කර සිටියේය.
මේ සම්බන්ධයෙන් "lankanesweek" සමග වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය සිරිමසිරි හපුආරච්චි මහතා මෙසේද කීය.
"COVID -19 මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලන කරමින් එම වසංගතය මර්දනය කිරීම සඳහා වෛද්‍ය, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ද, ජනාධිපතිවරයා ප්‍රධාන රජය ද සිදු කරමින් සිටින මෙහෙවර අප අගය කරන අතර විපක්ෂයක් ලෙස ඒ සඳහා අපට ලබා දිය හැකි දායකත්වය සහ සහයෝගය රට-ජනතාව වෙනුවෙන් අප කොන්දේසි විරහිතව ලබා දෙනවා.
කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන සෞඛ්‍ය අංශ ද, රටේ සියලු විද්වතුන් ද, වග කිව යුතු දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දේශපාලන නායකයින් ද නිරතුරුවම පෙන්වා දෙන්නේ COVID -19 මාරාන්තික නව කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දිනකට සිදු කෙරෙන P.C.R පරීක්ෂණ ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
P.C.R පරීක්ෂණ මෙසේ ඉබි ගමනින් සිදු කර COVID -19 මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලන කරමින් එම වසංගතය මර්දනය කිරීමට නොහැකි බව සියලු පාර්ශවයන්ගේ දැඩි ස්ථාවරය වී තිබෙන අතර විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කර සිටින්නේ මෙම P.C.R පරීක්ෂණ ඉතා ආක්‍රමණශීලී ලෙස සිදු කළ යුතු බවයි.
COVID -19 වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දකුණු කොරියාව දිනකට P.C.R පරීක්ෂණ 12,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් සිදු කරද්දී, ශ්‍රී ලංකා රජය දිනකට සිදු කරන්නේ P.C.R පරීක්ෂණ දහසකට ආසන්න ප්‍රමාණයක් පමණකි.
මේ අතර COVID-19 වසංගතය හඳුනා ගැනීම සඳහා RT-PCR පරීක්ෂණ සිදු කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශය සතු උපරිම ධාරිතාවය, සම්පත් සහ හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකිරීමෙන් එම පරීක්ෂණ යම් කිසි අදිසි හස්ථයක ග්‍රහණයට සේම උවමනාවන්ට නතු වී තිබෙන්නේ ද යන සැකය මතු වන බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය ද අවධාරණය කර සිටියි.
දවසකට P.C.R පරීක්ෂණ 1500ක් කරන්න හැකියාව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාම කියා සිටියත් එම පරීක්ෂණ සංඛ්‍යාවවත් සිදු මේ දක්වා සිදු නොවීම කණගාටුවට කරුණක් බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩි දුරටත් කියා සිටින්නේ එම පරීක්ෂණ ප්‍රමාණයවත් සිදු කිරීමට නොහැකි බාධක, අඩුපාඩු සහ ප්‍රශ්න තිබෙනවා නම් ඒ ගැන ජනාධිපතිවරයාට සහ රටට කියා ඒ සඳහා විසඳුම් ලබා ගැනීමට බලධාරීන් ක්‍රියා කළ යුතු බවය.
COVID -19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දවසකට සිදු කරන පී.සී.ආර් "Testing" ප්‍රමාණය දහසකට නොවැඩි නමුත් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ බව කියමින් ආරක්ෂක අංශ මිනිස්සු සහ රථ වාහන දහස් ගණනින් දිනපතා "Arresting" හෙවත් අත්අඩංගුවට ගැනීම් සිදු කරන අතර සියලු රූපවාහිනී නාලිකා සිය රාත්‍රී ප්‍රධාන ප්රවෘත්ති විකාශ ඔස්සේ මෙම "Arresting" තිර ගත කරන්නේ ක්‍රියාදාම චිත්‍රපට ලෙසටය.
"Arresting" සඳහා බලධාරීන් දක්වන උනන්දුව "Testing" සඳහා නොදක්වන්නේ ඇයි..? ඒ වගේම ක්‍රියාදාම චිත්‍රපට ලෙසින් මේ "Arresting" වාර්තා කරන රජයේ සහ පෞද්ගලික රූපවාහිනී නාලිකා, ඒ ඒ දින ඇතුළත දී බලධාරීන් සිදු කළ "Testing" ප්‍රමාණය පිළිබඳව කරුණු සොයා බලා ජනතාවගේ අවබෝධය පිණිස එම ගණන් හිලව් වාර්තා නොකරන්නේ ඇයි..?
ඇඳිරි නීතිය පැනවූ 2020 මාර්තු 20 වැනිදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 41,079ක් ද, රථ වාහන 10,591ක් ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා කරන මෙම විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කර ඇති සහ ඒ ඒ දිනයට අදාළව සිදු කළ P.C.R පරීක්ෂණවල ප්‍රමාණය වාර්තා නොකරන්නේ ඇයි..? ඒ ඒ දිනයට අදාළව P.C.R පරීක්ෂණ කොපමණ ප්‍රමාණයක් කළා දැයි යන්න පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසා ඒ පිළිබඳ තොරතුරු රටට-ජනතාවට වාර්තා කරන්න ජනමාධ්‍ය බියක් දක්වනවා ද..?
ඒ අනුව රජයට, වෛද්‍ය, සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන්ට සේම සියලු ජනමාධ්‍යවලට අප තරයේ කියා සිටින්නේ, COVID -19 මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලන කරමින් එම වසංගතය මර්දනය කළ හැක්කේ ආසාදිතයින් හඳුනා ගැනෙන "Testing" වලින් විනා ඇඳිරි නීතිය කඩන පුද්ගලයින්ට එරෙහිව සිදු කරන "Arresting" වලින් නොවන බවයි."
Lanka Newsweek © 2024