Sunday 5th of July 2020

English Tamil
Advertiesment


 වසංගතය අවසන් වන දිනයක් ගැන කියන්න බැහැ -සෞඛ්‍ය අංශ-


2020-04-29 2301

එජාපය අනිල් ජාසිංහ හමු වෙයි-සෞඛ්‍ය අංශ එජාපයට දැනුම් දෙයි

 

විපක්ෂයෙන් අවශ්‍ය සහය කුමක්දැයි එජාපය අසයි

 

"Video" තාක්ෂණයෙන් රනිල් ද සාකච්ඡාවට එක් වෙයි

 

(සුජිත් මංගල ද සිල්වා)   

මාස දෙකකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින COVID -19 මාරාන්තික නව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරින් අඟහරුවාදා (28) හමු විය. 

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ජා කරන අතරවාරයේ, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද  ඊට "Video" තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, අර්ජුන රණතුංග, දයා ගමගේ, සහ අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඉහත හමුවට සහභාගී වූහ. 

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම යෝජනා කළ ආකාරයට කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කරන P.R.C  පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට සෞඛ්‍ය අංශ ගත් පියවර අගය කළ එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍යවරු, එම පරීක්ෂණ දිනකට 3000 දක්වා වැඩි කර පසුව 5000 සීමාවට ගෙන ආ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ක්‍රියාත්මක කිරිමට උත්සාහ කරන්නැයි ද ඒ සඳහා විපක්ෂයේ පූර්ණ සහය දෙන බවද සඳහන් කළහ.
 

Advertiesment