Wednesday 25th of November 2020

English Tamil
Advertiesment


ලංකාදීප කර්තෘ දෙයියන්දර සිරිසේන රණසිංහ අත්අඩංගුවට ගනු..!


2020-04-18 10227

 "කොරෝනා අවදානම ඉවරයි" කියා රට-ජනතාව නොමඟ යවලා 

 

"ලංකාදීප" ප්‍රවෘත්තිය පට්ටපල් බොරුවක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක කියයි 

 

සිරිසේන රණසිංහ සම්බන්ධයෙන් පොලිස්පති ක්‍රියා කරන අයුරු ගැන සියල්ලන් අවධානයෙන්

 

සමාජ මාධ්‍යවලට අදාළ නීති විද්‍යුත් කෝළම් මඩුවලටත්-මුද්‍රිත කැලෑ පත්තර පඩංගුවලටත් අදාළයි

 

"සිරිසේන රණසිංහ හැමදාම කළේ වරදාන වෙනුවෙන් රට ගිනි තබමින් ජනයා නොමඟ යැවීමයි"

 

ලංකාදීප ප්‍රධාන කර්තෘවරයා පත්තර හොරෙක් බව හෙළි වෙයි 

(සුජිත් මංගල ද සිල්වා) 

"කොරෝනා අවදානම ඉවරයි" යන ශීර්ෂය යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා උපුටා දක්වමින් 2020 අප්‍රේල් මස 18 වැනි සෙනසුරාදා "ලංකාදීප" පුවත්පත වාර්තා කර තිබෙන අතිශය සාවද්‍ය, පදනම් විරහිත සහ භයානක ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් එම පත්‍රයේ ප්‍රධාන කර්තෘ සිරිසේන රණසිංහ නැමැත්තා වහාම අත්අඩංගුවට ගත යුතු යැයි සමාජ මාධ්‍ය, දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීහු අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ඔස්සේ කරුණු පැහැදිළි කරන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තරයේ අවධාරණය කර සිටින්නේ "ලංකාදීප" පත්‍රය තමා උපුටා දක්වමින් පළ කර තිබෙන මේ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ පදනම් විරහිත වන අතර තමා එවැනි ප්‍රකාශයක් නොකළ බවය.

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතයේ අවදානම අවසන් වී ඇති බවට තමා ප්‍රකාශයක් නොකළ බවටත්,  "කොරෝනා අවදානම ඉවරයි" යන ශීර්ෂය යටතේ තමා උපුටා දක්වමින් "ලංකාදීප" පුවත්පත පළ කළ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවටත් විශේෂ ප්‍රකාශයක් කරමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්ම කරුණු පැහැදිළි කරනු ලැබ තිබෙන තත්ත්වය හමුවේ "ලංකාදීප" ප්‍රධාන කර්තෘ සිරිසේන රණසිංහ නැමැත්තා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ප්‍රධාන බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සියලු පාර්ශව විශේෂ අවධානයකින් යුතුව බලා සිටිති.

වෛද්‍ය, සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන් ද, ජනපති-අගමැති ප්‍රධාන දේශපාලන බල අධිකාරිය ද, ක්‍රියාත්මක කරමින් සිටින COVID-19 වසංගත මර්දන ජාතික මෙහෙයුමට බාධා එල්ල වන අයුරින් සිරිසේන රණසිංහ නැමැත්තා මෙම අතිශය සාවද්‍ය සහ සාපරාධී ප්‍රවෘත්තිය "ලංකාදීප" පුවත්පතේ පළ කරමින් මුළු ජන සමාජයම නොමඟ යැවීමට සවිඥානිකව ක්‍රියා කිරීමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට බරපතළ විවේචන  පළ වෙමින් පවතියි.

සිය "facebook" ගිණුම් සහ පිටු ඔස්සේ විවේචනාත්මක "Post" පළ කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බහුතරය කියා සිටින්නේ මෙම වසංගතය සම්බන්ධයෙන් කතා කරන විට වචනයක් වැරදුනත් සාමාන්‍ය මිනිසුන් අත්අඩංගුවට ගන්නවා වගේ, රටත්-ජනතාවත් මුළුමනින්ම නොමඟ යැවූ සිරිසේන රණසිංහ නැමැත්තා ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්අඩංගුවට ගත යුතු බවය.

එමෙන්ම රට ගිනි තබමින් ජනතාව නොමඟ යවන ජාතික යැයි කියා ගන්නා විද්‍යුත් කෝළම් මඩු සහ මුද්‍රිත කැලෑ පත්තර පඩංගුවලට ද, සමාජ මාධ්‍යවලට අදාළ නීති රීති එලෙසින්ම අදාළ විය යුතු බව ඔවුහූ වැඩි දුරටත් අවධාරණය කර සිටිති.

මේ අතර සිරිසේන රණසිංහ නැමැත්තාගේ මාධ්‍ය භාවිතයට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ සහ ඒ නිසාම ඔහුගේ දරුණු පළි ගැනීම්වලට ලක්ව සිටින, සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සේවය කරන මාධ්‍යවේදීන් ප්‍රධාන සේවක සේවිකාවන් පිරිසක් "lankanewsweek" සමග කියා සිටියේ, මාතර-දෙයියන්දර උපත ලැබූ සිරිසේන රණසිංහ නැමැත්තා හැමදාම කළේ සහ මේ වන විටත් කරමින් සිටින්නේ සිය දේශපාලන න්‍යාය පත්‍රය, වරදාන, වරප්‍රසාද සහ තමා අදහන දේශපාලන නායකයින්ගේ මනදොළ සපුරන කොන්ත්‍රාත් වෙනුවෙන් "ලංකාදීප" පත්‍රය ගණිකා වෘත්තියේ යොදවමින් රට ගිනි තබමින් ජනතාව නොමඟ යැවීම වන බවය.

එම පිරිස වැඩි දුරටත් කියා සිටියේ සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා "ලංකාදීප" පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා ලෙස තබා ගෙන සිටින සිරිසේන රණසිංහ නැමැත්තා පත්තර හොකම් කර අසු වී "ලේක්හවුස්" ආයතනයෙන් පන්නා දැම්ම මාධ්‍යවේදියෙකු වන බවය. 

මාතර,දෙයියන්දර සිරිසේන රණසිංහ නැමැත්තා "ලංකාදීප" පත්‍රයේ පළ කර ඇති මේ අතිශය සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දේශපාලන,සිවිල් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා සිය නිල "facebook" පිටුවේ තබා ඇති සටහන මෙසේය.

"අද ලංකාදීප සිරස්තල වුණේ "කොරෝනා අවදානම ඉවරයි" කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසු බවයි. ඒ ප්‍රකාශය වැරදි බව එතුමා විසින්ම අද ප්‍රකාශයක් කළා. කොරනා වසංගතය යම් තාක් ශ්‍රී ලංකාවේ පාලනය වී ඇත් නම් ඊට හේතුව මේ පනවා තියෙන ඇදිරි නිතිය සහ සමාජයට පැනවී ඇති සීමාවන්. නමුත් ඒ සිමාවන් ඉවත් කළොත් දැනට පාලනය වී ඇති වසංගතය නැවත සමාජය තුළ පැතිරෙනවා.

ඒ වගේම කොරෝනා රෝගය ගැන බොරු කීවාම මිනිස්සු හිරේ දානවා. දැන් පොලිස්පති තුමා මේ ගැන අවදානය යොමු කළ යුතුයි. මේ සාවද්‍ය පුවත ලියන ලංකාදීප පත්තරේ කර්තෘට ඒ නීතිය වලංගු නැද්ද..?   

 

Advertiesment