Wednesday 25th of November 2020

English Tamil
Advertiesment


මුස්ලිම් මරණවලින් ආගම්වාදය අවුස්සනු එපා-රනිල් මුස්ලිම් නායකයින්ට දැනුම් දෙයි 


2020-04-04 11186

වසංගතයකදී ක්‍රියා කළ යුත්තේ සෞඛ්‍ය-වෛද්‍ය උපදෙස් අනුව විතරයි 

 

ජාතිවාදයයි-ආගම්වාදයයි තවත් නම් එපා 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අනවශ්‍ය බලපෑම් එල්ල කිරීමෙන් වැළකී සිටින්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ද, සමස්ත ලංකා මහ ජන කොංග්‍රසයේ සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු සමස්ථ මුස්ලිම් දේශපාලන නායකයින්ට දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම මුස්ලිම් දේශපාලන නායකයින්ට මේ බව මුහුණටම දැනුම් දුන්නේ කොළඹ අරලියගම මන්දිරයේදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේදීය.

සමස්ථ ලංකා මහ ජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දින්,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් නායකයෙකු වන ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු සියලු මුස්ලිම් දේශපාලන නායකයින් වෙත පොදුවේ කරුණු පැහැදිළි කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ,රට පුරා මාරාන්තික වසංගතයක් පැතිර යන මේ අසීරු,භයානක සහ බරපතළ අවස්ථාවේ ක්‍රියා කළ යුතුව ඇත්තේ සෞඛ්‍ය අංශ සහ වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස් සහ නිර්දේශ අනුව පමණක් බවය. 

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ  අවසන් කටයුතු මුල් කර ගනිමින් රටේ ජාතිවාදී සහ ආගම්වාදී අර්බුදයක් ඇති නොකරන්නැයිද එම මුස්ලිම් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා ඇති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය උපෙදස් අභිභිවා ක්‍රියා කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකි සිටින්නැයි   එක්සත් ජාතික පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු,පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට වගේම ආසන සංවිධායකවරුන්ට ද නියෝග කර තිබේ.


 

Advertiesment