Monday 28th of September 2020

English Tamil
Advertiesment


කුස ගින්න නිවා ගන්න දෙන රු,5000න් දේශපාලනය කරනු එපා -රවී-


2020-04-18 4589

රු, 5000ක්  දුන්නා කියනවා-හැබැයි ලැබුණු කෙනෙක් නැහැ

 

5000 දුන්නු ලැයිස්තුව ප්‍රදර්ශනය කළා නම් ප්‍රශ්නය ඉවරයි

 

රෙදි වෙළෙඳාමේ යෙදී සිටින 50,000ක් අනාථයි-ඒ අය ගැන බැලිය යුතයි 

 

භාහිර පංති ගුරුවරුන් ද අසරණ වෙලා 

 

බොහෝ අයට අවශ්‍ය ආධාර නොව ණය සහ සහනයි

 

සිංහල බෞද්ධ විරෝධීන් එළියට ගියා-එජාපය යළිත් පිරිසිදු වුණා 

 

(සුජිත් මංගල ද සිල්වා)     

 

තාවකාලිකව කුස ගිනි නිවා ගැනීම සඳහා අන්ත අසරණ ජනතාවට ලබා දෙන රුපියල් 5000 ඇතුළු සහනාධාර එක්ක දේශපාලනය නොකර එම ජන සහන  ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වළක්වා ගනිමින් එම වසංගතය මර්දනය කර ගැනීම සඳහා කිසිවෙකුට කිසිදු මැසිවිල්ලක්, විරෝධයක්, විවේචනයක් එල්ල නොකර රටේ යහපත වෙනුවෙන් සියල්ල ඉවසා දරා ගෙන වෛද්‍ය, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් ජනතාවට සිය ආචාරය පුද කරන බව ද හෙතෙම අවධාරණය කර සිටියි.

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, පාර්ලිමේන්තු මාර්ගයේ, රජ මල් වත්තේ පිහිටි සිය නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ බව පෙන්වා දුන් රවී කරුණානායක මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.     


COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වළක්වා ගනිමින් එම වසංගතය මර්දනය කර ගැනීම සඳහා කිසිවෙකුට කිසිදු මැසිවිල්ලක්, විරෝධයක්, විවේචනයක් එල්ල නොකර රටේ යහපත වෙනුවෙන් සියල්ල ඉවසා දරා ගෙන වෛද්‍ය, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අප අපගේ ජනතාවට ආචාරය පුද කරනවා.

එමෙන්ම මේ වසංගතය ව්‍යාප්ත වීම වළක්වා මර්දනය කිරීම සඳහා සිය දිවි පරදුවට තබා රට වෙනුවෙන් අභීතව ක්‍රියා කරන අපගේ වෛද්‍ය, සෞඛ්‍ය සේම ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු අංශවලට අප අපගේ උත්තමාචාරය පුද කරනවා.

කෙසේ නමුත් මෙම වසංගතය මර්දනය කිරීම සඳහා රජය අනුගමනය කරමින් සිටින ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය ඇතුළු අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ග හේතුවෙන් ආදායම් අහිමිව අන්ත අසරණ වී සිටින ජනතාවට ලබා දෙන රුපියල් 5000/= දීමනාව ඇතුළු ඒ සමස්ත ජන සහන ක්‍රියාවලිය දේශපාලනීකරණය වී ඇති බවට ජනතාව අතරින්ම චෝදනා එල්ල වෙමින් තිබෙනවා. 

එමනිසා මේ වසංගතයෙන් රට-ජනතාව බේරා ගැනීම සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහය උපරිමයෙන් ලබා දෙන අතර වග කිව යුතු දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට ලබා දෙන මෙම රුපියල් 5000 දීමනාව ඇතුළු ජන සහන ක්‍රියාවලිය වහාම නිර්දේශපාලනීකරණය කරන ලෙසයි.

ජනතාව අතර සහන මිලකට ආහාර බෙදා හැරීමේ ජාලය කොළඹ දිස්ත්‍රික්කයේවත් සාර්ථකව ක්‍රියාත්මක නොවන තත්ත්වය හමුවේ රටේ අනෙකුත් දිස්ත්‍රික්වල තත්ත්වය සිතා ගත හැකි අතර මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ ජනතාවට සහන ලබාදීමේ ක්‍රියාවලිය බරපතළ ලෙස බිඳ වැටී ජනතාව අසරණ වී ඇති බවයි. 

මහාමාන්‍ය ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන් ගණ පිහිටුවා ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය කලක් අන්තවාදී, ත්‍රස්තවාදී, සහ ජාතිවාදී චෝදනා ලැබූ සිංහල බෞද්ධ විරෝධීන්ගේ ග්‍රහනයට නැතුව අපිරිසිදු වී තිබුණත් මේ වන විට අපේ පක්ෂය යළිත් දේශපාලන වශයෙන් සුජාත සහ සුපිරිසිදු භාවයට පත්ව සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේම සිටිමින් පක්ෂය විනාශ කිරීමට එදා කුමන්ත්‍රණය කළ ඒ අන්තවාදී, ත්‍රස්තවාදී, සහ ජාතිවාදී චෝදනා ලැබූ සිංහල බෞද්ධ විරෝධීන් සියලු දෙනා අද එකම වේදිකාවක එකට එක්ව සිටින අතර පක්ෂය අභ්‍යන්තරයේ සිටිමින් පක්ෂයට එදා කිරීමට නොහැකි වූ ඒ විනාශය අද එළියේ සිටිමින් කරන්න උත්සහ දරනවා.

වසංගතයෙන් රට-ජනතාව බේරා ගැනීමට අවශ්‍ය සහය එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට ලබා දෙද්දී, ආණ්ඩුව එක්ක අප කූට දේශපාලන ගනුදෙනු (Political Deal) කරන බවට චෝදනා එල්ල කරන මේ අය, විපක්ෂ නායක අවශ්‍යතා යැයි කියමින් යාන වාහන, ඉන්ධන සහ ඒ ඒ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සියලුම වරදාන සහ වරප්‍රසාද ආණ්ඩුව මාර්ගයෙන් බොහොම පහසුවෙන් ලබා ගන්නවා. ඒ අනුව ආණ්ඩුව එක්ක ඇත්තටම කූට දේශපාලන ගනුදෙනු, කොන්ත්‍රාත් සහ සම්බන්ධකම් පවත්වා ගෙන යන්නේ කවුරුන්ද කියා ඔප්පු වී තිබෙනවා.      

Advertiesment