Sunday 5th of July 2020

English Tamil
Advertiesment


කොරෝනා විකුණන් කන සජිත්-ජලනි (SJB) අරමුදලට විරෝධය


2020-04-04 3049

ආගම්වාදීන්-ජාතිවාදීන් මෙහෙය වන SJB රටට පිළිලයක් 

 

සජිත් ප්‍රේමදාසට උපදෙස් දෙන අපතයා කවුදැයි ඕෂල හේරත් ප්‍රශ්න කරයි 

 

SJB අරමුදලට මහ සංඝ රත්නයේ විරෝධය 

 

වසංගත මර්දන ජාතික වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමක් 

 

වසංගතයෙන් පටු දේශපාලන වාසි ගනු එපා-මැතිවරණ කොමසාරිස් ඉල්ලයි

 

අරමුදලක් දැම්මේ ජනපතිවරණ ණය ගෙවා මහ මැතිවරණයට සල්ලි හොයන්න ද..?

 

(උපුල් බණ්ඩාර)    

 

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් මුළු රටම තැති ගෙන ජනතාව කම්පාවට පත්ව සිටින මොහොතක එමගින් පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්,උපමාන සහ මැතිවරණ නීති රීති උල්ලංඝණය කරමින් සමගි ජනතා බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිහිටුවා ඇති "ජනසුවය කොරෝනා අරමුදල" පක්ෂ විපක්ෂ වගේම සාමාන්‍ය ජනයාගේ ද දැඩි විරෝධය එල්ල වෙමින් පවතියි.

මේ මාරාන්තික වසංගතයට රටක්-ජාතියක් ලෙස මුහුණ දෙමින් ජනතාවට අවශ්‍ය සියලු සහන ද කෙසේ හෝ සැලසීම සඳහා රජය දේශපාලන පක්ෂ,ජාති සහ ආගම් භේදවලින් තොරව සියලු දෙනාම එකට ඒකරාශී කර "ජාතික අරමුදලක්" පිහිටුවා තිබියදී,ඊට ප්‍රතිපක්ෂව සජිත් ප්‍රේමදාස මහතා සිය සමගි ජනතා බලවේගය යටතේ පටු දේශපාලන අරමුණුවලින් යුතුව තවත් අරමුදලක් පිහිටුවීම මගින් සිදු වන්නේ වසංගත මර්දන ජාතික වැඩ පිළිවෙළ කඩාකප්පල් වී රටත්-ජනතාවත් තව තවත් අන්ත අසරණ වීම යැයි මහ සංඝ රත්නය අවධාරණය කරති.

සජිත් ප්‍රේමදාස මහතාගේ මේ අරමුදල හේතුවෙන් දේශපාලන පක්ෂ,පාට සහ රුචි අරුචිකම් අනුව මේ අරමුදල් දෙක අතර දෝලනය වෙමින් පරිත්‍යාගශීලීන් සිය මුල්‍ය වගේම ද්‍රව්‍ය ආධාර සැපයීමට පෙළඹුණොත් විශාල ප්‍රශ්නයක් වනු ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික දේශපාලන අරමුදලට බැර වන පරිත්‍යාගශීලීන්ගේ මුල්‍ය ආධාර ඒ අය කිනම් පදනමක් යටතේ කෙසේ කවුරුන් වෙනුවෙන් යොදා වනු ඇද්දැයි කිව නොහැකි බව කොළඹ,සේදවත්ත පුරාණ විහාරාධිපති සහ එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ජාතික සංවිධායක අඹන්පොළ ඥානාලෝක නා හිමියෝ "lankanewsweek" වෙත අවධාරණය කළහ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මුළුමහත් ජන සමාජයම ඉතාමත් කැපවීමකින් යුතුව COVID-19 වසංගතය පරාජය කිරීමට සටන් කරන මොහොතක එම වසංගතයෙන් මෙවැනි පටු දේශපාලන ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කිරීම යෝග්‍ය නොවන බවය.

එමනිසා දේශපාලන ප්‍රචාරක කටයුතුවලින් වැළකී COVID-19 පරාජය කිරීමට සකලවිධ වාද භේදවලින් තොරව,විශේෂයෙන් දේශපාලන ප්‍රවර්ධනවලින් තොරව සියලු දෙනා ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් පේනවා දෙයි.

මේ අතර ප්‍රකට දේශපාලන විචාරකයෙකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ආචාරය ඔෂල හේරත් මහතා සිය කාරණය සම්බන්ධයෙන් සිය නිල "facebook" පිටුවේ විශේෂ සටහනක් තබමින් මෙසේ සඳහන් කර ඇත.

"මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන වෙලාවක. මොකක්ද මේ සජිත් කරන්නේ..? දැන් කොරෝනා අරමුදලක් හැම පක්ෂයෙන්ම හදන්න ඕනෙද..? පාක්ෂිකයන් සල්ලි දෙන්න ඕනේ පක්ෂය හරහා සජිත්ගේ අත් දෙකෙන්ද? මේ සල්ලි එකතු කරලා කරන්නේ කොරෝනා දේශපාලනීකරණය කරන එක නෙවිද..? අන්තිමේට අහන්න තියෙන්නේ කවුද අප්පා සජිත්ට උපදෙස් දෙන අපතයා..."

මේ සම්බන්ධයෙන් "lankanewsweek" වෙත ප්‍රකාශයක් කරමින් එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි මහතා සඳහන් කළේ සජිත් ප්‍රේමදාස සහ සියලුම ජාතිවාදීන්ගෙන් ද,ආගම්වදීන්ගෙන් ද,ත්‍රස්තවාදී චෝදනා ලැබූ අන්තවාදීන්ගෙන් යුතු සමගි ජන බලවේගය COVID-19 මාරාන්තික වසංගතයටත් වඩා රටට-ජනතාවට පිළිලයක් වී ඇති බවය.

COVID-19 වසංගතය විකුණා ගෙන කෑමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතා,ජාතික අරමුදලට බාධා වන අයුරින් "කොරෝනා දේශපාලන අරමුදල" පිහිට වූයේ ජනාධිපතිවරණයේ දී ණය වූ රුපියල් ලක්ෂ 90 පියවා දැමීමට දැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියේය.    

Advertiesment