Wednesday 18th of September 2019

English Tamil


ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නෑ-ඩේවිඩ් වෝනර්


2019-07-03 1190

(නිලන්ති චන්ද්‍රසේන )

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළව ඕස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට මාස 12 ක තරග තහනමක් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගියදා පැනවිය.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්  විසින් මෙම වරද සිදු කළ අතර, නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය වි ඇත.

එළබෙන අප්‍රේල් මස 7 වනදා  ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය  ආරම්භ වීමට නියමිත අතර මෙම තරග තහනම හේතුවෙන් ඩේවිඩ් වෝනර්ට එම තරගයද  අහිමි වනු ඇත.

ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ  තමා  නැවත වතාවක් ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලට ක්‍රීඩා නොකරනු  ඇති බවයි.

ඔහු 2009 වර්ෂයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ජාත්‍යන්තර  ක්‍රිකට් වරම් ලැබූ අතර සිය මංගල ජාත්‍යන්තර  ටෙස්ට් ක්‍රිකට්  තරගය 2011 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළේය.

මේ වන විට වෝනර් ටෙස්ට් තරග 74ක් ක්‍රීඩා කර ලකුණු 6363ක් ලබා ඇත. ටෙස්ට් ඉනිමක ඔහු ලබා ගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය  ලකුණු 253ක් වන අතර  ඔහු මේ වන විට අර්ධ ශතක 29ක් සහ ශතක 21ක් ලබා ඇත.

එක්දින තරග 106ක් තරග කර ඇති වෝනර් අර්ධ ශතක 17ක් සහ ශතක 14ක්  ලබා ඇති අතර එක්දින තරගයකදී ඔහු ලබාගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය 179කි. ඔහු ලබා ගෙන තිබෙන   මුළු ලකුණු ගණන 4343ක් වේ.

පන්දු වාර 20යි 20 ජාත්‍යන්තර තරග 70කට ක්‍රීඩා කර ඇති වෝනර් ඉනිමක ලබාගෙන අති වැඩිම ලකුණු ගණන 90ක් වන අතර ඊට අර්ධ ශතක 13 ඇතුළත්ය.ලබාගෙන ඇති මුළු ලකුණු ගණන 1792කි.

මේ වන විට 31 වන වියේ පසුවන වෝනර් වසර 09ක කාලයක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග  නියෝජනය කර ඇත.