Friday 4th of December 2020

English Tamil
Advertiesment


රැඩිකල් පෙරළියක් කළ හැකි ගෝලීය නායකයා කවුද..?


2020-04-26 9541

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ කෙබඳු නායකයෙකුද..?

 

නළුවෙකු ද, නැති නම් ගෝලීය මිනිහෙක් ද..?    

 

එක්සත් ජාතීන්ගේ භූමිකාව කෙබඳු විය යුතුද..?

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ද අවශ්‍ය හොඳ නායකත්වයකි 

 

 
(මහාචාර්ය ප්‍රසන්න පෙරේරා)   

 

දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ඇතුළු ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ පෞද්ගලික, භූ දේශපාලනික, ජාතික, වාර්ගික සහ ආගමික පටු න්‍යාය පත්‍රවලින් තොරව සියලු රටවල් එකට ඒකරාශී කර ගනිමින් නව ගෝලීය ගම්මානයක් ලෙස  මුළු ලොවම එක මිටට ගෙන මේ සියලු අර්බුදවලට රැඩිකල් ලෙස මැදිහත් විය හැකි දුරදර්ශී, ශක්තිමත් සහ අභිමානවත් ගෝලීය දේශපාලන නායකත්වයක අවශ්‍යතාවය ඉතිහාසයේ කවරදාටවත් වඩා පෘථිවි වැසියන් හමුවේ අද මතුව පවතියි.

පෘථිවි චිපිට ගෝලයේ උද්ගත වී තිබෙන මේ අර්බුදකාරී, භයානක සහ අවිනිශ්චිත තත්ත්වය හමුවේ ලෝකයට එවැනි දේශපාලන නායකත්වයක් අවශ්‍ය වනවා සේම ලෝකය මෙහෙයවමින් පාලනය කරන බහු පාර්ශවීය මුල්‍ය ආයතන වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු ආයතනවලට පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද එවැනිම දුරදර්ශී, ශක්තිමත් සහ දැක්මක් සහිත නිර්මාණශීලී නායකයින්ගේ අවශ්‍යතාවය මතුව තිබෙන බව කිව යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරුන් වශයෙන් එදා කටයුතු කළ බෘට්‍රෝස් බෘට්‍රෝස් ගාලි, කොෆී අන්නන් සහ බෑන් කී මූන් යන කෘතහස්ථ ගෝලීය නායකයින් ක්‍රියාවේ යෙදවූ ගෝලීය භූමිකාව ඒ ඒ ගෝලීය සංවිධාන සහ ආයතනවල සිටින වත්මන් නායකයින්ගෙන් දැක ගත හැකිද..? ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා COVID-19 වසංගත තත්ත්වය හමුවේ චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා සම්බන්ධයෙන් දරන ස්ථාවරය දකින විට සේම ඔහු ඒ සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අසන විට ඇඟ කිළිපොලා නොයන්නේ ද..?

රටක්-ජාතියක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ ද ලෝකය මුහුණ දී සිටින තත්ත්වයටම වන අතර ශ්‍රී ලංකාවට ද දුරදර්ශී, ශක්තිමත් සහ අභිමානවත් නායකත්වයක් අවශ්‍ය බව අවධාරණය කර සිටින්නේ ඒ නිසාය. රටක නායකත්වයට අවශ්‍ය වන්නේ දේශපාලන නළුවෙකු නොව, ඒ රට ලෝකයට ගෙන යා හැකි සහ ලෝකය රට අභ්‍යන්තරයට ගෙන ආ හැකි කොදෙව් මානසිකත්වයෙන් මිදුණු පුළුල් චින්තනයක් සහිත ගෝලීය මිනිසෙකි.

2014 වර්ෂයේදී එවකට ඇමරිකානු ජනාධිපති වූ බැරැක් ඔබාමා ගෝලීය වසංගතයක් පිළිබඳව පුරෝකතනය කළ අතර එවැනි තත්ත්වයක් හැසිර විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව නිසි දැක්මක්ද තිබූ නායකයෙක් විය. වර්තමානය වන විට එවැනි නායකයකත්වයක අඩුවක් ඇත. අපේ රටට සහ ලෝකයට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිනම් ආකාරයක නායකත්වයක්ද යන්න පිළිබඳව ඔබට පහත වීඩියෝවෙන් වටහා ගත හැකි වේ. 


 

 

Advertiesment