Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


අභි රහස් පැහැර ගැනීමකින් විවර වූ බිහිසුණු මාවත..!


2019-07-02 1976

ටයිගර් ශරෝෆ්  කියන්නේ වර්තමාන  බොලිවුඩ් සිනමාවේ ඉහලින්ම  සිටින  සටන් නළුවා බව හැම දෙනාම පිළිගන්නා කරුණක්.ප්‍රවීන නළු ජැකී ශරෝෆ් ගේ පුත්‍රයා වන ඔහු ටයිකොන්ඩෝ සටන්  කලාවේ කළු පටි පස්වැනි ශේණියේ සටන් ශුරයෙක්.කුඩා කාලයේ පටන්ම සටන් කලාවට නැඹුරු වුනු ඔහු  වඩාත්ම කැමැත්තක් දක්වන්නේ ක්‍රියාදාම  සඳහායි. සුප්‍රකට doom 3  සිනමාපටය වෙනුවෙන් අමීර් ඛාන් ටයිගර්  යටතේ  පුහුණුවීම් සිදු කිරීම ම ඔහුගේ සටන් දක්ෂතාවයට අති පිලි ගැනීම ප්‍රකට කරන්නක්.

2014 වසරේදී සිනමාවට පැමිණි ටයිගර් මේ වන විට ලොව වටා රසික ආකර්ෂණය දිනාගැනීමට සමත්වෙලා තියෙන්නේ ඔහුගේ ක්‍රියාදාම හැකියාව හෙතුවෙන්මයි.ටයිගර් රඟන අලුත්ම සිනමාපටය වන  Baaghi 2 එළඹෙන මාර්තු 30 වැනිදා සිට ලොව වටා තිරගත වීමට නියමිතයි.

මිට පෙර 2016 වසරේදී Baaghi පළමු සිනමාපටය තිරගතවුණු අතර එය  ලොව වටා ඉහල ප්‍රතිචාර හිමි කරගැනීමට සමත්වුණා.ටයිගර් ශරෝෆ් සමග ශාරදා කපුර් ප්‍රධාන චරිතය රඟපෑ එය ඉන්දියානු රුපියල් බිලියනයකට වඩා ඉපයීමට සමත්වීමත් විශේෂත්වයක්.

Baaghi 2 ප්‍රවීන නිෂ්පාදක සජිඩ් නදියවාලා විසින් නිෂ්පාදනය කර අති අතර එය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ අහමඩ් ඛාන් විසිනුයි.’තාල්’ ,’ගජිනි’, ‘කික්’ වැනි අතිශයින්ම ජනප්‍රිය සිනමාපට වල නර්තන අධ්‍යක්ෂක වරයා වුනු ඔහු  මිට පෙර සිනමාපට පහක්  අධ්‍යක්ෂණය කර තිබෙනවා.

2016 වසරේදී නිර්මාණය කෙරුණු අති සාර්ථක තෙලිඟු සිනමාපටයක් වන Kshanam  ඇසුරෙන් Baaghi 2   නිර්මාණය කෙරී තිබෙනවා.මිට පෙර එම සිනමාපටය ඇසුරෙන් දමිල සිනමාපටයක්ද නිර්මාණය කෙරී ඇති අතර එය නම් කර තිබෙන්නේ Sathya  යනුවෙන්.

මේ සිනමාපටයේදී ටයිගර් සමග ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ නවක නිලි දිශා පටනි විසින්.මිට පෙර ඇය ප්‍රේක්ෂකයන් අතර වඩාත්ම ජනප්‍රිය වුනේ M.S. Dhoni: The Untold Story සිනමාපටයේ ප්‍රියංකා චරිතය නිරුපනය කරමින්.මේ ඇය ප්‍රධාන චරිතයක් නිරුපනය කරන පළමු බොලිවුඩ් සිනමාපටයයි. දිශාට මෙහි ප්‍රධාන චරිතය හිමි වුනේ  ජැක්ලින් ෆර්නැන්ඩස් සහ කිර්ති  සනොන් යන ජනප්‍රිය නිලියන් පරදවමිනුයි.

