Monday 21st of September 2020

English Tamil
Advertiesment


කොරෝනා වෛරසයට ගොදුරු වූ තරු මෙන්න


2020-04-13 1690

මේ වන විට ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය හොලිවුඩයටද කර ඇති බලපෑම අති විශාලය. ලොව පුරා සිනමා ශාලා වසා දැමීමට පියවර ගෙන ඇති අතර චිත්‍රපට රූගත කිරීම් නවතා දමා ඇත' සැම රටක්ම පාහේ පවතින තත්ත්වය මර්දනය කිරීමට උත්සාහ කරමින් සිටින අවධියක පුද්ගලයන් නිරෝධානය වීමේ අවශ්‍යතාව පැන නැඟී තිබේ' මේ අතර පසුගිය සතියේ හොලිවුඩ් පුවත් ගෙන ආවේ සම්මානනීය හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිය කොරෝනා වෛරසයේ ගොදුරු බවට පත් වී ඇති බවයි.

63 හැවිරිදි ටොම් හෑන්ක්ස් සහ ඔහුග් බිරිය 47 හැවිරිදි රීටා විල්සන් ඔස්ට්‍රෙලියාවේදී රූගත කිරීමක් සඳහා සහභාගි වෙමින් සිටියදී මෙම තත්ත්වයට මුහුණු දී සිටී. එල්විස් ප්‍රෙස්ලි චරිතාපදානය ඔස්ට්‍රෙලියාවේදී රූගත කෙරෙමින් පැවති අතර ටොම් එහි ප්‍රෙස්ලිගේ කලමනාකරු කර්නල් ටොම් පාකර්ගේ චරිතයට පණ පොවමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දුන්නේය. හෑන්ක්ස් යුවලට කොරෝනා වෛරසය වෙනුවෙන් කළ පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ඔස්ට්‍රෙලියාවේ නිවසක නිරෝධායනය අඛණ්ඩව කරගෙන යන බව වාර්තා වේ' මේ වන විට ඔවුන්ගේ රෝගි තත්ත්වය සුව අතවට හැරෙමින් පවතින බවද වාර්තා වේ

බ්‍රිතාන්‍ය නළු අයිඩ්‍රිස් එල්බා ද කොරෝනා වෛරසය වෙනුවෙන් වූ පරීක්ෂණයෙන් වෛරසය ආසාධනය වූ බව දන්වා සිටී' 47 හැවිරිදි ඔහු මේ දක්වා කිසිදු රෝග තත්ත්වයක් පෙන්නුම් නොකළද තම නිවෙසේ රැා සිටින බව සිය ට්විටර් ගිණුම ඔස්සේ දැනුම් දුන්නේය'

බොන්ඩ් නිළියක වූ ඔල්ගා කුරලෙන්කෝද කොරෝනා වෛරසයේ ගොදුරක් වි ඇති බව ඇය දන්වා සිටී. මේ වන විට සතියක පමණ කාලයක් පුරා තමා ස්වයං නිරෝධානයට ලක් වී සිටින බවත් උණ සහ තෙහෙට්ටුව සිය ප්‍රධාන රෝග ලක්ෂණ බවත් ඇය පවසන්නීය' ට්විටර් ප‚වුඩයක් තබමින් හතළිස් හැවිරිදි ඔල්ගා පවසා සිටින්නේ. ඔබ ගැන සැලකිලිමත් වන්න. මෙය බැරෑරුම් ලෙස සලකන්නඣී‍ යනුවෙනුයි.

ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් සහ ද ෆියුස් ඔෆ් ද ෆියුරියස් චිත්‍රපටයේ චරිත නිරූපණය සඳහා ප්‍රසිද්ධ ක්‍රිස්ටෝෆර් හිව්ජු ද කොරෝනා වෛරස් ආසාදනයට ලක් වී ඇති බව පසුගිය සඳූදා සිය ඉන්ස්ටග්‍රම් ගිණුම ඔස්සේ නිවේදනය කළේය' 41 හැවිරිදි නෝර්වීජියානු නළුවා කියා සිටියේඣී තමා සහ තම පවුලේ සාමාජිකයන් තත්ත්වය යහපත් අතට පත්වන තෙක් හුදෙකලා වන බවයි' ඣී‍අපි හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිමු' මට ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාවේ මෘදු රෝග ලක්ෂණ පම‚' මෙම වෛරසය විනාශකාරී රෝග විනිශ්චයක් විය හැකි පුද්ගලයින් සඳහා වැඩි අවදානමක් ඇත' එබැවින් ඔබ සැවොම පරිස්සම් වෙන්න' වෛරසය පැතිරීම වැළැක්වීමට හැකි සෑම දෙයක්ම කරන්නඣී‍ යනුවෙන් ඔහුගේ සටහනේ දැක්වේ.

Frozen 2 චිත්‍රපටයේ හනිමරෙන්ගේ චරිතයට හඬ කැවූ විසිහය හැවිරිදි රේචල් මැතිව්ස් ද කොරෝනා වෛරසය ආසාදනයට ලක් වී නිරෝධානයට ලක් වී සිටින බව සිට ඉන්ස්ටග්‍රම් ගිණුම හරහා දන්වා සිටී' 19 හැවිරිදි ගායිකා චාලට් ලෝරන්ස් ද මෙම තත්ත්වයට මුහුණ දී සිටින බව පසුගිය අඟහරුවාදා ඉන්ස්ටග්‍රම් සටහනකින් තහවුරු කළාය' යුනිවර්සල් මියුසික්හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලූෂන් ගේ‍්‍රන්ජ් කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල් ගත කර තිබේ' හැරී පොටර් තරුව ඩැනියෙල් රැඩ්ක්ලිෆ්හටද කොරෝනා වෛසය ආසාදනය වී ඇති බවට පුවතක් වාර්තා විය' ව්‍යාජ බීබීසි ගිණුමක් ඔස්සේ මෙම පුවත වාර්තා වුණු අතර රැඩ්ක්ලිෆ්ඣී එය සත්‍ය පුවතක් නොවන බවට තහවුරු කළේය.

මේ අතර ජස්ටින් ටිම්බලේක් සහ වැනේසා හජෙන්ස් වෛරසයෙන් පීඩාවට ලක් වූවන් වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වී සිටී. ටිම්බලේක් සිය උපන් ගම වන ටෙනසිහි මෙම්ෆිස් වෙත ආහාර වෙනුවෙන් පරිත්‍යාග කර ඇති අතර වැනේසා ෆීඩිං අමෙරිකා සංවිධානය සමඟ එක් වී සමාජ සද්කාරයේ නියැළී සිටින්නීය' ඣී‍ මෙය අවදානම් සහගත කාලයකි' නමුත් මතක තබා ගන්නඣී අපි සියල්ලෝම එකට සිටිමු. කුඩා පරිමාණයෙන් පටන් ගෙන අවශ්‍යතා ඇති අයට ආහාර ලබාදීමෙන් ඔබේ ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහාය වන්නඣී‍ යනුවෙන් ටිම්බලේක් සිය ටිව්ටර් පිටුවට සටහනක් එක් කළේය' මේ අතර කොරෝනා වෛසරයේ බලපෑම හේතුවෙන් ඔස්කාර් සම්මානනීය නිළි එමා ස්ටෝන් සහ ඩේව් මැක්කරී සිය විවාහ මංගල්‍ය කල් දමීමට කටයුතු කළහ. පසුගිය දෙසැම්බර් මාසයේදී දෙදෙනා විවාහ ගිවිස ගැනීම පිළිබඳ ප්‍රකාශයට පත් කළ අතර පසුගිය සති අන්තයේ ලොස් ඇන්ජලීස්හිදි විවාහ උත්සවය පවත්වන්නට කටයුතු යොදා තිබුණි.

 

 

-සරසවිය- 

Advertiesment