Sunday 5th of July 2020

English Tamil
Advertiesment


කොරෝනා වෛරසයට නොදෙවෙනි ආර්ථික වෛරසයේ තරම මෙන්න 


2020-04-05 6153

කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනයා ආර්ථික වෛරසයට බිලි නොදෙමු

 

විදේශ විනිමය ආදායම 50%කින් ද රජයේ බදු ආදායම 50%කින් ද කඩා වැටිලා   

 

රට ගොඩනඟා ජනතාවට සහන දෙන්න පොදු ආර්ථික සැලැස්මක් ඔනෑ

 

කොරෝනාවෙන් මතු වූ ආර්ථික වෛරසය ගැන හිටපු අගමැතිගේ විග්‍රහය මෙන්න 

 

(සුජිත් මංගල ද සිල්වා)  

 

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථික වශයෙන් කඩා වැටෙමින් පවතින රට එම ආර්ථික අවපාතයෙන් සහ ප්‍රපාතයෙන් ගොඩගෙන, නඟා සිටුවමින් ජනතාවට සේම සියලු ක්ෂේත්‍රවලට සහන සැලසීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොදු ආර්ථික සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

මේ වසංගතය හේතුවෙන් උද්ගත වෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම 50%කින් සහ රජයේ බදු ආදායම 50%කින් අඩු වීමට නියමිත බරපතළ තත්ත්වය හමුවේ රටක් ජාතියක් ලෙස අප අදට වඩා බැරෑරුම් ලෙස හෙට ගැන සිතිය යුතු යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

මේ අභියෝගය ජය ගනිමින් රටේ ආර්ථික ගොඩනගා ජනතාවට වගේම සියලු ක්ෂේත්‍රවලට සහන සැලසීම සඳහා අනුගමනය කළ යුතු යෝජනා ගණනාවක් ද රජයට ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කර සිටින්නේ සිය නිල "facebook" පිටුව ඔස්සේ වීඩියෝවක් මුදාහරිමිනි.

CVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් පීඩා විඳින ජනතාව ආර්ථික වරසයෙනුත් පීඩාවට පත් නොකළ යුතු බව තමා සියලු වග කිව යුත්තන්ට අවධාරණයෙන් යුතුව කියා සිටින බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.  

 

Advertiesment