මෙම සිනමාපටය වෙනුවෙන්ම ටයිගර් සිය ශරීරය ශක්තිමත් කර ගැනීමට සහ විශේෂ සටන් පුහුණුවකට යොමු වී ඇති අතර ඒ වෙනුවෙන්ම හොන්කොන් හි වෙසෙන ප්‍රවීන සටන් අධ්‍යක්ෂක ටෝනි චින්ග් යටතේ විශේෂ පුහුණු කාලයක් ගතකර  තිබෙනවා. Baaghi 2 හි ටයිගර් ගේ සිරුර සහ සටන් ජවනිකා බොලිවුඩ් සිනමාවේ නවතම මානයක් සනිටුහන් කරන බව විචාරකයන් මේ වන විටද අනාවැකි පළකර අවසන්.

Baaghi 2 සිනමාපටයේ දුෂ්ටයාගේ චරිතයට පන පොවනු ලබන්නේද නවක එහෙත්  දක්ෂ නළුවකු වන ප්‍රතික් බාබර් විසිනුයි.ප්‍රතික් යනු බොලිවුඩයේ යුගයක් එලිය කළ නළු නිලි යුවලක් වන රාජ් බාබර් සහ ස්මිතා පටෙල් දෙදෙනාගේ පුත්‍රයායි.

සිනමාපටයේ මුලික රුගත කිරීම් 2017 වසරේ අගෝස්තුවේ ඇරඹුණු අතර,මුම්බාය,ගෝවා,මනාලි,පුනේ ඇතුළු ප්‍රදේශ ගණනාවකදී එහි රුගත කිරීම් සිදු කෙරුනා.රුගත කිරීම් නිම කෙරී ඇත්තේ  දෙසැම්බරයේදියි.සිනමාපටයේ  එක් ජවනිකාවක ටයිගර් සම්පුර්ණයෙන් නිරුවතින් රඟපෑමත් විශේෂත්වයක්.එය මේ වන විටත් ලොව වටා රසික රසිකාවියන්ගේ විශේෂ අවධානය දිනාගෙන තිබෙනවා.

ගීත හතරක් අඩංගු Baaghi 2  සංගීත ඇල්බමය පසුගියදා මාධ්‍ය සහ රසිකයන් වෙත තිලින කෙරුණු අතර සිනමාපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කර ඇත්තේ ජුලියස් පාකියම් විසින්.සිනමාපටයේ ඇතැම් ගීත සඳහා ලක්ෂ්මි කාන්ත්-ප්‍යාරේලාල් දෙදෙනාද සහභාගි වීමත් විශේෂත්වයක්.

Baaghi සිනමාපට මාලාවේ තෙවැන්න ලෙස Baaghi 3 නිෂ්පාදනය කිරීමට එහි නිෂ්පාදන කණ්ඩායම තීරණය කර තිබෙනවා. අහමඩ් ඛාන් අධ්‍යක්ෂණය කරන එහි ප්‍රධාන චරිතය නිරුපනය කරනු ඇත්තේද ටයිගර් ශරෝෆ් විසිනුයි.එහි රුගත කිරීම් මේ වසරේ දෙසැම්බරයේ ඇරඹීමට මේ වන විට සියලු කටයුතු සුදානම් වී අවසන්.

සිය පැරණි පෙම්වතියගේ නැතිවූ පුත්‍රයා සොයා දීමට ඉන්දියාවට පැමිණෙන රොනීට කුමක් වෙයිද?පෙම්වතියගේ පුත්‍රයා සැබෑවක්ද මායාවක් ද?එම අභිරහස පසුපස හඹා යන රොනී අනාවරණය කරගන්නා බිහිසුණු සත්‍ය කුමක් ද?ඔබට ඒ සියල්ල දැනගත හැකි වන්නේ Baaghi 2   නැරඹීමෙන් පමණයි.

Advertiesment