පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප්‍රශ්නයක් ඇති නොවන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපියක් යවමින් මේ බව දැනුම් දී ඇත.
එම ලිපියේ තව දුරටත් මෙසේ ද සඳහන් වේ.
මහ මැතිවරණය මැයි මස 28 වැනිදා හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකි අතර ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බැවින් මැතිවරණ කොමිසමේ කටයුතුවලට මැදිහත්වීමට ජනාධිපතිවරයා අදහස් නොකරයි.
ජනාධිපති ලේකම් පී.බී . ජයසුන්දර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ලිපිය යවනු ලැබ ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මාර්තු මස 31 වැනිදා සහ අපේ‍්‍රල් මස 1 වැනිදා එවන ලද ලිපිවලට පිළිතුරු වශයෙනි.
ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යවන ලද ලිපිය මෙසේ ය.
Lanka Newsweek © 2021