Thursday 1st of October 2020

English Tamil
Advertiesment


COVID -19 පර්යේෂණ මධ්‍යස්ථාන පළාත් වශයෙන් අරඹනු


2020-04-29 3051

(උපුල් බණ්ඩාර)  

COVID -19 මාරාන්තික කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරමින් මර්දනය කිරීම සඳහා එම වෛරස් ආසාදිතයින් සොයා ගැනීමට පළාත් වශයෙන් පර්යේෂණ මධ්‍යස්ථාන කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක, අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව පළාතකට එක් පර්යේෂණ මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ කළ යුතු බව පෙන්වා දෙන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, උදාහරණයක් වශයෙන් තමා නියෝජනය කරන දිස්ති‍්‍රක්කයේ මහනුවර මහ රෝහල වැනි ප‍්‍රධාන රෝහල්වල මෙවැනි පර්යේෂණ මධ්‍යස්ථාන ආරම්භ කිරීම වඩා සුදුසු යැයි ද කියා සිටියි.  

වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය "Lock Down"  කි‍්‍රයාවලිය සිදු කළ නමුත් එම වැඩ පිළිවෙළ සාර්ථක මට්ටමකට පැමිණ නොමැති බව මේ වන විට පැහැදිළිව දක්නට ඇති හෙයින් ලෝක සෙෘඛ්‍ය සංවිධානය ද,  පෙන්වා දී ඇති පරිදි හැකි තරම් පරීක්ෂණ සිදු කළ යුතු අතර මෙම තත්වය පාලනය කළ හැක්කේ උපරිම අයුරින් පරීක්ෂණ සිදු කිරීමෙන් පමණක් යැයි ද ඔහු පෙන්වා දෙයි.

COVID -19 මාරාන්තික කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට විශාල වශයෙන් විදේශ ආධාරද හිමිව තිබෙන තත්ත්වය හමුවේ මේ පළාත් බද පර්යේෂණ මධ්‍යස්ථාන කඩිනමින් ආරම්භ කිරිමට රජයට හැකියාව තිබෙන බව ද ලක්ෂමන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි. 
 

Advertiesment