Thursday 1st of October 2020

English Tamil
Advertiesment


පියඹන ලොකුම පක්ෂියා-හාපි රාජාලියා


2020-04-25 1416

(රසල් සි.පී.බණ්ඩාරවත්ත)

ලෝකයේ විශාලතම රාජාලි පක්ෂියා ලෙස පිළිගැනෙන්නේ මෙක්සිකෝවේ සිට ආජන්ටිනාවේ උතුරු දිග ප්‍රදේශවල ඇති සදාහරිත වනාන්තර තුල වාසය කරන "හාපි" නම් රාජාලියාය. අතු රිකිලි පැලෑටි මෙන්ම තමුන් දඩයම් කරන පක්ෂීන්ගේ පිහාටු භාවිතා කරමින් වනාන්තර තුල ඇති උසින් වැඩි ගස් තුල නිවහන තනා ගනී.

මෙම පක්ෂියාගේ ගැහුණු සතා පිරිමි සතාට වඩා දෙගුණයකින් බරින් වැඩිය. සාමාන්‍යයෙන් ගැහුණු සතෙකු රාත්තල් 20 ක් පමණ වේ. මෙම පක්ෂීන් දිගින් සෙන්ටිමීටර් 100 ක් පමණ වේ."හාපි" රාජාලියෙකුගේ පාදයක ඇති නියපොතු දිගින් අඟල් 5 ක් පමණ වන අතර ගොදුරක් ඩැහැ ගැනීමේදී රාත්තල් 110 ක පමණ පීඩනයක් ගොදුර වෙත එල්ල කළ හැක. රාත්තල් 20 ක පමණ වඳුරෙකු ඉතා පහසුවෙන් දඩයම් කර පියාසර කිරීමේ හැකියාව මෙම යෝධ පක්ෂියාට ඇත.

 

 

Advertiesment